UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

පොත් පුවත්

පන්සිය පනස් ජාතකය
විමර්ශන හා ඌන පූර්ණ සහිත
ප්‍රථම කාණ්ඩය
ඒක නිපාතය
අපණණක වර්ගයේ සිට අත්‍ථකාම වර්ගය අවසානයට
කථා අංක 1 සිට50 දක්වා

කර්තෘ – නෝමන් සිරිපාල
ප්‍රකාශනය – දයාවංශ ජයකොඩි සහ සමාගම
මිල රු. – 400 /- යි

මෙහි ඒකක නිපාතයට අයත්වන වර්ග පහළොව යටතේ දැක්වෙන ජාතක කතා 50 ක් ඇතුලත් වෙයි.ගුරුළුගෝමින් ගේ ධර්මප්‍රදීපිකාව හා අමාවතුරත් විද්‍යාචක්‍රවර්තීන් ගේ බුත්සරණ හා දහම් සරණත් වේදේහ හිමියන්ගේ පූජාවලියත් ධර්මසේන හිමියන්ගේ සද්ධර්මරත්නාවලියත් ප්‍රධාන සියලුම ගද්‍ය පද්‍ය ග්‍රන්ථ රචනයේදී පාළියෙන් ජාතකට්ඨ කතා තුළ තිබූ ජාතක කතා සිංහල භාෂාවෙන් ඉදිරිපත් කිරීමට ගත් උත්සාහයත් මෙන්ම මෙම නිපාතයට අයත් ජාතක කතා 150 පිළිබඳව කරනු ලැබූ පර්යේෂණ ප්‍රතිඵල ඇතුලත්ව තිබේ.


පන්සිය පනස් ජාතකය
විමර්ශන හා ඌන පූර්ණ සහිත
දෙවන කාණ්ඩය
ඒක නිපාතය
ආසිංස වර්ගයේ සිට කකණ්ටක
වර්ගය අවසානයට
කථා අංක 51 සිට 150 දක්වා

කර්තෘ - නෝමන් සිරිපාල
ප්‍රකාශනය – දයාවංශ ජයකොඩි සහ සමාගම
මිල - රුපියල් 450 /- යි

ඒක නිපාතයේ වර්ග පහළොවකට අයත් ජාතක කතා 150 න් 50 ක් පළමුවන කාණ්ඩයේ ඵල විය.ඉතිරි කතා 100 මෙම දෙවන කාණ්ඩයේ පළවෙයි.

පන්සිය පනස් ජාතකය රචනා වී ගතවූ සියවස් හතක පමණ කාලය තුළ පාඨකයන්ට කියවීමටත් ශ්‍රාවකයන්ට අසන්නටත් මෙතෙක් නොලැබුණු ජාතක කතා 4 ක් මෙහි ඇතුලත් වන බව සඳහන් වෙයි.


අමා දම් රස වෑහෙන
විස්තරාර්ථ
ධම්ම පදය 15
සුඛ වර්ගය

කර්තෘ - පූජ්‍ය කිරිබත්ගොඩ
ඤාණානන්ද ස්වාමීන්වහන්සේ
ප්‍රකාශනය - දයාවංශ ජයකොඩි සහ සමාගම
මිල - රු.100 /- යි

පොතට පෙරවදනක් සපයමින් මෙහි කර්තෘ කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ පවසන්නේ මෙම පොතෙන් සුඛ වර්ගය ගාථා දොළොහක් පිළිබඳව විස්තර වන බවයි. එම ගාථාවන්හි සරල තේරුමත් දේශනා කිරීමට පසුබිම් වූ කතාවත් මේ තුළ ඇතුළත්ව තිබෙයි.
 


දිවි මගට ආලෝකයක්
කර්තෘ - පූජ්‍ය හොරගස්අගාරේ
ධම්මක්ඛන්ධ හිමි

ප්‍රකාශනය – දයාවංශ ජයකොඩි සහ සමාගම
101 සහ 112 පූජ්‍ය එස්.මහින්ද හිමි මාවත
මරදාන – කොළඹ 10
මිල – රු. 320

ජීවිතය දුකින් එතෙර කර ගන්නට සැනසුම ලබා ගන්නට ජීවිතයෙන් කාලයක් වෙන්කර ගන්ට අවශ්‍යය නැති බවත් මුළු ජිවිතය පුරාම ඒ සඳහා උත්සාහය ඇති ඕනෑම කෙනකුට කුදු මහත් හැම කටයුත්තකදීම සැනසිල්ල උදාකර හැකි බවත් ඒ සඳහා මේ මඟ අනුගමනය කරන ලෙසත් පැහැදිලිව පෙන්වා දුන් ගෞරවනීය කෝට්ටේ දේවානන්ද හාමුදුරුවන් වහන්සේ ධම්මචක්කප්පවත්තන සූත්‍ර දේශනාව ඇසුරු කරමින් කළ දේශනාවන්ගෙන් මෙම ග්‍රන්ථය සකස් කර ඇති බව සඳහන් වේ.
 


සර්වඥ භික්‍ෂා
පාත්‍ර ධාතුන් වහන්සේ


කර්තෘ - ගයාන් චානුක විදානපතිරණ
ප්‍රකාශනය – දයාවංශ ජයකොඩි සහ සමාගම

බුදුරජාණන් වහන්සේගේ පාත්‍රා ධාතුව පිළිබඳව ලියූ මෙම ග්‍රන්ථය බෞද්ධ පාඨකයන්ට බෙහෙවින් වැදගත් වන කෘතියකි. මෙහි කතුවරයා වන ගයාන් චානුක විදානපතිරණ මහතා පාත්‍ර ධාතුන් පිළිබඳව වූ තොරතුරු සොයා බලා තහවුරු කළ හැකි පුරා සාධක මගින් එම පූජ්‍ය වස්තූ®න් හඳුනාගෙන බෞද්ධ බැතිමතුන් වෙත ඉදිරිපත් කර තිබීම අතිශයින් වැදගත්ය.

පොතට පෙරවදනක් ලියමින් කැලණිය විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා අධ්‍යයනාංශයේ අංශාධිපති මහාචාර්ය මාලිංග අමරසිංහ මහතා පවසයි.

 

මැදින් මස අව අටවක පෝය

මැදින් මස අව අටවක පෝය අපේ‍්‍රල් මස 02 වැනිදා අඟහරුවාදා අපරභාග 11.23 ට ලබයි.
03 වැනිදා බදාදා අපරභාග 09.09 දක්වා පෝය පවතී
සිල් සමාදන්වීම අපේ‍්‍රල් මස 03 වැනිදා බදාදා ය.

මීළඟ පෝය
මාර්තු 09 වැනිදා අඟහරුවාදා ය
.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

අප්‍රේල් 03

New Moonඅමාවක

අප්‍රේල් 09

First Quarterපුර අටවක

අප්‍රේල් 18

Full Moonපසෙලාස්වක

අප්‍රේල් 25


2013 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2013 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]