UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ධර්ම දේශනාව:

සත්වයාට දායාද වන කර්මය

දිනක් බුදුන්, වහන්සේ කරා පැමිණි සුබ නම් තරුණයෙක් උන්වහන්සේ සමඟ සාකච්ඡා කරමින් එකම ලෝක සමාජයෙහි මිනිසුන් අතර පහත්, උසස්, අඩු ආයු ඇති, වැඩි ආයු ඇති,අවලස්සන, ලස්සන, ලෙඩ රෝග අඩු, ලෙඩ රෝග වැඩි, දුක්විඳින, සැප විඳින, අල්පේශාක්‍ය,මහේශාක්‍ය ආදි වශයෙන් බෙදීම් වෙනස්කම් ඇතිවීමට හේතුකාරණා කවරේදැයි විමසීය. එයට කෙටි පිළිතුරක් වශයෙන් උන්වහන්සේ , මානවකය, මේ සත්වයෝ කර්මය ස්වකීය කොට ඇත්තෝ ය. කර්මය දායාද කොට ඇත්තෝය. කර්මය යෝනිකොට ඇත්තෝය. කර්මය බන්ධුකොට ඇත්තෝය.කර්මය පිළිසරණ කොට ඇත්තෝය. කර්මය සතුන් උස්පහත් වශයෙන් බෙදන්නේ යැයි ප්‍රකාශ කළ සේක. මෙපමණක් නොව මේ බව අවශ්‍යයෙන් නිරන්තරයෙන් ප්‍රත්‍යවේක්ෂා කළ යුතුවග උන්වහන්සේ අංගුත්තර නිකාය දසකනිපාත දසධම්ම සූත්‍රයෙන් අවධාරණය කොට තිබේ.මෙම පැහැදිලි කිරීම්වලින් බුදුදහමේ ඉගැන්වෙන කර්මය සත්වයා කෙරෙහි කෙතරම් බලපෑමක් ඇතිකරන්නේද යන්න පෙන්වා දෙයි. තමන්ගේ වන එකම දේ කර්මයයි. දෑවැද්ද කර්මයයි. උපතෙහි මුල කර්මයයි. ඤාතියා කර්මයයි. පිහිට කර්මයයි. උස් පහත් බවට පත් කරන්නේ කර්මයයි.

ඉතිරිය»

 

නිකිණි පුර පසළොස්වක පෝය

නිකිණි පුර පසළොස්වක පෝය අගෝස්තු මස 20 වැනි දා අඟහරුවාදා පූර්ව භාග 10.24 ට ලබයි.
21 වැනි දා බදාදා පූර්වභාග 07.17 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම
අගෝස්තු 20 වැනි දා අඟහරුවාදා ය.

මීළඟ පෝය
අගෝස්තු 28 වැනි දා බදාදා ය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

අගෝස්තු 20

Second Quarterඅව අටවක

අගෝස්තු 28‍

New Moonඅමාවක

සැප්තැම්බර් 04

First Quarterපුර අටවක

සැප්තැම්බර් 12


2013 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස



මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2013 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]