UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

අසිරිමත් බෝසත් සිරිත

අසිරිමත් බෝසත් සිරිත

වෙසක් පුර පසළොස්වක පත්‍රය හා සම්බන්ධයි

ඒ ‘රම්ම’ නගරයේ එක් මාර්ගයක විශාල ශ්‍රමදානයක යෙදුණූ පිරිසක් විය. මිනිසුන් ගැවසී සිටි එම ස්ථානයට අහසින් බැස ගත් තාපසතුමා ශ්‍රමදානයේ යෙදී සිටි පිරිසගෙන් ඒ බව විචාර කල්හි, “ දීපංකර” නම් බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත්ව තිබේ. ඒ දීපංකර බුදුරජාණන් වහන්සේ අපේ නගරයට වැඩම කරනු ලැබේ.

ඒ නිසා උන්වහන්සේට වැඩම කිරීමට මේ මාර්ගය පවිත්‍ර කරන බව කීය.’බුද්ධ” යන වචනය අසා පී‍්‍රතියෙන් ඔද වැඩුණු සුමේධ තාපසතුමා ස්වකීය ධන්‍යාන ලැබූ තවුස් බවෙන් සිටිය නොහැකිව අන්තිමට ඒ මාර්ගයේ එතෙක් සකස් නොකළ කොටසක් සකස් කිරීමට ඉල්ලා ගනු ලැබේ.

දීපංකර බුදුරජාණන් වහන්සේට වැඩම කිරීමට ඒ මාර්ගය ධ්‍යානය බලයෙන් වුවත් සකස් කිරීමට හැකි වුණත්, තාපසතුමා තම සිරුර මහන්සි කරවීමෙන්ම එය සිදු කළ යුතු බව කල්පනා කර ඉතාමත්ම ඕනෑකමින් ඒ කටයුතුවල නිරත වූහ. දීපංකර බුදුරජාණන් වහන්සේ වැඩම කරවන විටද ඒ මාර්ගයේ මඩ වගුරක කටයුතු අවසන් කළ නොහැකි වූයෙන් දීපංකර බුදුජාණන් වහන්සේ ප්‍රධාන මහ සංඝ රත්නයට වැඩම කිරීම සඳහා මඩ වගුරෙහි දිගාවී තාපසතුමා ජීවිතය පූජා කළහ. ඒ අවස්ථාවේදී දීපංකර බුදුරජාණන් වහන්සේ ඒ ස්ථානයෙහි වැඩ සිට මේ මතු සම්මා සම්බුද්ධත්වයට පත්වන උත්තමයෙක් යැයි විවරණය කර වදාළහ. එම නියත විවරණ ලබපු තැන් පටන් බුද්ධත්වය ලැබීමට අවශ්‍ය සුදුසුකම මොනවා දැයි සුමේධ තාපසතුමා කල්පනා කළහ.

ඒ අනුව සුමේධ මහ බෝසත්තුමා බුද්ධත්වය ලැබීමට අවශ්‍ය සුදුසුකම් පූරණය කිරීමට කල්පනා කළහ. ඒඅනුව දානය, ශීලය, නෙක්ඛම්ම, ප්‍රඥා, වීර්යය,සත්‍යය ශාන්ති,අධිෂ්ඨාන, මෛත්‍රිය,උපේක්‍ෂාව යන දසපාරමී ධර්ම පූරණය කළ යුතු බව තීරණය කළහ.

එම පාරමී ධර්ම එකිනෙක ද සම්පූර්ණ කිරීම “ දූරේ නිධාන” කොටසට ඇතුළත් වේ. අවසානයේදී වෙස්සන්තර ආත්ම භාවයේදි මහ පොළොව ගුගුරවමින්, මහදන් පවත්වා, වෙස්සන්තර භාවයෙන් පරලොව සැපත්ව එතුමා තුසිත දෙව්ලොව උපදිනු ලැබේ.

මතු සම්බන්ධයි

 

වෙසක් මස අව අටවක පෝය

වෙසක් මස අව අටවක පෝය මැයි මස 31 වැනි දා සිකුරාදා අපරභාග 01.08 ට ලබයි.
01 වැනි දා සෙනසුරාදා අපරභාග 12.11 දක්වා පෝය පවතී.
සිල් සමාදන් වීම මැයි 31 වැනිදා සිකුරාදා ය.

මීළඟ පෝය
ජූනි මස 08 වැනි දා සෙනසුරාදා ය.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

මැයි 31

New Moonඅමාවක

ජූනි 08

First Quarterපුර අටවක

ජූනි 16

Full Moonපසෙලාස්වක

ජූනි 23


2013 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2013 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]