UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

හැට වස් සපුරන බෝඹුවල ශ්‍රී සෝමානන්ද දහම් පාසල

හැට වස් සපුරන බෝඹුවල ශ්‍රී සෝමානන්ද දහම් පාසල


අපවත් ව් වදාළ බෝඹුවල සිරි සෝමවංශ නා හිමි

ප්‍රධානාචාර්ය ශාස්ත්‍රපති කන්තලේ සාරානන්ද හිමි

කළුතර දිස්ත්‍රික්කයේ දොඩම්ගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් බෝඹුවල ශ්‍රී සෝමානන්ද දහම් පාසල මෙම මස 16 වන දින වසර හැටක අභිමානය සමරනු ලබයි.

1953 වසරේ අගෝස්තු මස 16 වන දින ආරම්භ කරන ලද මෙම දහම් පාසල ආරම්භයේ සිට මේ දක්වා ප්‍රදේශයට දහම් දැනුම බෙදන ප්‍රධාන පෙළේ තක්‍ෂිලාවකි. ප්‍රදේශයේ දහම් දැනුම දියුණු කිරීම උදෙසා 1953 වසරේ මෙම දහම් පාසල ආරම්භ කරන ලද්දේ සද්ධර්ම කීර්ති ශ්‍රී බෝඹුවල සිරි සෝමානන්ද ස්වාමීන් වහන්සේ විසිනි. එවකට ශිෂ්‍ය සංඛ්‍යාව වූයේ 25 දෙනෙකි.

ඉන් පසුව දහම් පාසල වත්මන් දියුණුව කරා ගෙන ඒමේ පූර්ව අඩිතාලම සකසන ලද්දේ බෝඹුවල සිරි සෝමවංශ නා හිමිපාණන් විසිනි. උන්වහන්සේ තම ධනය හා ශ්‍රමය කැප කරමින් දහම් පාසල සංවර්ධනය කිරීමට අපමණ වෙහෙසක් ගත්හ. අනතුරුව බෝඹුවල නන්දරතන හිමි හා වයි. අනුර සමන්ත, එම්. පි‍්‍රයන්ත පි‍්‍රයදර්ශන යන මහත්වරුන්ගේ දැඩි කැපවීමෙන් සෝමානන්ද දහම් පාසල දිනෙන් දින දියුණු විය.එවකට උප ප්‍රධානාචාර්ය ධූරය දැරූ ජී.එස්. දිසානායක, ලීලාවතී පාළයන්ගොඩ, පි‍්‍රයන්ත පි‍්‍රයදර්ශන, සෝමපාලසන්නස්ගල හා ජනක සෙනෙවිරත්න යන මහත්ම මහත්මීහුද දහම් පාසල දියුණුව කරා ගෙන ඒමට දායකත්වය දැරූහ. මෙලෙස සංවර්ධනය වෙමින් පැවැති සිරි සෝමානන්ද දහම් පාසලේ වත්මන් ශිෂ්‍ය සංඛ්‍යාව 800ක් පමණ වේ. දහම් පාසල් තරගවල උපරිම දස්කම් දක්වන සිසු සිසුවියන් මෙම දහම් පාසලේ අධ්‍යාපනය ලැබීම මෙම ප්‍රදේශයට ආඩම්බරයකි. ප්‍රාදේශීය ශාසනාරක්‍ෂක මණ්ඩල දහම් තරගවලදී ප්‍රධාන පෙළේ ජයග්‍රහණ රැසක් මෙම දහම් පාසල අත්කරගෙන ඇති අතර සමස්ත ලංකා තරග රැසක් ද නියෝජනය කර ඇත. වර්ෂ කිහිපයකදීම මෙම ජයග්‍රහණ ලබා ගැනීමට දහම් පාසල සමත් වී ඇත.


ආචාර්ය මණ්ඩලය

දහම් අධ්‍යාපනය ලබා දීම සඳහා ප්‍රවීණ ගුරු මණ්ඩලයක් මෙහි සිටීමද විශේෂත්වයකි. නිස්සරණාධ්‍යාශයෙන් සේවය කරන එම ගුරු භවතුන්ගේ සේවය අගය කළ යුතු ය. පි‍්‍රයන්ත පි‍්‍රයදර්ශන, ජනක සෙනෙවිරත්න, සිරිසේන වේවැල්වල, ප්‍රමිතා කුලසේකර යන මහත්ම මහත්මීහු දීර්ඝ කාලීන ගුරු උපහාර ලබමින් තවදුරටත් සේවය කරමින් සිටිති.

දහම් දරුවන්ගේ ධර්ම ඤාණය වඩවාලීම සඳහා සුබැසි ළමා සමාජයද ක්‍රියාත්මක වේ. පොසොන් පෝ දින වැඩසටහන් උදෑසන රැස්වීම් සිසු දරු චරයන්ගේ සදාචාර වර්ධනය සඳහා වාර්ෂිකව සිදු කෙරේ.

දහම් පාසල් අවසාන සහතික පත්‍ර විභාගයෙන් වාර්ෂිකව සමත් වන ශිෂ්‍ය සංඛ්‍යාව ද අපමණය. ඔවුන් විශිෂ්ට ප්‍රතිඵල ලබා ගැනීම දහම් පාසලට අභිමානයකි. එසේම දහම් පාසල් සංවර්ධන සභාවේ කාර්ය භාරය ද අති මහත් ය. දහම් අධ්‍යාපනය දියුණු කරලීමේ ක්‍රියාවලියේ දී දෙමාපිය සහභාගිත්වය ද අගය කළ යුතු ය.

සියලු කටයුතු මෙහෙයවීමෙන් දහම් පාසල මෙහෙයවන්නේ ප්‍රධානාචාර්ය ශාස්ත්‍රපති කන්තලේ සාරානන්ද හිමියන් ය. උප ප්‍රධානාචාර්ය කපිල කුලසිංහ මහතා ඇතුළු ආචාර්ය මණ්ඩලයේ කැපවීම මෙහිදී සිහිපත් කළ යුතු ය.

බෝඹුවල ශ්‍රී මුනින්දාරාම විහාරස්ථානය කේන්ද්‍ර කර ගනිමින් ප්‍රදේශයට දහම් දැනුම බෙදන ශ්‍රී සෝමානන්ද දහම් පාසල දිනෙන් දින දියුණු වේවායි ප්‍රාර්ථනා කරමු.

 

 

නිකිණි පුර අටවක පෝය

 අගෝස්තු මස 14 වැනි දා බදාදා පූර්ව භාග 05.10 ට ලබයි.
15 වැනිදා බ්‍රහස්පතින්දා පූර්වභාග 03.35 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම අගෝස්තු 14 වැනිදා බදාදා ය.

මීලඟ පෝය
අගෝස්තු 20 වැනි දා අඟහරුවාදා ය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

අගෝස්තු 14

Full Moonපසෙලාස්වක

අගෝස්තු 20

Second Quarterඅව අටවක

අගෝස්තු 28‍

New Moonඅමාවක

සැප්තැම්බර් 04


2013 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2013 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]