|
|
ශ්‍රී බුද්ධ වර්ෂ 2557 ක් වූ පොසොන් අව අටවක පොහෝ දින රාජ්ය වර්ෂ 2013 ක් වූ ජූනි 30 වනදා ඉරිදා |
||||
ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අනුනායක උඩුනුවර ජිනවංශ නා හිමියන් ද මෙම විහාරස්ථානයේ විහාරාධිපති වශයෙන් දිගු කලක් කටයුතු කර ඇත. එම කාලය තුළ උන්වහන්සේ අතින් ඉටු වූ ඉමහත් ශාසනික සේවය හේතුවෙන් ගමට, රටට බොහෝ හිත වැඩ සැලසුණි. උන්වහන්සේගේ අපවත්වීමෙන් අනතුරුව, උඩුවේවල රාජමහා විහාරාධිපති සාරානන්ද වංශාවතංස උඩුවේවල විමලධම්ම නාහිමියෝ ශ්‍රී ජිනේන්දාරාම විහාරස්ථානයෙහි විහාරාධිපති ලෙස පත්වූහ. විහාරාධිකාරී ධුරය හැපාන මෙත්තානන්ද හිමියන්ට පැවරූ නා හිමියෝ විහාරස්ථානයේ කටයුතු පිළිබඳ සොයා බලමින් එහි දියුණුවට මඟ පෙන්වූහ. 1994 වර්ෂයේ සිට විහාරාධිකාරි ලෙස උඩුවේවල අරියධම්ම හිමියෝ කටයුතු කරන අතර උන්වහන්සේ ද ප්‍රදේශවාසින්ගේ යහපත පිණිස මහත් සේවාවක් ඉටු කරති. විහාරස්ථානය ඇසුරෙහි නිරතුරුවම ආගමික වැඩසටහන් සංවිධානය කෙරෙන අතර එහි වැඩවසන කුඩා සාමණේර හිමිවරුන් ද සසුන් වැඩ පිණිස මනා සේ පුහුණු කරවනු ලැබීම දායක පිරිසගේ ද මහත් සතුටට හේතුවක්ව ඇත. ශ්‍රී ජිනේන්දාරාම විහාරස්ථානයෙහි පවත්වාගෙන යනු ලබන සමිති සංවිධාන ද වේ. ඒ මඟින් ප්‍රදේශවාසීන් සහ විහාරස්ථානය අතර පවතින සම්බන්ධතාව වඩා වර්ධනය වී ඇත.
|
|||||
|
©
2000 - 2013 ලංකාවේ සීමාසහිත එක්සත් ප්රවෘත්ති පත්ර සමාගම |
|||||