UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

බුද්ධ ධර්මය -2013 දෙසැම්බර් අ.පො.ස. (සාමාන්‍ය පෙළ) විභාගයයට අදාළව බුද්ධ ධර්මය ආදර්ශ ප්‍රශ්නෝත්තර

බුද්ධ ධර්මය

2013 දෙසැම්බර් අ.පො.ස. (සාමාන්‍ය පෙළ) විභාගයයට අදාළව බුද්ධ ධර්මය ආදර්ශ ප්‍රශ්නෝත්තර (පෙළ පොත ඇසුරෙනි)

1 – 10 දක්වා ඇති ප්‍රශ්නවලට කෙටි පිළිතුරු සපයන්න

1.නිවන් දැකීම සඳහා පිරිය යුතු පාරමිතා ගණන 10 කි. යම් පින්කමක් පාරමිතාවක් වීම සඳහා අවශ්‍ය කරන අංග 5 කි. ඒවා මොනවාද?

2.මිහිඳු මහ රහතන් වහන්සේ ශ්‍රී‍්‍ර ලාංකිකයන්ට දායාද කර දුන් පුද සිරිත් අතර ත්‍රිවිධ චෛත්‍යය වන්දනාව ද වැදගත් තැනක් ගනී. එම ත්‍රිවිධ චෛත්‍යය වන්දනාවේ අනුපිළිවෙළ ක්‍රමය ලියන්න.

3.පුද්ගල හා සමාජ සංවර්ධනයේ මූලිකම ඒකකය වශයෙන් සලකනු ලබන්නේ පවුල ය. එකී පවුල් සංස්ථාව තුළ ඇතිවන ගැටුම්කාරී තත්ත්වයන් සමනය කර ගැනීමට අවශ්‍ය උපදෙස් පෙන්වා දෙන බෞද්ධ සූත්‍ර දේශනාවේ නම ලියන්න.

4. “මහණෙනි, මෙසේ දුප්පතුන්ට ධනය නොදෙන කල්හි දිළිඳුකම වැඩි වේ. දිළිඳුකම වැඩිවීම නිසා සොරකම වැඩි වේ. සොරකම නිසා අවි ආයුධ බහුල වේ. අවි ආයුධ බහුල වීම නිසා ප්‍රාණඝාතය ඇතිවේ.” යනාදි පටිච්ච සමුප්පාද න්‍යාය විස්තර වන සූත්‍ර දේශනාවේ නම කුමක් ද?

5.සමාජය දස අකුසල් වලින් අපිරිසුදුව පවතිද්දී අපි ඒවායින් වැළකී සිටින්නෙමු යැ’යි අදිටන් කරගෙන එම දුසිරිත් දැක දැකත් ඒ වටා ගොදුරු නොවී පිරිසුදු සිතින් වාසය කිරීම හඳුන්වන ප්‍රතිපදාව කුමක් ද?

6.බුදුරජාණන් වහන්සේ දේශනා කර ඇති බෞද්ධ පාලන ධර්ම වලින් මුලින්ම දානය ඇතුළත් කර දේශනා කළ රාජ්‍ය පාලනය පිළිබඳ බෞද්ධ ප්‍රතිපත්තිය කුමක් ද?

7.නිවන් දැකීම සඳහා අවශ්‍ය වන්නේ මධ්‍යම ප්‍රතිපදා මාර්ගයයි. එහි මාර්ගාංග අනුව අටකි. (8) දක්වා තිබේ. ඒවා අතුරින් ප්‍රඥාවට ඇතුළත් වන මාර්ගාංග නම් කරන්න

8.කර්මය පිළිබඳව ලෝවැඩ සඟරා කතුවරයා එම ග්‍රන්ථයෙහි මෙසේ දක්වයි.

පස් පව් කොට මෙතනත් ලැබ ශෝකය
ගොස් නිරයේ දුක් විඳිති අනේකය

..........................................................................................................................

...........................................................................................................................

මෙම කවියේ ඉතිරි පද 2 සම්පූර්ණ කරන්න

9 .රාජ්‍ය පාලන ධර්මයක් මෙන්ම සමාජ සංවර්ධනයට ඉමහත් බලපෑමක් ඇති කරන සතර සංග්‍රහ වස්තූන් ඇතුළත් සූත්‍ර දේශනාවේ නම කුමක් ද?

10.අධාර්මිකව ධනය ඉපයීම බුදු සමය කෙසේවත් අනුමත නො කරයි. අධාර්මික වෙළෙඳාම් පිළිබඳ කරුණු දක්වන බුදුරජාණන් වහන්සේ නො කළ යුතු වැරැදි වෙළෙඳාම් පහක් (5) දක්වා ඇත. ඒවා නම් කරන්න.

පිළිතුරු

1. තෘෂ්ණාවෙන් තොර බව, මානයෙන් තොර බව, වැරැදි දෘෂ්ටියෙන් තොර බව, කරුණාවෙන් යුක්ත බව, උපාය කුසලතාව

2. චෛත්‍ය, බෝධිය, බුද්ධ ප්‍රතිමාව

3. සිඟාලෝවාද සූත්‍රය

4. දීඝ නිකායේ චක්කවත්තී සීහනාද සූත්‍රය

5. සල්ලේඛ ප්‍රතිපදාව

6. දස රාජ ධර්ම

7. සම්මා දිට්ඨි

සම්මා සංකප්ප

8.රැස් කොට ඉන් පින් මෙ මිනිස් ලෝකය

හිස් නොකරව් කලකින් ලත් මේ කය

9.චක්කවත්තී සීහනාද සූත්‍රය

10. සත්ත්ව වෙළෙඳාම, වහල් වෙළෙඳාම,අවි ආයුධ වෙළෙඳාම, මත් ද්‍රව්‍ය වෙළෙඳාම, මස් මාංශ වෙළෙඳාම

1-2 ප්‍රශ්න

2. “ බුදුරජාණන් වහන්සේ ලොව පහළ වූ ශ්‍රේෂ්ඨතම ශාස්තෘවරයාණන් වහන්සේ ය.

උන්වහන්සේගේ අනන්ත අප්‍රමාණ ගුණ සමුදාය සමකාලීන හා පසුකාලීන අයගේ වර්ණනාවට ලක් විය.’

1.උන්වහන්සේ පිළිබඳව වර්ණනා කළ පසුකාලීන වියතුන් දෙදෙනෙකුගේ නම් ලියන්න.
(ලකුණූ 02 යි)

2.එම දෙදෙනා බුදුරදුන් වර්ණනා කළ අයුරු ලියා දක්වන්න (ලකුණු 03 යි)

3.ලෝකයේ පහළ වූ ශ්‍රේෂ්ඨතම ශාස්තෘවරයාණන් වහන්සේ බුදුරජාණන් වහන්සේ බව උන්වහන්සේගේ ගුණ සමුදාය ඇසුරින් පැහැදිලි කරන්න. (ලකුණු 05 යි)

පිළිතුරු

1.ශ්‍රීමත් එඩ්වින් ආර්නෝල්ඩ් සහ එච්.ජී. වේල්ස් පඬිවරයා ය

2.ආසියාවේ ආලෝකය නැමති ග්‍රන්ථය රචනා කරමින් ඔහු පවසා ඇත්තේ “මිනිස් පරපුර නමැති වෘක්ෂයේ අපමණ කලකට පසුව පිපෙන පිපුනාට පසුව ප්‍රඥා සුගන්ධයෙන් හා කරුණා මකරන්ධයෙන් ලෝකය පුරවන අසාමාන්‍ය පුෂ්පය බුදුරජාණන් වහන්සේ ය”

ලෝක ප්‍රසිද්ධ ඉතිහාසඥ හා ලේඛක එච්.ජී. වේල්ස් පඬිවරයා ප්‍රකාශ කරන්නේ “ප්‍රඥා ලොවක් කරා තනිව සන්නද්ධ ව සරල දිවි මඟක පිය නඟන බැතිබර හා ප්‍රභාෂ්වර පෞර්ෂයකින් පිරිපුන් නියම මිනිසෙකු මම දකිමි. අත්භූත මිථ්‍යා කථා රැසක් අතුරින් මතුව පෙනෙන එතුමාණන් සැබෑ මිනිසෙකු බැව් වැටහෙයි. ජීවිතයේ දුක් දොම්නස් හා අතෘප්තිකර භවයන්, ආත්මාර්ථකාමීත්වය නිසාම හට ගැනෙන බැව් උන්වහන්සේ වදාළහ” යනුවෙනි.

3. ලෝකයේ පහළ වූ ශ්‍රේෂ්ඨතම ශාස්තෘවරයාණන් වහන්සේ ලොව්තුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේ බව මෙම පඬිවරුන්ගේ ප්‍රකාශන වලින් පැහැදිලි වන අතර උන්වහන්සේ රහසින්වත් පව් නොකළ සේක. කරුණාවන්ත බව, මෛත්‍රිය දැක්වීම, පරාර්ථකාමීත්වය ද බුදුරජාණන් වහන්සේ සතු වූ සුවිශේෂි ගුණාංගයන් වේ. ගිහිකල සියලු ලෞකික සැප සම්පතින් ආඪ්‍ය වු රාජකුමාරයෙක්ව සිට ගිහි ගෙය අතහැර සියලුම සත්වයන්ට යහපත සලසාදීම පිණිසම ක්‍රියා කළහ.

පැවිදිව මිනිසෙකු වශයෙන් ලබා ගත හැකි උපරිම ඥානය වූ “ ‘බුද්ධ ඥානය’ ලබාගෙන තුන්ලෝකයටම අග්‍ර වූ සේක. එයින්ම බුදුරදුන් ලොව පහළ වූ ශ්‍රේෂ්ඨතම ශාස්තෘවරයාණන් බව පැහැදිලි වේ. මුළු ජීවිත කාලය පුරාම ලෝකයාට යහපත සලසාලු උන්වහන්සේ කිසිදු ලාබ ප්‍රයෝජනයක් නොවී ය. ඒ කිසිදු ලාබ ප්‍රයෝජනයක් බලාපොරොත්තුවෙන් නොවීය. අන් ශාස්තෘන් තම අනුගාමිකයන්ට සීමා පනවා තමා වෙතම රඳවා ගෙන කටයුතු කරද්දී උන්වහන්සේ තම අනුගාමිකයන්ට නිදහස් චින්තනය සඳහා අවස්ථාව ලබා දී කටයුතු කළහ.

සෝණදණ්ඩ නම් බුද්ධ කාලීන බ්‍රාහ්මණයා බුදුරජාණන් වහන්සේ සතු වූ බාහිර ඇවැතුම් පැවතුම් කීපයක් ප්‍රකාශ කරමින් උන්වහන්සේ වර්ණනා කළහ. එනම්, “පරිවාර සම්පත් හැරදමා පැවදි වීම,රූමත් බව,ශ්‍රේෂ්ඨ ආචාර්යවරයෙකු බව, කාමාශ දුරු කළ බව, ධනය අත් හැරීම යන ගුණයන් තුළින් ප්‍රකට වන්නේ උන්වහන්සේ ගේ “යථාවාදී තථාකාරී” වූ උන්වහන්සේ ලෝකයාට අර්ථයක්ම සැලසූහ.බාහිර හා අභ්‍යන්තර ඇවතුම්, පැවතුම්, උන්වහන්සේ සතුව පැවති මෙම ලක්‍ෂණයන් නිසා බුද්ධ කාලීන හා පසුකාලීන වියතුන් උන්වහන්සේගේ ශ්‍රේෂ්ඨත්වය අගැයුමට ලක් කොට තිබේ.

 

නිකිණි අව අටවක පෝය

නිකිණි අව අටවක පෝය අගෝස්තු මස 28 වැනි දා බදාදා පූර්ව භාග 02.09 ට ලබයි.
29 වැනි දා බ්‍රහස්පතින්දා පූර්වභාග 04.12 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම අගෝස්තු මස 28 වැනිදා බදාදා ය.

මීළඟ පෝය සැප්තැම්බර් 04 වැනි දා බදාදා ය.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

අගෝස්තු 28‍

New Moonඅමාවක

සැප්තැම්බර් 04

First Quarterපුර අටවක

සැප්තැම්බර් 12

Full Moonපසෙලාස්වක

සැප්තැම්බර් 19


2013 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2013 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]