UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

මහවිලච්චිය බෝධි ප්‍රාකාරය විවෘත කිරීම පෝදා

අනුරාධපුර මහවිලච්චිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් උළුක්කුලම නම් කුඩා ගම් පියසෙහි 1985 වර්ෂයේ මැද භාගයේදී ශ්‍රී සම්බෝධි විහාරය නමින් කුඩා පන්සලක් ආරම්භ කරන ලදී.

ඉතිරිය»

ගිහි පැවිදි සබඳතාවය තහවුරු කරන නිකිණි පෝය

උප වසථ උපෝසථ යනුවෙන් වස ධාතුවට උප යන උපසර්ගය එක්වීමෙන් උපෝසථ යන වචනය සෑදී ඇත. එහි තේරුම ළඟ වාසය කිරීම යන්න යි. එයින් කියැවෙන්නේ දෙවියන් ළඟ වාසය කිරීම යනුයි. වෛදික යුගයේදී බ්‍රාහ්මණයෝ පවා උපෝසථ දිනවලදී දෙවියන් මිනිසුන් ළඟට පැමිණෙන බව විශ්වාස කළහ. එනිසා බමුණෝ උපෝසථ දිනයන්හි ශුද්ධ ස්ථානයන්හි ගත කළහ. ත්‍රිපිටක ධර්මයෙහි ද පොහෝ දිනයන්හි සතර වරන් දෙවිවරු පින් කරණ මනුෂ්‍යයන් සොයා බැලීම පිණිස පැමිණෙන බව සංයුත්ත නිකායෙහි දේවතා සංයුත්තයේ දක්වා ඇත.

ඉතිරිය»

ධර්ම දේශනාව:

සත්වයාට දායාද වන කර්මය

දිනක් බුදුන්, වහන්සේ කරා පැමිණි සුබ නම් තරුණයෙක් උන්වහන්සේ සමඟ සාකච්ඡා කරමින් එකම ලෝක සමාජයෙහි මිනිසුන් අතර පහත්, උසස්, අඩු ආයු ඇති, වැඩි ආයු ඇති,අවලස්සන, ලස්සන, ලෙඩ රෝග අඩු, ලෙඩ රෝග වැඩි, දුක්විඳින, සැප විඳින, අල්පේශාක්‍ය,මහේශාක්‍ය ආදි වශයෙන් බෙදීම් වෙනස්කම් ඇතිවීමට හේතුකාරණා කවරේදැයි විමසීය. එයට කෙටි පිළිතුරක් වශයෙන් උන්වහන්සේ , මානවකය, මේ සත්වයෝ කර්මය ස්වකීය කොට ඇත්තෝ ය. කර්මය දායාද කොට ඇත්තෝය. කර්මය යෝනිකොට ඇත්තෝය. කර්මය බන්ධුකොට ඇත්තෝය.කර්මය පිළිසරණ කොට ඇත්තෝය. කර්මය සතුන් උස්පහත් වශයෙන් බෙදන්නේ යැයි ප්‍රකාශ කළ සේක. මෙපමණක් නොව මේ බව අවශ්‍යයෙන් නිරන්තරයෙන් ප්‍රත්‍යවේක්ෂා කළ යුතුවග උන්වහන්සේ අංගුත්තර නිකාය දසකනිපාත දසධම්ම සූත්‍රයෙන් අවධාරණය කොට තිබේ.මෙම පැහැදිලි කිරීම්වලින් බුදුදහමේ ඉගැන්වෙන කර්මය සත්වයා කෙරෙහි කෙතරම් බලපෑමක් ඇතිකරන්නේද යන්න පෙන්වා දෙයි. තමන්ගේ වන එකම දේ කර්මයයි. දෑවැද්ද කර්මයයි. උපතෙහි මුල කර්මයයි. ඤාතියා කර්මයයි. පිහිට කර්මයයි. උස් පහත් බවට පත් කරන්නේ කර්මයයි.

ඉතිරිය»

උතුම් මව් සෙනෙහසේ තිළිණය අස්ගිරි ගෙඩිගේ ගමන් මාලිගාව

හුරුබුහුටි අපූරු නිර්මාණයක් වශයෙන් මහනුවර නගරයේ ඇති ඓතිහාසික අස්ගිරි ගෙඩිගේ රජ මහා විහාරස්ථානය අදටත් දැක වැඳ ගැනීමේ වාසනාව අපට ඉතිරි කර තබා තිබේ. එහි ගෘහ නිර්මාණ ආකෘතිමය වෙනස මෙන්ම මේ වටා පෙළ ගැසී ඇති පුරාවෘත්තයේ ද අපූර්වත්වය මෙන්ම සුවිශේෂිත්වය විසින් ඉතිහාස කතාවේ එක් ගොඩැල්ලක් මත අස්ගිරි ගෙඩිගේ ඔසවා තබා තිබෙ යි. ඒ ඉතිහාස මග ඔස්සේ යන දිගු චාරිකාවේ දී වන්දනා ගමනක් මෙන්ම සෞන්දර්ය චාරිකාවක් පරිද්දෙන් අපට මේ ගෙඩිගේ වෙතට පිවිසිය හැකි ය.

ඉතිරිය»

 

ලොකෙකනාථ වදනම්බුජ රාජහංසං - වෙනෙය්‍ය කොමුද වනං කුමුදාකරන්තං
අද්ධින්දුකාර වරරූප විරාජ මානං - වන්දාමි සාධු මමලං ජිනදන්තධාතුං

 

නිකිණි පුර පසළොස්වක පෝය

නිකිණි පුර පසළොස්වක පෝය අගෝස්තු මස 20 වැනි දා අඟහරුවාදා පූර්ව භාග 10.24 ට ලබයි.
21 වැනි දා බදාදා පූර්වභාග 07.17 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම
අගෝස්තු 20 වැනි දා අඟහරුවාදා ය.

මීළඟ පෝය
අගෝස්තු 28 වැනි දා බදාදා ය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

අගෝස්තු 20

Second Quarterඅව අටවක

අගෝස්තු 28‍

New Moonඅමාවක

සැප්තැම්බර් 04

First Quarterපුර අටවක

සැප්තැම්බර් 12


2013 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස

ඹර්ම දේශනා
වෙහෙර විහාර
සදහම් දැනුම


 

 

 


ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»


 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2013 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]