UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමගී‍්‍ර ධර්ම මහා සංඝ සභාවේ උපසම්පදා ව

ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ඓතිහාසික රජමහා විහාරයේදී 157 වෙනි වරට පවත්වනු ලබන උපසම්පදා විනයකර්මය (2013 ජුනි මස 27 වෙනි දින සිට 30 වෙනි දින දක්වා) මහා විහාර වංශික ශ්‍යාමෝපාලි මහානිකායේ ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමගී‍්‍ර ධර්ම මහා සංඝ සභාව විසින් උපසම්පදා විනයකර්මය මෙවරද ජුනි මස 27 වෙනි දින සිට 30 වෙනි දින දක්වා ඓතිහාසික කෝට්ටේ රාජ මහා විහාරයේ සිරි මංගල උපෝසථාගාරයේදී සිරිත් පරිදි සිදු කිරීමට සියලු කටයුතු සූදානම් කර ඇත.

ඉතිරිය»

මහින්දාගමනයේ උරුමයන් නිබඳවම රැක ගනිමු

සෑම රටවැසියාටම සාධාරණය ඉටුවන නීති සංග්‍රහයක් සම්මතව පැවැති අතර ඒ වෙනුවෙන් මතධාරීන්ද පත්කර තිබිණ. සමහර අවස්ථාවලදී විනිශ්චය භාරවූයේ භික්‍ෂූන්ටය. ආභිධම්මික ගෝදත්ථ තෙරුන් වහන්සේ එක් වකවානුවක අග්‍රවිනිශ්චයකාර ධුරයද හෙබවූ බව ඉතිහාසයෙන් පෙනේ. දශරාජ ධර්මයට අනුව මේ රටේ නීතිය ක්‍රියාත්මක වූ ආකාරය හෙළිකරන අනගි සාක්‍ෂියක් නම් බදුලු ටැම් ලිපියයි. ඊට අමතර තවමත් සෙල්ලිපි රැසක ද මේ හා සම්බන්ධ තොරතුරු දක්නට ලැබේ.

ඉතිරිය»

ධර්ම දේශනාව:

විඳින කලට දුක් දැඩි වෙයි ගිනි සේ

බොහෝ විට මිනිසුන් පාප ක්‍රියාවල යෙදෙන්නේ ලෝභ, ද්වේෂ, මෝහ චේතනා මුල්කර ගෙනයි. මේ අකුසල චේතනා පව්කම්වලදී මුල්වෙයි. තවකකුගේ දියුණුව, යහපැවැත්ම නිසා තමාට සිදුවන පාඩුව නො ඉවසන ගතිය හේතුවෙන් ලෝභයත්, ද්වේෂයත් ඒ සමඟම ඊර්ෂ්‍යාවත් ඇති කර ගෙන තමාට එරෙහි වන්නාට විරුද්ධ වෙයි. ඔහුගේ පැවැත්ම නො ඉවසයි. එනිසාම එවැනි උතුමන්ට නින්දා අපහාස කරයි. අවැඩ කරයි. මෙබඳු ගති ඇති අය මෝහයෙන් වෙළී ඇති නිසා ඔවුන්ට වරද පෙන්වාදීමට ද අපහසු ය.

ඉතිරිය»

රුහුණේ පුංචි සීගිරිය මුල්කිරිගල

දකුණු පළාතේ ඇති ඓතිහාසික පුදබිම් අතර මුල්කිරිගල නොහොත් මුල්ගිරිගල රජමහා විහාරස්ථානයට හිමිවන්නේ සුවිශේෂ වූ ස්ථානයකි. දකුණු පළාතේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ තංගල්ල නගරයේ සිට කිලෝමීටර් 20 ක් පමණ ඔබ්බෙන් මෙම විහාරස්ථානය පිහිටා ඇත. තංගල්ල වීරකැටිය මාර්ගයේ හෝ තංගල්ල බෙලිඅත්ත මාර්ගයේ ගමන් කිරීමෙන් පුද බිම වෙත ළඟාවිය හැකිය. ග්‍රාමීය පරිසරයක් සෝබමාන කළ මුහුදු මට්ටමින් අඩි 300 ක් පමණ උස් වූ කඳු මෙවුලක් ආශ්‍රයේ මෙම ලෙන් විහාරය ගොඩනංවා තිබීම නිසා, මෙය වන්දනාමාන කරන පින්වතකුට මෙන්ම සොඳුරු ඉසව්වෙත පියනගන සංචාරකයකුට ද කදිම පරිසරයක් නිර්මාණය කර දී තිබේ.

ඉතිරිය»

 

කැස්බෑව ශ්‍රී විජයසුන්දරාරාමයේ බුද්ධ ප්‍රතිමා වහන්සේ ඡායා - ජනක වෙත්තසිංහ

 

පොසොන් මස අව අටවක පෝය

පොසොන් මස අව අටවක පෝය ජූනි මස 29 වැනි දා සෙනසුරාදා අපර භාග 10.33 ට ලබයි.
30 වැනි දා ඉරිදා අපරභාග 10.38 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම ජූනි මස 30 වැනි දා ඉරිදා ය.

මීළඟ පෝය
ජූලි 07 වැනිදා
ඉරිදාය.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

ජූනි 30

New Moonඅමාවක

ජූලි 07

First Quarterපුර අටවක

ජූලි 16

Full Moonපසෙලාස්වක

ජූලි 22


2013 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස

ඹර්ම දේශනා
වෙහෙර විහාර
සදහම් දැනුම


 

 

 


ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»



මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2013 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]