UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ඇවරියපතහ රජ මහ වෙහෙර

ඇවරියපතහ රජ මහ වෙහෙර

මාතලේ දිස්ත්‍රික්කයේ ඓතිහාසික බෞද්ධ සිද්ධස්ථාන අතරින්, ගලේවෙල නගරයට සැතැපුම් දෙකහමාරක් පමණ දුරින් පිහිටි ඇවරියපතහ රජ මහ විහාරයට හිමිවනුයේ විශේෂ ස්ථානයකි. මේ විහාරය ඉඳි කරවන ලද්දේ වළගම්බා රජු විසින් බව ජනප්‍රවාදයන්ගෙන් හෙළිවන බැවින් මෙය වසර දෙදහසකට අධික දිගු ඉතිහාසයකට උරුමකම් කියන්නකි.


විහාරාධිපති මිල්ලවාන බුද්ධරක්ඛිත නා හිමි

පැරැණි යුගවල මෙම ස්ථානය හරහා ගමන් මාර්ගයක් වැටී තිබූ බව ජනප්‍රවාදයන්හි කියැවේ. මෙබිම පිහිටි ගල්පව්ව මුදුනේ චෛත්‍ය දෙකක් පිහිටා තිබු අතර පසු කාලයේ විවිධ හේතුන් නිසා ඒවා විනාශවූවත් එයින් එක් චෛත්‍යයක් නැවත පිළිසකර කර ආරක්‍ෂා කරනු ලැබ ඇත. මෙම චෛත්‍යය මඟ සලකුණක් කර ගනිමින් එදා ගමනාගමනය සිදුකර ඇති බව ජනප්‍රවාදයන්ගෙන් හෙළිවන තවත් කරුණකි.

එමෙන්ම මෙම විහාර භූමියේ නටබුන් රැසක් විනාශවී ඇති අතර, ඇතැම් ස්ථාන නිධන් සොරුන්ගේ ග්‍ර‍්‍රහණයට ද හසුව තිබේ. පැරැණි යුගවලදී විවිධ සතුරු උවදුරු නිසා මෙවැනි වෙහෙර විහාර විශාල වශයෙන් විනාශවී ගිය බැවින් ඇවරියපතහ රජ මහා විහාරයට ද එම තත්ත්වයට මුහුණ දීමට සිදුවිය. කෙසේවුවද මහනුවර යුගයේ රටේ රාජ්‍යත්වය බෞද්ධ සිද්ධස්ථාන නඟා සිටුවීමට උනන්දුවූයෙන් නැවතත් මෙම වෙහෙර විහාර දියුණු වන්නට විය.

එම අවධියේ ප්‍රාදේශීය පාලකයන් විසින් ඇවරියපතහ විහාරයට නැවතත් නව ජීවයක් ලබා දෙමින් එය ප්‍රතිසංස්කරණය කරන ලදී. පසු කාලයේ එය නැවතත් තරමක් දුරට අභාවයට ගිය බැවින් මෙහි තිබූ එක් වටිනා ලෙන් විහාරයක් ද ජරාවාස විය. එහෙත් මෑත භාගයේදී සංස්කෘතික ත්‍රිකෝණ අරමුදල යටතේ මෙම ලෙන් විහාරය ද පිළිසකර කර ඇත.

ඇවරියපතහ රජ මහ විහාරස්ථානයේ වත්මන් විහාරාධිපති ධුරය උසුලනු ලබන්නේ මිල්ලවාන බුද්ධරක්‍ඛිත හිමිපාණන් වහන්සේ විසිනි. උන්වහන්සේ පවසන්නේ මෙම විහාරස්ථානය ඉතා වැදගත් ඓතිහාසික සිද්ධස්ථානයක් වන හෙයින් මෙම භූමියේ පුරාවිද්‍යාත්මක සංරක්‍ෂණ කටයුතු වඩාත් විධිමත් කිරීම සුදුසු බවයි.


 


ලෙන් විහාරයේ වියන් චිත්‍ර


විහාර භූමියේ පිහිටි ලෙන් විහාරය

 

 

මැදින් මස අව අටවක පෝය

මැදින් මස අව අටවක පෝය අපේ‍්‍රල් මස 02 වැනිදා අඟහරුවාදා අපරභාග 11.23 ට ලබයි.
03 වැනිදා බදාදා අපරභාග 09.09 දක්වා පෝය පවතී
සිල් සමාදන්වීම අපේ‍්‍රල් මස 03 වැනිදා බදාදා ය.

මීළඟ පෝය
මාර්තු 09 වැනිදා අඟහරුවාදා ය
.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

අප්‍රේල් 03

New Moonඅමාවක

අප්‍රේල් 09

First Quarterපුර අටවක

අප්‍රේල් 18

Full Moonපසෙලාස්වක

අප්‍රේල් 25


2013 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2013 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]