UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ඇඹිල්මීගම ශ්‍රී සාරිපුත්ත දහම් පාසල

ඇඹිල්මීගම ශ්‍රී සාරිපුත්ත දහම් පාසල

ඇඹිල්මීගම ගල්කැටිය පුරාණ විහාරස්ථානයට අනුබද්ධිතව 1979 අගෝස්තු මස 28 වන දින ආරම්භ වූ ශ්‍රී සාරිපුත්ත දහම් පාසල ප්‍රදේශයේ ජනපි‍්‍රය දහම් පාසල් අතුරින් එකකි.


ප්‍රධානාචාර්ය විගුහුම්පොල චන්දානන්ද නා හිමි සමඟ ආචාර්ය මණ්ඩලය

එවකට යටිනුවර ශාසනාරක්‍ෂක බල මණ්ඩලයේ ලේඛකාධිකාරී ධුරය හෙබවූ අපවත් වී වදාළ කහගල ධම්මරක්‍ෂිත නා හිමි ගේ ප්‍රධානත්වයෙන් මෙම දහම් පාසලේ නිර්මාතෘවරයාණන් වහන්සේ වන ගල්කැටිය පුරාණ විහාරාධිපති (ප්‍රධානාචාර්ය) විගුහුම්පල චන්දානන්ද හිමියන්ගේ අනුශාසකත්වයෙන් සහ දායක සභාවේ කේ.එම්. තිලකරත්න බණ්ඩා මහතා ඇතුළු දායක කාරකාදීන්ගේ සහභාගිත්වයෙන් මෙම දහම් පාසල ආරම්භ කරන ලදී. යහගුණයෙන් සපිරි දරු පරපුරක් සමාජයට දායාද කරමින් දිනෙන් දින දියුණුවේ මංපෙත් කරා ගමන් කරන මෙම දහම් පාසල ආදර්ශවත් ය. මෙහි ප්‍රධානාචාර්ය ධුරය හොබවමින් දහම් පාසලේ දියුණුවට ඉමහත් සේවාවක් ඉටු කරනු ලබන විහාරාධිපති විගුහුම්පොල චන්දානන්ද හිමියන්ට ආචාර්ය මණ්ඩලයට ප්‍රණාමය හිමිවිය යුතු ය. දහම් පාසල් ප්‍රාදේශීය නිපුණතා තරග සඳහා ඉදිරිපත් වන සිසුවෝ විශිෂ්ට දස්කම් දක්වති. ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ හා ගුවන් විදුලි සංස්ථාවේ බෝසත් වැඩසටහන් සඳහා ඉදිරිපත්වී සිසු සිසුවියන් දස්කම් දක්වා ඇත. දැනට සිසුන් 180ක් පමණ මෙම දහම් පාසලේ අධ්‍යාපනය ලබන අතර දහම් පාසලට අනුබද්ධිතව දහම් පාසල් ශිෂ්‍ය සංගමයද දහම් පාසල් සංවර්ධන සමිතියද පවත්වාගෙන යනු ලබයි. එමෙන්ම සිසුන්ගේ දැනුම වර්ධනය කිරීමේ අදිටනින් දහම් පාසල් පුස්තකාලයක් ද ක්‍රමානුකූලව පවත්වාගෙන යනු ලැබේ. තවද පොහෝදින සහ විශේෂිත දින ආවරණය වන පරිදි සැකසුණු වැඩසටහන් මාලාවක් සෑම වසරකම ක්‍රියාත්මක කිරීම විශේෂයෙන් සටහන් තැබිය යුතු ය. චිත්‍ර සහ අත්කම් ප්‍රදර්ශන, දහම් දැනුම තරග ශීල සමාදාන, ශ්‍රමදාන, අධ්‍යාපන චාරිකා, ක්‍ෂේත්‍ර චාරිකා විශේෂ තැනක් ගනී. තවද සමාජ සේවයට කැප වූ ආදර්ශවත් ඇඳුරු මඬුල්ලේ විශිෂ්ට සේවය දහම් පාසලේ වත්මන් සංවර්ධනයට බෙහෙවින් බලපා ඇත.

දහම් පාසලේ අභිවෘද්ධිය නිතර අගැයන මෙම ඇඳුරු මඬුල්ල දූ පුතුන් ලද භාග්‍යයකි. මෙහි ක්‍රියාත්මක වන විවිධ වැඩසටහන් වලදී දෙමාපිය සහයෝගය ද ඉතා ඉහළ මට්ටමකින් පැවැතීම වත්මන් සංවර්ධනයට සුවිශේෂී දායකත්වයකි. ප්‍රදේශයට දහම් ආලෝකය උදා කරන ඇඹිල්මීගම ශ්‍රී සාරිපුත්ත දහම් පාසල ප්‍රදේශයේ ජනපි‍්‍රයතම දහම් පාසල බවට පත්වේවා’යි අපගේ ප්‍රාර්ථනයයි.



දහම් පාසල් සිසු සිසුවියන්ගෙන් කොටසක්

 

 

 

ඉල් අව අටවක පෝය

ඉල් අව අටවක පෝය නොවැම්බර් මස 25 වැනි දා සඳුදා අපරභාග 12.00 ට ලබයි.
26 වැනි දා අඟහරුවාදා අපරභාග 01.43 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම නොවැම්බර් 25 වැනි දා සඳුදා ය.

මීළඟ පෝය
දෙසැම්බර් 02 වැනිදා සඳුදා ය.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

නොවැම්බර් 25

New Moonඅමාවක

දෙසැම්බර් 02

First Quarterපුර අටවක

දෙසැම්බර් 09

Full Moonපසෙලාස්වක

දෙසැම්බර් 16


2013 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]