UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

උඩුවැල්ල ශ්‍රී ජිනේන්දාරාම විහාරස්ථානය

උඩුවැල්ල ශ්‍රී ජිනේන්දාරාම විහාරස්ථානය

මහනුවර හා කෑගල්ල දිස්ත්‍රික් මායිමෙහි ඇති අසු පිණිඇල්ල අසල හා රක්‍ෂාව කඳු පාමුල උඩුවැල්ල ගම්මානයේ පිහිටා ඇති උඩුවැල්ල ශ්‍රී ජිනේන්දාරාම විහාරස්ථානය ප්‍රදේශවාසීන්ගේ මුදුන් මල්කඩකි. වසර 135 ක් පමණ පැරැණි මේ විහාරස්ථානය 1878 දී ආරම්භ කරන්නට යෙදුණේ කුඩා ගොඩනැගිල්ලකිනි. එසේ ඇරැඹුණු විහාරස්ථානය අද වන විට මෙතරම් දියුණුවක් කරා එළැඹ තිබීම මහත් සතුටට කරුණකි.


විහාරාධිපති
උඩුවේවල
විමලධම්ම නා හිමි

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අනුනායක උඩුනුවර ජිනවංශ නා හිමියන් ද මෙම විහාරස්ථානයේ විහාරාධිපති වශයෙන් දිගු කලක් කටයුතු කර ඇත. එම කාලය තුළ උන්වහන්සේ අතින් ඉටු වූ ඉමහත් ශාසනික සේවය හේතුවෙන් ගමට, රටට බොහෝ හිත වැඩ සැලසුණි. උන්වහන්සේගේ අපවත්වීමෙන් අනතුරුව, උඩුවේවල රාජමහා විහාරාධිපති සාරානන්ද වංශාවතංස උඩුවේවල විමලධම්ම නාහිමියෝ ශ්‍රී ජිනේන්දාරාම විහාරස්ථානයෙහි විහාරාධිපති ලෙස පත්වූහ. විහාරාධිකාරී ධුරය හැපාන මෙත්තානන්ද හිමියන්ට පැවරූ නා හිමියෝ විහාරස්ථානයේ කටයුතු පිළිබඳ සොයා බලමින් එහි දියුණුවට මඟ පෙන්වූහ. 1994 වර්ෂයේ සිට විහාරාධිකාරි ලෙස උඩුවේවල අරියධම්ම හිමියෝ කටයුතු කරන අතර උන්වහන්සේ ද ප්‍රදේශවාසින්ගේ යහපත පිණිස මහත් සේවාවක් ඉටු කරති. විහාරස්ථානය ඇසුරෙහි නිරතුරුවම ආගමික වැඩසටහන් සංවිධානය කෙරෙන අතර එහි වැඩවසන කුඩා සාමණේර හිමිවරුන් ද සසුන් වැඩ පිණිස මනා සේ පුහුණු කරවනු ලැබීම දායක පිරිසගේ ද මහත් සතුටට හේතුවක්ව ඇත.

ශ්‍රී ජිනේන්දාරාම විහාරස්ථානයෙහි පවත්වාගෙන යනු ලබන සමිති සංවිධාන ද වේ. ඒ මඟින් ප්‍රදේශවාසීන් සහ විහාරස්ථානය අතර පවතින සම්බන්ධතාව වඩා වර්ධනය වී ඇත.


විහාරාධිකාරී උඩුවේවල අරියධම්ම හිමි ඇතුළු විහාරවාසී ස්වාමීන් වහන්සේ

 

 

 

පොසොන් මස අව අටවක පෝය

පොසොන් මස අව අටවක පෝය ජූනි මස 29 වැනි දා සෙනසුරාදා අපර භාග 10.33 ට ලබයි.
30 වැනි දා ඉරිදා අපරභාග 10.38 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම ජූනි මස 30 වැනි දා ඉරිදා ය.

මීළඟ පෝය
ජූලි 07 වැනිදා
ඉරිදාය.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

ජූනි 30

New Moonඅමාවක

ජූලි 07

First Quarterපුර අටවක

ජූලි 16

Full Moonපසෙලාස්වක

ජූලි 22


2013 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2013 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]