UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

සේමගේ සිතුවමින් වර්ණවත් වන දිවුල්පිටිය පුරාණ විහාරය

සේමගේ සිතුවමින් වර්ණවත් වන දිවුල්පිටිය පුරාණ විහාරය

අද ශ්‍රී ලංකාවේ වෙසෙන මුල්පෙළේ චිත්‍ර ශිල්පියකු වන ජයසිරි සේමගේ බෞද්ධ චිත්‍ර කලාව ගැන මනා දැනුමක් ඇති අයෙකි, බහුතරයක් සිතුවම්හි ‘බෞද්ධ මුහුණුවරක්’ ඇති ‘කලාසූරී’ ජයසිරි සේමගේ අතින් නිර්මාණය වන විහාරයක් ශ්‍රී ලංකාවේ ඇත්නම්, බෞද්ධ ඒක පුද්ගල චිත්‍ර ප්‍රදර්ශනයක රසවිඳීමක් කළ හැකි තරමට පත්වෙනවා නො අනුමාන යි.

බොරලැස්ගමුව දිවුල්පිටියේ ශ්‍රී මහා බෝධිරාජාරාම පුරාණ විහාරයෙහි මුළුමණින්ම බෞද්ධ සිතුවම් නිර්මාණය කිරීමේ කාර්යය මේ දිනවල ‘කලාසූරී’ ජයසිරි සේමගේ විසින් කරගෙන යමින් පවතී. සේමගේ ගේ චිත්‍ර ශෛලියය ගැන අමුතු හැඳින්වීමක් අවශ්‍ය නැතැයි සිතමි. සීගිරි – අජන්තා චිත්‍ර ශෛලියයේ ආභාෂය ලබමින්, ඉපැරණි ජාතික චිත්‍ර සම්ප්‍රදාය මිශ්‍ර රිද්මයානුකූල, ලාලිත්‍යයෙන් ගොඩනඟාගත් චිත්‍ර ශෛලීයය, ශ්‍රී ලංකාවේ පමණක් නොව මුළු මහත් ලෝකයේම කලා රසිකයන්ගේ ගෞරවයට පාත්‍ර වී ඇත. ඔහුගේ ‘අත්සන’ නැතිව හෝ මෙය සේමගේ ගේ චිත්‍රයක් යැයි හඳුනා ගැනීමට තරම් ශ්‍රී ලංකා කලා රසිකයන්ට පුළුවන. සේමගේ චිත්‍ර ශෛලියයෙන් ප්‍රථම වරට විශාල තම විහාරමන්දිරයක් හැඩ වෙන ප්‍රථම අවස්ථාව ද මෙයයි. එම විහාරයේ විහාරාධිපති ඕකන්දයායේ බුද්ධසිරි ස්වාමීන් වහන්සේගේ උපදෙස් පරිදි බුදුරදුන් දොළොස් මහේ ලක්දිවට වැඩමූ අවස්ථා මෙන්ම දසපාරමිතා සිතුවම් ද ඉතා දැකුම්කළු අන්දමට චිත්‍රයට නගනු ඇත. ඉපැරණි දඹුලු ලෙනේ හා ඉපැරණි විහාරයන්හි ඇති, නෙළුම්මල් රටාවෙන් ද, හංසරූප පලාපෙති හා පැරණි ලියවැල් රටාවෙන් ද සැරසිලි රටාවෙන් මුළු විහාරයම අලංකාර කරනු ඇත.

ජයසිරි සේමගේ ශිල්පියාගේ බිතුසිතුවම් ලෝකයේ විහාර කීපයකම නිර්මාණය වී ඇතත් ප්‍රධාන තැනක් ගනු ලබන්නේ සිංගප්පූරුවේ ‘මංගල’ විහාරයේ පුරා අවුරුද්දක් පමණ කාලයක් ගත කර නිමකර ඇති බිතුසිතුවම් ය. එමෙන්ම එම රටේම මෑන් ෆැට්ලාම් නමැති චීන විහාරය සඳහාද ස්ථිරවම තැන්පත් කිරීම සඳහා ඇති ‘පස්වග මහණුන්ට දහම් දෙසීමේ’ චිත්‍රයද කාගේත් ප්‍රසංශාවට ලක්වී ඇත.

මෑතකදී බුදුන් උපන් රටවන නේපාලයේ ලුම්බිණියේ ශ්‍රී ලංකා විහාරයේ ඇඳ ඇති බිතු සිතුවම්, ඉන්දියාවේ අජන්තාවේ ඇති සිතුවම් සිහි ගන්වයි. දෙහිවල ශ්‍රී පියරතනාරාමයේ ඇඳ ඇති අග්‍රමහාශ්‍රාවක සිතුවම් ද සේමගේ ශිල්පියාගේ දස්කම් දක්වන තවත් විහාරයකි.

පාසල් වියෙහිදීම ‘බෞද්ධ චිත්‍ර කලාව‘ ගැන මහත් උනන්දුවක් දැක් වූ සේමගේ හාපුරා කියා පාසල් වියෙහිදීම කලා සම්මානයක් ලබා ගත්තේ තමා විසින් ප්‍රදර්ශනයක් සඳහා ඉදිරිපත් කළ ‘බුදු සිරිත’ නමැති චිත්‍රයටයි. 1995 දී ප්‍රථම වරට මැලේසියාවේ චිත්‍ර ප්‍රදර්ශනයක් සඳහා එම රටට පැමිණි සේමගේ එහිදී ද ‘බෞද්ධ’ චිත්‍ර ප්‍රදර්ශනයක් පවත්වා, එම සංචාරයේදී සිංගප්පුරුවේ කුඩාවට පිහිටි ‘මංගල’ විහාරයේත් ක්වාලාලම්පූර් නුවර බෞද්ධ විහාරයේත්, පිනැංග් නුවර බෞද්ධ විහාරයේත් බෞද්ධ සිතුවම් නිර්මාණය කිරීමට අවස්ථාවක් ලැබිණ. මහජන බැංකුවේ මූලස්ථාන ශාඛාවේ ‘බෞද්ධ මන්දිරයේ ස්ථිරව ඇඳ ඇති බෞද්ධ සිතුවම් කීපය අදත් මහජනතාවට නැරඹීමට හැක.

වෙසක් සමයන් තුළ දී ඉදිවෙන වෙසක් තොරණට නව මුහුණුවරකින් ඉදිරිපත් කිරීම නිසා වෙසක් තොරණට ද ලැබෙනුයේ විශේෂ තැනකි. ජපානයේ ඉදිකළ යමාමහ ප්‍රාතිහාර්යය දැක්වූ තොරණ ද මීට කදිම නිදසුනෙකි.

 

නිකිණි අව අටවක පෝය

නිකිණි අව අටවක පෝය අගෝස්තු මස 28 වැනි දා බදාදා පූර්ව භාග 02.09 ට ලබයි.
29 වැනි දා බ්‍රහස්පතින්දා පූර්වභාග 04.12 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම අගෝස්තු මස 28 වැනිදා බදාදා ය.

මීළඟ පෝය සැප්තැම්බර් 04 වැනි දා බදාදා ය.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

අගෝස්තු 28‍

New Moonඅමාවක

සැප්තැම්බර් 04

First Quarterපුර අටවක

සැප්තැම්බර් 12

Full Moonපසෙලාස්වක

සැප්තැම්බර් 19


2013 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2013 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]