UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

අනුරාධපුර මහ බෝ සමිඳු අභියස අලුත් සහල් මංගල්‍යය

අනුරාධපුර මහ බෝ සමිඳු අභියස අලුත් සහල් මංගල්‍යය

ශ්‍යාමෝපාලි මහ නිකායේ මල්වතු පාර්ශ්වයේ උතුරු මධ්‍යම දිසාවේ ප්‍රධාන සංඝනායක අටමස්ථානාධිපති ආචාර්ය පල්ලේගම සිරිනිවාස නාහිමියන් ගේ අනුශාසනා මත, ගොවිජන සේවා දෙපාර්තමේන්තුව මගින් සංවිධානය කරන ලද 2013 අලුත් සහල් මංගල්‍යය ජාතික උත්සවය අපේ‍්‍රල් 03 –04 යන දෙදින තුළ අනුරාධපුර ජය ශ්‍රී මහා බෝ සමිඳුන් අභියස දී පැවැත්වේ.

අපේ‍්‍රල් 03 වන දින පෙරවරු 6.00 ට ජය ශ්‍රී මහා බෝ සමිඳුන් වෙතට බුද්ධ පූජාව පිළිගන්වා පෙරවරු 7.00 ට සතර වාහල්කඩ කිරි ඉතිරවීම සිදු කෙරේ.

එදින පස්වරු 6.00 ට බෝ සමිඳුන් වෙතට තෙල් මල් පහන් ඇතුළු ගිලන්පස පූජාව පවත්වා රාත්‍රි 7.30 ට ස්වර්ණමාලි චෛත්‍ය රාජයාණන් වෙත නෙළුම් මල් පූජාවක්ද පැවැත්වීමෙන් අනතුරුව මහ බෝ සමිඳුන් අභියසදී සර්වරාත්‍රික පිරිත් දේශනාව ආරම්භ වේ.

පසුදින පෙරවරු 6.00 කිරිආහාර පූජාව බෝ සමිඳුන් අභියසදී පවත්වා මහවිහාර ශාලාවේදී මහ සඟරුවනට හීල් දානය පිරිනමනු ඇත.

දිවයිනේ දිස්ත්‍රික් විසිපහ (25) ම නියෝජනය කරමින් පැමිණෙන ගොවි සංවිධානවල ගොවි ගෙවිලියන් අලුත් සහල් පාත්‍ර රැගත් දර්ශනීය මහා පෙරහර පෙරවරු 7.30 අනුරාධපුර සිංහකණුව අසලින් ආරම්භ කර ශ්‍රී මහා බෝධි මාවත ඔස්සේ පැමිණෙන පෙරහර බෝසමිඳුන්ගේ නැගෙනහිර වාහල්කඩ අභියසදී උතුරුමැද පළාත් ආණ්ඩුකාර කරුණාරත්න දිවුල්ගනේ ප්‍රධාන අමාත්‍ය රංජිත් සමරකෝන් අධ්‍යාපන සේවා කටයුතු අමාත්‍ය දුමින්ද දිසානායක නියෝජ්‍ය අමාත්‍යවරුන් වන එස්.එම්. චන්ද්‍රසේන ඩබ්ලිව්. බී. ඒකනායක දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ශෙහාන් සේමසිංහ නගරාධිපති එච්.ජී. සෝමදාස මහ දිසාපති මහින්ද සෙනෙවිරත්න මහතා යන මහත්වරු ද ඇතුළු පළාත් සභා හා දිස්ත්‍රික් මැතිඇමැතිවරුන් විසින් පිළිගනු ඇත.

අනතුරුව පෙරවරු 10.00 උත්සව සභාව පවත්වා පෙරවරු 10.50 ට අලුත්සහලින් මහා පාත්‍රය පිරවීම මහා සංඝරත්නයේ සෙත් පිරිත් සජ්ඣායනා මධ්‍යයේ සිදුකරනු ඇත.

 

 

මැදින් මස අව අටවක පෝය

මැදින් මස අව අටවක පෝය අපේ‍්‍රල් මස 02 වැනිදා අඟහරුවාදා අපරභාග 11.23 ට ලබයි.
03 වැනිදා බදාදා අපරභාග 09.09 දක්වා පෝය පවතී
සිල් සමාදන්වීම අපේ‍්‍රල් මස 03 වැනිදා බදාදා ය.

මීළඟ පෝය
මාර්තු 09 වැනිදා අඟහරුවාදා ය
.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

අප්‍රේල් 03

New Moonඅමාවක

අප්‍රේල් 09

First Quarterපුර අටවක

අප්‍රේල් 18

Full Moonපසෙලාස්වක

අප්‍රේල් 25


2013 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2013 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]