UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

මන්ත්‍රී නාමල් රාජපක්‍ෂගෙන් හම්බන්තොට දිසාවේ සිල් ඇත්තන්ට බුද්ධ ප්‍රතිමා පරිත්‍යාග

හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී, තාරුණ්‍යයට හෙටක් සංවිධානයේ සභාපති නාමල් රාජපක්‍ෂ මහතාගේ මෙහෙයවීමෙන් හම්බන්තොට දිස්ත්‍රික්කයේ විහාරස්ථාන 30 ක් සඳහා බුද්ධ ප්‍රතිමා වහන්සේ පිරිනමා ඇත.

ඉතිරිය»

ශාසන ඉතිහාසයේ ස්වර්ණමය කතිකාවත...

ඉතිහාසයේ මින් පෙර සිදු නොවූ මෙවන් වටිනා කතිකාවතක් සෑම තෙමසකට වරක්ම පැවැත්වීමට තමන් තීරණය කළ බව ජනාධිපතිතුමා විසින් මෙහිදී ප්‍රකාශ කර සිටි අතර, ඊට මහා සංඝරත්නයේ ආශිර්වාදය පළ කෙරිණි. කිසිවිටෙකත් අතිපූජනීය වූ මහාසඟරුවනේ අදහස් හා යෝජනා සම්මතයන්ට එරෙහිව හෝ ඉක්මවා හෝ යාමක් තමන් විසින් කිසිවිටෙකත් සිදු නොකරන බව මෙහිදී පැහැදිලිවම ප්‍රකාශ කර සිටි ජනාධිපතිතුමා, ආර්ථික පුනරුදයක් පතා රට යන සාර්ථක ගමන් මඟට ශක්තියක් වීමට අවශ්‍ය, සැදැහැති පොදු ජන මනස සාරධර්මයන්ගෙන් පුරවාලීම සඳහා වූ වපසරිය සකස් කර දෙන ලෙස ද මහා සංඝරත්නය විෂයෙහි ජනාධිපතිතුමා කාරුණික ආයාචනයක් ද කර සිටියේ ය

ඉතිරිය»

ධර්ම දේශනාව:

බුද්ධාවවාදයෙහි මෙසේ හික්මිය යුතු

ව්‍යවහාර වසරේ දෙවැනි පොහොය නවම් පුර පසළොස්වක පොහොය දිනයයි. අප භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ප්‍රථම සංඝ සන්නිපාතය හෙවත් සංඝයාගේ රැස්වීම පවත්වා සැරියුත් මුගලන් දෙනම අග්‍රශ්‍රාවක තනතුරට පත් කළේ මේ උතුම් පොහෝ දිනයේයි. ඕවාද ප්‍රාතිමෝක්‍ෂය දේශනා කිරීමද චාපාල චේතියේදී ආයු සංස්කාරය අත්හැරීම නම් වූ මෙයින් තෙමසකින් පිරිනිවන් පානා බව ප්‍රකාශයට පත්කිරීමද නවම් පුන්පොහොය දිනයක සිදුවූ වැදගත් සිද්ධි වේ. එබඳු උතුම් පොහෝ දිනක ඕවාද ප්‍රාතිමෝක්‍ෂය ලෙසට හඳුනා ගත හැකි විශේෂ ගාථා කිහිපයක අර්ථය තෝරා බේරා දීමට මෙම ධර්මානුශාසනය වෙන් කරනු කැමැත්තෙමි.

ඉතිරිය»

කොළඹ නවම් පෙරහර තුනුරුවන් වෙත දක්වන පූජෝපහාරයක්

සමාජයෙන් ඈත් වී යන අපගේ සංස්කෘතිකාංග වෙත නව පුනර්ජීවයක් උදාවේ. අපේ පෞරාණික නර්තන සම්ප්‍රදායන් තව දුරටත් ආරක්‍ෂා වෙමින් අනාගත පරපුරට ද එය තිළිණ කළ හැකි වනුයේ මෙවන් පෙරහර පැවැත්වීම මඟිනි. කොළඹ නගරයේ සියලු ජාතීන් ඒකරාශී වී පවත්වනු ලබන කොළඹ නවම් මහා පෙරහර හුදෙක් ආගමික උත්සවයක් සේම ජාතික උත්සවයක් බවට ද පත්වී ඇත. ජාතික සමගියත්, ආගමික සහජීවනයත් මෙමඟින් ඉස්මතු වේ.

ඉතිරිය»

බේරේ වැව ඉම කෙම් බිම ගංගාරාමය

මෙය‍ට ශත වර්ෂයකට එපිට 1885 වසරේදී එක් වගුරු බිම් කඩෙක කුඩා ආරාමයක් ගොඩ නැගෙ යි. ආරාමය හාත්පස විහිදී පැතිරී පැවැතියේ බේරේ වැව යි. එතැන කුඩා බිම් කඩක් වුව ද අරම කුඩා වුව ද එය මතු දා සදානුස්මරණීය සිහිවටනක් වීමේ පෙර නිමිති පහල කරවමින් මෙම පුණ්‍යක්‍රියාවට අතපැන් වත් කළේ මහා යතිවරයාණන් වහන්සේ නමක් වීම සුවිශේෂී කරුණකි. හික්කඩුවේ ශ්‍රී සුමංගල නම් වූ ඒ මහා යතිවර චරිතය සම්බුද්ධ ශාසනයේ ලාංකේය සංඝ සමාජය උදාරත්වයට පත් කළා වූ සංඝ පීතෘවරයෙකි.

ඉතිරිය»

සිතුවම - සරත් නන්ද කුමාර

 

නවම් පුර පසළොස්වක පෝය

නවම් පුර පසළොස්වක පෝය පෙබරවාරි මස 25 වැනි දා සඳුදා පූර්ව භාග 01.59 ට ලබයි.
26 වැනිදා අඟහරුවාදා 01.55 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම, පෙබරවාරි මස 25 වැනිදා සඳුදා ය.

මීළඟ පෝය
මාර්තු 04 වැනිදා
සඳුදා ය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

පෙබරවාරි 25

Second Quarterඅව අටවක

මාර්තු 04

New Moonඅමාවක

මාර්තු 11

First Quarterපුර අටවක

මාර්තු 19


2013 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස

ඹර්ම දේශනා
වෙහෙර විහාර
සදහම් දැනුම


 

 

 


ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»


 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2013 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]