UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

පානදුර මහා වාදයට වසර 140 ක් සපිරුණු වගයි

පානදුර මහා වාදයට වසර 140 ක් සපිරුණු වගයි

බ්‍රිතාන්‍ය යුගයේ දී බුද්ධාගම අබිං යයි පවසමින් අප රටේ බෞද්ධයින්ට විරුද්ධව මිෂනාරින් විසින් ඇරඹූ සටන වාදීභසිංහ මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමිපාණන් ප්‍රධාන මහා සංඝරත්නය විසින් පරාජයට පත් කළේ වර්ෂ 1873 දී ය. අගෝස්තු මස 24 සහ 26 වැනි දින පානදුර රන්කොත් විහාරස්ථානයට නුදුරුව පිහිටා තිබුණ දොඹ ගස්වත්ත නැමැති පොල් රුප්පාවේ දෙපාර්ශවය අතර මහා වාදයක් පැවැත්විණි. මෙය පානදුර, මහා වාදය නම් විය. පානදුරාවාදයට මූලික වූයේ පානදුර වෙස්ලියන් දේවස්ථානයේ අධිපති එම පල්ලියේදී බුද්ධධර්මය විවේචනයට ලක් කරමින් පැවැත්වූ දේශනයක් ය.


මිෂනාරී දේවස්ථානය

ඔහු කළ අභියෝගය පිළිගත්තේ කොටහේනේ දීපදුත්තමාරාමාධිපති පූජ්‍ය මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමිපාණන් විසිනි. බෞද්ධ පක්‍ෂය වෙනුවෙන් මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමි හික්කඩුවේ ශ්‍රී සුමංගල හිමි, වැලිගම සුමංගල හිමි, රන්කොත් විහාරාධිපති ගුණරත්න හිමි, වස්කඩුවේ සුභූති නා හිමි මෙම වාදයේ කථිකයෝ වූහ.

මිෂනාරී වරුන් ගේ කණ්ඩායමේ නායකත්වය උසුලක ලද්දේ පානදුරේ වෙස්ලියන් දේවස්ථානයේ අධිපති දාවිත් ද සිල්වා දේවගැති තුමා, සුවාරිස් ගුණවර්ධන, ඇප් එස්. සිරිමාන්න දේවගැතිතුමා සහ විජාතික දේවගැති වරයකු ය. දින දෙකක් පැවැති විවාදය අවසාන වෙත්ම ඇතිවූ කලබැගෑනිය පාලනය කිරීමට පොලිස් නිලධාරීහු 14 දෙනෙක් ගෙන් සමන්විත කණ්ඩායමක් ක්‍රියා කළහ.

වාදයේ ජයග්‍රහණය, කණ්ඩායම් දෙකින් එකකටවත් හිමි නොවූ අතර පොලීසිය විසින් පැමිණ සිටි පිරිස විසුරුවා හරින ලදී.


පානදුර නගරයේ ඉදි කර ඇති මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමි පිළිරුව

මෙම වාදය පිළිබඳ තොරතුරු දැනගත් ඇමෙරිකන් ජාතික කර්නල් හෙන්රි ඕල්කට්තුමා හා බිරිඳ ලංකාවට පැමිණ පානදුර රන්කොත් විහාරාධිපති පූජ්‍ය ගුණරතන හිමියන් හමුවී වැඩි විස්තර ලබාගත්හ. එම තොරතුරු ගැන සෑහීමකට පත්වූ ඕල්කට්තුමා එවකට අප රටේ ජීවත්වූ ජාති හිතෛෂීන් වූ දොන් කරෝලිස් හේවාවිතාරණ, ධර්ම ගුණවර්ධන, මිගෙට්ටුවත්තේ ගුණානන්ද, වැලිගම සුමංගල , හික්කඩුවේ සුමංගල හිමිවරුන් හමුවී ලංකාවේ බෞද්ධයන් සඳහා බෞද්ධ කොඩියක් නිර්මාණය කිරීමේ කටයුතු ආරම්භ කළේ ය. කරෝලිස් පූජිත ගුණවර්ධන මහතා විසින් නිර්මාණය කර ආරක්‍ෂක කමිටු රැස්වීමට ඉදිරිපත් කළ ෂඩ් වර්ණ බෞද්ධ කොඩිය ශ්‍රී ලංකාවේ බෞද්ධයන්ගේ බෞද්ධ කොඩිය බවට අනුමත විය.

එම ෂඩ්වර්ණ බෞද්ධ කොඩිය වාදිභසිංහ මිගෙට්ටුවත්තේ ගුණානන්ද මාහිමිපාණන් විසින් උන්වහන්සේ වැඩ සිටි කොටහේනේ දීපදුත්තමාරාම විහාරස්ථානයේදී ඔසවන ලද්දේ වර්ෂ 1885 අප්‍රියෙල් 28 වෙනිදා පැවැති වෙසක් පුන් පොහෝ දිනයේ දී බව සඳහන්වේ. මෙම ජාති හිතෛෂී බෞද්ධ නායකයන් විසින් බ්‍රිතාන්‍ය රජයෙන් කළ ඉල්ලීම නිසා වෙසක් පොහොය දිනය රජයේ නිවාඩු දිනයක් ලෙස නම් කරමින් ගැසට් නිවේදනයක් බ්‍රිතාන්‍ය රජය නිකුත් කළේ වර්ෂ 1885 අප්‍රියෙල් 28 වෙනිදා ය.

අනගාරික ධර්මපාල තුමා ඉන්දියාවේ බුද්ධගයා විහාර භූමියේ දී අප රටේ බෞද්ධ කොඩිය ඔසවන ලද්දේ 1891 ඇසළ පොහෝ දිනක බව සඳහන් වේ.

පානදුර රාජ්‍ය සේවා සහ පලාත් පාලන බෞද්ධ සංගමයේ සභාපති සාම විනිසුරු පී. ඩී. ඇම් දිනේෂ් මහතා ප්‍රධාන නිලධාරි මණ්ඩලය ඇරඹූ සටන නිසා එවකට පැවති රජයේ ස්වදේශ කටයුතු අමාත්‍යාංශය ගැසට් නිවේදනයක් නිකුත් කරමින් සෑම මාසයක පුර පසළොස්වක පොහොය දිනය රජයේ නිවාඩු දිනයක් බවට පත් කෙරුණි.

 

 

 

නිකිණි අව අටවක පෝය

නිකිණි අව අටවක පෝය අගෝස්තු මස 28 වැනි දා බදාදා පූර්ව භාග 02.09 ට ලබයි.
29 වැනි දා බ්‍රහස්පතින්දා පූර්වභාග 04.12 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම අගෝස්තු මස 28 වැනිදා බදාදා ය.

මීළඟ පෝය සැප්තැම්බර් 04 වැනි දා බදාදා ය.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

අගෝස්තු 28‍

New Moonඅමාවක

සැප්තැම්බර් 04

First Quarterපුර අටවක

සැප්තැම්බර් 12

Full Moonපසෙලාස්වක

සැප්තැම්බර් 19


2013 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2013 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]