UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

දහම් පාසල්

දහම් පාසල්

මහවැලි තැන්නේගම සිරි සමාධි දහම් පාසල


දහම් පාසලේ ප්‍රධාන ශිෂ්‍ය නායක නායිකාවන්


මහවැලිතැන්නේගම සිරි සමාධි දහම් පාසලේ ප්‍රධානාචාර්ය උඩදුම්බර රතනසිරි නා හිමියන් ඇතුළු දහම් පාසලේ ආචාර්ය මණ්ඩලය

කන්ද උඩරට කුණ්ඩසාලේ පල්ලෙකැලේ මහවැලි ගං තීරයේ ඇති අති රමණීය භූමියෙහි ගල්තලාවක් මත පිහිටා ඇති මහවැලිතැන්නේගම ශ්‍රී ගුණරත්නාරාමය බොදු ජන හදවත් පුබුදුවාලමින් ගොඩනැගෙන විහාරස්ථානයකි. දැනට දශකයකට ආසන්න කාලයකදී ඉතා කුඩාවට සාදාගෙන පැමිණි ආවාස ගෙය වටා මනරම් බුද්ධ මන්දිරයක්, චෛත්‍යයක් සහ බෝධියක් සාදා ප්‍රදේශවාසී බෞද්ධ ජනතාවට වන්දනාමාන කිරීමට අවස්ථාව සලසාදී ඇත්තේ විහාරාධිපති උඩදුම්බර රතනසිරි හිමියන්ගේ ප්‍රධානත්වයෙනි.

සිංහල සහ හින්දු ජනතාව මිශ්‍රව වාසය කරන මේ ප්‍රදේශයේ බෞද්ධ ආගමික ප්‍රබෝධයක් ජනතාව තුළ ඇති කර විහාරස්ථානයේ පවත්වන පෝදා ධර්ම දේශනා තුළින් ජනතාව දැනුවත් කර ප්‍රදේශවාසී දරුවන් වෙනුවෙන් සිරි සමාධි දහම් පාසල ආරම්භ කළේ 2003 වසරේ ය. ආරම්භ කළ දිනයේ ම සිසුහු 60 දෙනෙක් ඇතුළත් වු මෙම දහම් පාසලේ ආචාර්ය මණ්ඩලය සඳහා ගම්මානයේ උගත් තරුණ පිරිස සහභාගි වූහ. වර්තමානයේ මෙහි සිංහල සහ දෙමළ ළමයි 275 කට ආසන්න සංඛ්‍යාවක් දහම් අධ්‍යාපනය හදාරති. මෙම කාලය තුළ මෙහි සිසු දරුවන් සමස්ත ලංකා ජයග්‍රහණ පවා හිමි කරගෙන ඇති අතර කුණ්ඩසාලේ ශාසනාරක්‍ෂක බල ප්‍රදේශයේ හොඳම දහම් පාසල් අතරට මෙයද එක්වී ඇත. පසුගියදා මෙහි දෙවන ත්‍යාග ප්‍රදානෝත්සවය සහ ශිෂ්‍ය නායක නායිකාවන්ට පදක්කම් පැළඳවීම සිදු කෙරුන අතර දහම් පාසලේ අධ්‍යාපනය හදාරන 2012 පහ වසර ශිෂ්‍යත්වය සමත් සිසු දරු දැරියන් වෙත රන් කැකුළු ළමා ඉතිරි කිරීමේ ගිණුමක් ප්‍රදානය කිරීම විහාරාධිපති හිමියන් විසින් සිදුකරන ලදී. සිරි සමාධි දහම් පාසල ප්‍රදේශවාසී බෞද්ධ අබෞද්ධ සැම දරුවෙකුටම එක ලෙස දහම් අධ්‍යාපනය ලබා දෙමින් සැමගේ ගෞරවයට ලක්වෙමින් ප්‍රදේශයට ආලෝකයක් ලබා දෙයි.


දහම් පාසලේ ඉගෙනුම ලබන ජේෂ්ඨ අංශයේ සිසු දරු දැරියන්

කනිෂ්ඨ අංශයේ සිසු දරු දැරියන්


දසක තුනක් සපිරෙන සූරියවැව වෙනිවැල්ආර ශ්‍රී සුසීම දහම් පාසල

ශ්‍රී ලංකා ධරණීතලයෙහි සුප්‍රතිෂ්ඨිත තථාගත ශාසනාභිවර්ධනය හා සංරක්ෂණය විෂයෙහි අප්‍රමේයාකලංක සාරපූර්ණ කාර්යභාරයක් ඉටු කරමින් ලෝකශාසනෝන්තිකාමීව වැඩ සිටි සුපේශල ශික්ෂාකාමී ගුණගරුක භික්ෂූන් වහන්සේලාගේ අවංක නිශ්ශරණධ්‍යාස කැපකිරීම් නිසා අද දක්වා සම්බුදු සසුන විරාජමානව පවතී. එකී සදධ්‍යංශය ඇතිව වෙහෙර විහාරස්ථාන මෙන්ම පිරිවෙන්, දහම් පාසල් වැනි බෞද්ධ අධ්‍යාපන ආයතන පවත්වාගෙන යමින් භික්ෂූන් වහ්සේලා ඉටු කරන මෙහෙය ප්‍රසංසාත්මක ය.

දකුණු පළාතේ ඉපැරැණි මාගම්පුර රාජධානියේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ , සූරියවැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ වෙනිවැල්ආරගම, වෙනිවැල්ආර පුරාණ විහාරස්ථානයේ පවත්වාගෙන යනු ලබන ශ්‍රී සුසීම දහම් පාසල ද යථෝක්ත ගණයේ බෞද්ධ අධ්‍යාපන ආයතනයකි.

වලකන්දේ ගුණරතන ස්වාමින් වහන්සේගේ උත්තුංගාධ්‍යාශයක ප්‍රතිඵලයක් ලෙස 1983 මාර්තු මස 06 වැනි දින ආරම්භ කළ මෙම දහම් පාසල ශ්‍රී සුසීම දහම් පාසල නමින් හඳුන්වන්නේ ස්වකීය ගුරුදේවයන් වහන්සේ වන හක්මන ජයසුමනාරාමාධිපති ව වැඩ විසූූ කොටවායේ සුසීම මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ ශ්‍රී නාමයට උපහාර පිණිසය.

සිසුන් 12 දෙනෙකුගෙන් ආරම්භ කළ මෙම දහම් පාසල මුල් අවධියේ පවත්වාගෙන ගියේ විවිධ දුෂ්කරතා මාධ්‍යයේ ය.වාඩිවීමට ඩෙස් බංකු නොමැතිකමින් බිම පැදුරු එලා දහම් පිපාසාව සංසිදුවා ගන්නට සිසු දරු දැරියන්ට සිදුවූ අතර දහම් ගුරුවරු සිටියේ ද කිහිප දෙනෙකු පමණි. පහසුකම් මද වුවද ශාසනාභිවෘද්ධිය වෙනුවෙන් ස්වේච්ඡාවෙන් ක්‍රියාත්මක වූ එම ගුරුභවතුන් කෘතඥතා පූර්වකව මෙහිදී සිහිපත් කරමු. 1983 සිට 2006 දක්වා විවිධ අපහසුකම් මධ්‍යයේ ප්‍රධානාචාර්ය ධූරය දරමින් දහම් පාසල නොකඩවා පවත්වාගෙන යනු ලැබුවේ වර්තමාන විහාරාධිපති වලකන්දේ ගුණරතන ස්වාමින්ද්‍රයන් වහන්සේය. පන්ති කිහිපයකින් ඇරැඹි මෙම දහම් පාසල කාලයත් සම¼ග ක්‍රමක්‍රමයෙන් දියුණුවට පත්විය. ප්‍රාදේශීය තරගවලින්ද ජයග්‍රහණ කිහිපයක් ද ම දිනාගෙන ඇත.

2006 වසරේ සිට වර්තමානය දක්වා බලවත් කැපකිරීමෙන් ගුරුහිමියන්ගේ අවවාද අනුශාසන මත ඉතා උසස් මට්ටමින් පවත්වාගෙන යනු ලබන්නේ පාදුක්ක උඩුමුල්ල ශ්‍රී විමලජෝති පිරිවෙනේ ආචාර්ය ජුලම්පිටියේ සුදස්සි හිමිපාණන් විසිනි. විහාරස්ථානයටත් ප්‍රදේශයටත් සුවිශේෂ ආලෝකයක් ලබාදෙමින් වාර්ෂිකව ත්‍යාග සහතික ප්‍රදානෝත්වය පවත්වමින්, වසරක් හැර වසරක් මව්පිය උපහාර උළෙලක් පවත්වමින්, ගුරු සිසු සහභාගිත්වයෙන් වාර්ෂිකව ආශිර්වාදාත්මක බෝධි පූජාවක් පවත්වමින්, වාර්ෂිකව අධ්‍යාපන හා වන්දනා චාරිකා සංවිධානය කරමින් සුවඳ කැකුළු ගුවන්විදුලිය ආරම්භ කොට සෑම ඉරිදා දිනකම උදෑසන සිසු දරු දැරියන්ගේ සන්නිවේදන කුසලතා වර්ධනය කරමින්, මාසිකව ශ්‍රී සුචරිතෝදය නම් ශිෂ්‍ය සමිතිය පවත්වාගෙන යමින්, අනුස්මරණීය සේවාවක් ඉටු කරන මෙම දහම් පාසල බොහෝ දෙනාගේ පැසසුමට ලක්ව ඇත.

දරුවන්ගේ කුසලතා වර්ධනය කරමින් පවත්වාගෙන යන සුවඳ කැකුළු බිත්ති පුවත්පත, වාර්ෂික විවිධ ප්‍රසංගය, නිවාසාන්තර තරග ගුරු, සිසු සැමගේ මෙන්ම මව්පියන්ගේද චිත්තාරාධනයට හේතු වී ඇත.මෙහි ප්‍රතිඵලයක් ලෙස 2010 – 2011 වසර දෙකෙහිම සිසු නිපුණතා තරගාවලියෙන් සූරියවැව කලාපයෙන්ම ප්‍රථම ස්ථානය හිමිකර ගැනීමට ඔවුහු සමත්වූහ.

එසේම දකුණූ පළාතේ සංස්කෘතික අමාත්‍යංශය මෙහෙය වූ භක්ති ගීත තරගාවලියෙන් හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් වසර කිහිපයක්ම ප්‍රථම ස්ථානය හිමිකර ගත්තේ ශ්‍රී සුසීම දහම් පාසලයි.

වර්තමානයේ ගුරුභවතුන් 18 දෙනෙක්ද සිසු සිසුවියන් 245 දෙනෙක්ද සිටින මෙම දහම් පාසල ප්‍රදේශයටම මිණි පහනකි. 2013 මාර්තු 06 වෙනි දිනට දහම් පාසල අරඹා වසර 30ක් සපිරෙන අතර එය සමරනු වස් අපේ‍්‍රල් මස 09 වෙනි දින ගුරු සිසු සැමට ත්‍යාග සහතික ප්‍රදානෝත්සවයක් පැවැත්වීමට කටයුතු සංවිධානය කොට ඇත. ශ්‍රී සුසීම දහම් පාසල දියුණුවෙන් දියුණුවට පත්වේවා!



දකුණු කළුතර මහ හීනටියංගල ශ්‍රී ආනන්දාරාම පුරාණ විහාරස්ථ ආනන්ද දහම් පාසලේ 2013 ශිෂ්‍ය නායක නායිකා නිල ලාංඡන පැළඳවීමේ උත්සවයේ දී නීතිපති, ජනාධිපති නීතිඥ පාලිත ප්‍රනාන්දු මහතා විසින් ප්‍රධාන ශිෂ්‍ය නායක එන්. ඒ. ඩී. තේජන ලක්ෂාන් ශිෂ්‍යයාට නිල ලාංඡනය පළඳන ලද අයුරු.

 

 

මැදින් මස අව අටවක පෝය

මැදින් මස අව අටවක පෝය අපේ‍්‍රල් මස 02 වැනිදා අඟහරුවාදා අපරභාග 11.23 ට ලබයි.
03 වැනිදා බදාදා අපරභාග 09.09 දක්වා පෝය පවතී
සිල් සමාදන්වීම අපේ‍්‍රල් මස 03 වැනිදා බදාදා ය.

මීළඟ පෝය
මාර්තු 09 වැනිදා අඟහරුවාදා ය
.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

අප්‍රේල් 03

New Moonඅමාවක

අප්‍රේල් 09

First Quarterපුර අටවක

අප්‍රේල් 18

Full Moonපසෙලාස්වක

අප්‍රේල් 25


2013 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2013 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]