UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ජලසම්පාදන හා ජලාපවහන ඇමැති දිනේෂ් ගුණවර්ධන මහතාගේ මූලිකත්වයෙන් දිවංගත හිටපු මන්ත්‍රිනී කුසුමා ගුණවර්ධන මහත්මියගේ 101 වන ජන්ම දිනය වෙනුවෙන් හෝමාගම ගොඩගම පුරාණ විහාරයේ දී පැවැති කිරි අම්මාවරු 160 දෙනෙක් වෙනුවෙන් පිරිනමන ලද කිරි අම්මාවරුන්ගේ දානමය පින්කම පසුගියදා පැවැත්වුණි. 1947 සිට 1956 දක්වා ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරියක් ලෙස ජනතා සේවයට කැපවී සිටි කුසුමා ගුණවර්ධන මහත්මියට උපහාරයක් ලෙස මෙම කිරි අම්මාවරුන්ගේ දානය පිරිනැමිණ. මන්ත්‍රීවරියක්ව සිටියදී කුසුමා ගුණවර්ධන මහත්මියගේ අදහසක් අනුව ශ්‍රී ලංකාවේ මාතෘ සායන සේවය ඇරඹී ඇත. මාතෘ සායන නිර්මාතෘවරියට ගරු කිරීමක් ලෙසද මෙම පින්කම පැවැත්විණ. දානයෙන් අනතුරුව සියලුම කිරිඅම්මාවරුන්ට සුදු ඇඳුම් කට්ටලයක් බැගින්ද පිරිනැමීම සිදු කෙරිණ.
ඡායාරූප සටහන – මහරගම විශේෂ, වේහැල්ලේ පියතිලක

මහනුවර ඇසළ පෙරහර

මෙවර මහනුවර ඇසළ පෙරහර මංගල්‍යය සතර මහ දේවාලයන්හි සුබ නැකතට කප් සිටුවීමෙන් ප්‍රථම කුඹල් පෙරහර අගෝස්තු 11 දින පස්වරු 7.31 ට වීදි සංචාරය කිරීම ඇරැඹිණි. ශ්‍රී දළදා මාලිගාව අභියසින් පිටත්වන පෙරහර දළදා වීදිය, ඩී.එස්. සේනානායක වීදිය, පන්සල පාර ඔස්සේ ඉහළට පැමිණ දේව වීදිය, කොළඹ වීදිය, යටිනුවර වීදිය, රජ වීදිය ඔස්සේ ඉහළට විත් ගෙවදීමට නියමිතය.

ඉතිරිය»

 

නිකිණි පුර අටවක පෝය

 අගෝස්තු මස 14 වැනි දා බදාදා පූර්ව භාග 05.10 ට ලබයි.
15 වැනිදා බ්‍රහස්පතින්දා පූර්වභාග 03.35 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම අගෝස්තු 14 වැනිදා බදාදා ය.

මීලඟ පෝය
අගෝස්තු 20 වැනි දා අඟහරුවාදා ය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

අගෝස්තු 14

Full Moonපසෙලාස්වක

අගෝස්තු 20

Second Quarterඅව අටවක

අගෝස්තු 28‍

New Moonඅමාවක

සැප්තැම්බර් 04


2013 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස



මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2013 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]