UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

නාරංවිට ඉහළවෙල ශ්‍රී‍්‍ර සම්බුද්ධ ජයන්ති විහාරය

නාරංවිට ඉහළවෙල ශ්‍රී‍්‍ර සම්බුද්ධ ජයන්ති විහාරය

දොළුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ නාරංවිට ඉහළවෙල ගම්මානයේ පිහිටා ඇති අතිපූජනීය පින් කෙතක් වන ශ්‍රී‍්‍ර සම්බුද්ධ ජයන්ති විහාරය වසර 102 කට ආසන්න ඉතිහාසයක් ඇති පුදබිමකි.


විහාරාධිපති උනන්තැන්නේ මහින්ද හිමි

1920 දී ගම්පතිව සිටි කිරි බණ්ඩා නිලමේතුමන් ඇතුªළු ගම්වාසීන් එකතුව ධර්ම ශාලාවක් සකස්කොට සෑම පොහොය දිනකදීම ධර්ම දේශනා පවත්වමින් වස් කාලයේදි භික්ෂූන් වහන්සේට වස් වැසීමට පහසුකම් සැලසීම නිසා මෙම ස්ථානය ප්‍රදේශවාසින්ගේ ප්‍රසාදයට ලක් විය.මෙසේ පවතින අතර 1947 මහා ගංවතුරෙන් ධර්ම ශාලාව කඩා වැටිණ.ඉන් පසු ගම්වාසීහු කිරි බණ්ඩා නිලමේතුමන් හා එක්ව එම ධර්ම ශාලාව යළිත් සකස් කළහ. පසුකාලීනව එම ධර්ම ශාලාව තවදුරටත් සංවර්ධනය කරමින් වේරවල සීලානන්ද හිමිපාණන් වඩමවා එහි වස් වසවා බෝධි පැල නමැති ඉඩමද විහාරස්ථානයක් වශයෙන් සංවර්ධනය කරන්නට යෙදුණි.

පසුව 2500 බුද්ධජයන්ති සදානුස්මරණීය මහා උත්සවය නිමිතිකොටගෙන එම ස්ථානය ශ්‍රී සම්බුද්ධජයන්ති විහාරය ලෙස නම් කරන ලදී. එතැන් පටන් එහි විහාරධිපති මහා ස්වාමින් වහන්සේ විසින් නව විහාර කර්මාන්තාදිය මැනැවින් සිදුකරන්නට යෙදුණි. ඒ සඳහා ශාසනාරක්‍ෂක බෞද්ධ සමිතිය සහ කුලඟන සමිතිය ඇතුළු විහාරස්ථ සමිති සමාගම් ආදියෙන්ද එවකට ගම්පොළ මහජන බැංකුවේ සේවය කළ ටී.බී. ඉලංගරත්න මහතාගේද උපරිම සහයෝගය ලැබුණි. ආකර්ෂණීය සම්බුද්ධ ප්‍රතිමාවක් වැඩ හිඳුවා හෙළකලා සම්ප්‍රදායන්ට අනුකූලව නව විහාර මන්දිරයද ඉදිකොට ඇත.


ඉඳිවෙමින් පවතින ශාන්ති තොරණ

වේරවල සීලානන්ද හිමිපාණන් වහන්සේ අපවත්වීමෙන් අනතුරුව 1992 දී එහි විහාරාධිපති ධූරයට දොළුව ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ලේඛකාධිකාරි බෞද්ධ විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පති ශාස්ත්‍රපති උනන්තැන්නේ මහින්ද හිමියෝ පත්වූහ. උන්වහන්සේ විසින් මෙම විහාරස්ථානය තව දුරටත් දැකුම්කළු පින්බිමක් බවට පත් කරන ලදී දිරාපත්ව තිබූ සංඝාවාසය වෙනුවට නව දෙමහල් සංඝාවාසයක් ද දර්ශනීය ධර්ම ශාලාවක් ද සුදෝසුදු පැහැයෙන් සැදැහැතියන්ගේ නෙත් සිත් අමන්දානන්දයට පත්කරන දාගැබ් වහන්සේ නමක්ද ඉදිකර තිබේ.

අග්‍රාමාත්‍ය දි.මු. ජයරත්න මැතිතුමා,පළාත් සභා මන්ත්‍රි නිශ්ශංක හේරත් මැතිතුමා සහ නීතිඥ අනුරාධ ජයරත්න මැතිතුමා ද ඇතුළු පිරිසගේ සහයෝගයෙන් කපිලවස්තු ධාතුන් වහන්සේ ප්‍රදර්ශනය මෙම පින්බිමේ කරවන ලදී. එය සමරනුවස් කපිලවස්තු ධාතුන් වහන්සේ අනුස්මරණ ශාන්ති තොරණ ඉදිකෙරෙමින් පවතී. මේ අයුරින් දර්ශනීය අංගසම්පූර්ණ විහාරස්ථානයක් බවට මෙම පුදබිම පත්වීම රටේ භාග්‍යයකි.

 

 

නිකිණි පුර අටවක පෝය

 අගෝස්තු මස 14 වැනි දා බදාදා පූර්ව භාග 05.10 ට ලබයි.
15 වැනිදා බ්‍රහස්පතින්දා පූර්වභාග 03.35 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම අගෝස්තු 14 වැනිදා බදාදා ය.

මීලඟ පෝය
අගෝස්තු 20 වැනි දා අඟහරුවාදා ය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

අගෝස්තු 14

Full Moonපසෙලාස්වක

අගෝස්තු 20

Second Quarterඅව අටවක

අගෝස්තු 28‍

New Moonඅමාවක

සැප්තැම්බර් 04


2013 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2013 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]