UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ලෙනවර රජමහා විහාරස්ථ ශ්‍රී සද්ධාතිස්ස දහම් පාසල

ලෙනවර රජමහා විහාරස්ථ ශ්‍රී සද්ධාතිස්ස දහම් පාසල

ඓතිහාසික රයිගම් කෝරළයේ ඉපැරැණි විහාරස්ථානයක් වන හල්තොට ලෙනවර රජමහා විහාරස්ථානය වසර දෙදහසකට අධික ඉතිහාසයකට හිමිකම්, කියන අතිපූජනීය විහාරස්ථානයකි. දෙවන මිහින්තලය වශයෙන් ප්‍රදේශවාසී සැදැහැවතුන්ගේ ජනාදරයට පත්ව ඇති මෙම විහාරස්ථානය විශාල ගල්පර්වතයක් පසුබිම්ව පිහිටා ඇත.


විහාරාධිපති
හා ප්‍රධානාචාර්ය හිඳුරන්ගල
සෝරත හිමි

මනස්කාන්ත පරිසරයකින් යුක්ත මෙම විහාරස්ථානය පිළිබඳව රයිගම්කෝරළ ඉතිහාසය නම් ග්‍රන්ථයෙහි දැක්වෙන විස්තරයට අනුව අනුරාධපුර රාජධානියෙහි මුල්යුගයේ දේවානම්පියතිස්ස රජතුමා යොදුනෙන් යොදුන විහාර පන්සල් ඉදිකරවීමේදී, ලෙනවර රජමහා විහාරයද ඉදිකළ වගයි. පොළොන්නරු යුගය වන විටද මෙකී විහාරස්ථානය පැවැති බව පරාක්‍රමබාහු රජතුමාගේ රූපයක් පැරැණි විහාර මන්දිරය තුළ සිතුවම්කර තිබීමෙන් පැහැදිලිවේ.

කෝට්ටේ හයවැනි පරාක්‍රමබාහු රජතුමාගේ පාලන සමයේදී ලෙනවර රජමහා විහාරස්ථානය ඉතා දියුණුව පැවැති බව පැපිලියාන ශිලා ලේඛනයෙහි සඳහන් වේ. පුරා විද්‍යාත්මක වශයෙන් ඉතා වටිනා පෞරාණික වස්තුන් විහාරස්ථාන භූ®මියේ දක්නට ඇත.

මෙම විහාරස්ථානය පසුබ්මිකොට ඇති ගල්පර්වතයෙහි පඩි පෙළවල් 60 ක් පමණ නැගුණුවිට බෝධින් වහන්සේ දක්නට ලැබේ. තවත් පඩි කිහිපයක් නැගුණුවිට විශාල ගල්ලෙනක් තුළ විහාරමන්දිරය පිහිටා ඇත. එම විහාර මන්දිරය දකුණුපස ගල්ලෙන්වල දේවාල පිහිටා ඇත. තවත් ගල්පඩි 80 ක් පමණ නැගුණුවිට පර්වතය මුදුනෙහි චෛත්‍ය රාජයාණන් වහන්සේ ඉදිකොට ඇත. පර්වත මුදුනට නැගුණුවිට නැගෙනහිර දිසාවෙන් ශ්‍රී පාදස්ථානය පැහැදිලිව දක්නට ලැබේ. බස්නාහිර දිසාවෙන් කළුතර චෛත්‍ය රාජයාණන් වහන්සේද මුහුදුවෙරළද දක්නට ලැබේ.

ලෙනවර රජමහා විහාරය

කුමාර වෙල්ගම ඇමැතිතුමා දහම් පාසල් උත්සවයට සහභාගිවූ අවස්ථාවක්

බැති ගී කණ්ඩායම

අතීතයේ පටන් ලෙනවර මහා විහාරස්ථානයෙන් ජාතික ආගමික හා සාමාජීය වශයෙන් සිදුවූ අමිල මෙහෙවර සුවිශාලය. ප්‍රදේශයේ දූ දරුවන්ගේ ගමන්මග යහපත් කිරීමේ අරමුණෙන් ආරම්භ වූ දහම් පාසල් මෙහෙවර අපි ඉතා ඉහළින් අගයකරමු. මෙම දහම් පාසල් සේවාව විධිමත් අයුරින් සැලසුම් වූයේ වත්මන් විහාරාධිපති මිල්ලනිය ප්‍රාදේශීය ශාසනාරක්‍ෂක බලමණ්ඩලයේ ලේඛකාධිකාරි හොරණ ශ්‍රී පාලි විද්‍යාලයේ ධර්මාචාර්ය ශාස්ත්‍රපති හිඳුරන්ගල සෝරත හිමිපාණන්ගේ මග පෙන්වීමෙනි.

1984 අප්‍රියෙල් 26 වැනි දින දරුවන් 25 දෙනෙකුගෙන් සෝරත හිමිපාණන් විසින් ආරම්භ කළ මෙම දහම් පාසල වර්තමානයේ වඩාත් ප්‍රගතියක් ලබා ඇත. මෙම විහාරස්ථානයේ අතිමහත් ප්‍රබෝධයක් ඇතිකළ කිරිඇල්ලේ සද්ධාතිස්ස නාහිමිපාණන්ගේ නාමයට උපහාරයක් ලෙස මෙම දහම් පාසල ශ්‍රී සද්ධාතිස්ස දහම්පාසල වශයෙන් නම් කොට ඇත.දහම් දැනුම වර්ධනය කිරීමේ අදහසින් සෑම වසරකම විවිධ වැඩසටහන් ක්‍රියාත්මක වේ.

ශ්‍රේණි විභාග වලින්ද සමස්ත ලංකා සිසු නිපුණතා තරඟවලින්ද දිස්ත්‍රික් හා ප්‍රාදේශීය නිපුණතාවලින්ද විශිෂ්ට ජයග්‍රහණ හිමිකරගත් දරුවන් ප්‍රමාණය බොහෝය. ආරම්භයේ පටන් මේ දක්වා මෙම දහම් පාසලෙන් දහම් දැනුම ලබා දිවිමග ආලෝකමත් කර ගනිමින් රජයේ හා පෞද්ගලික අංශයේ උසස් වෘත්තීන්හි නිරතව සිටින ප්‍රමාණයද අති විශාලය. විෂය දැනුම තවත් පුළුල්කර ගැනීම සඳහා ආරම්භකර ඇති ශ්‍රී සද්ධාතිස්ස පුස්තකාලයෙහි පොත් 10,000 ක් පමණ ඇත. මසකට වරක් ශිෂ්‍ය සමිතිය පැවැත්වේ. උදෑසන 7.30 ට ආගමික වත් පිළිවෙත්වලින් ආරම්භ වන මෙම දහම් පාසල දහවල් 12.00 දක්වා පැවැත්වේ. වසරකට වරක් සිසුන් අධ්‍යාපන චාරිකාවකටද සහභාගි වේ. වසර 28 ක් මුළුල්ලේ ප්‍රදේශයට අතිමහත් මෙහෙවරක් සිදුකරණ මෙම දහම් පාසලෙහි ආරම්භයේ පටන්ම මේ දක්වාම ප්‍රධානාචාර්ය ධුරය දරන්නේ ශාස්ත්‍රපති හිඳුරන්ගල සෝරත හිමිපාණන්ය. උන්වහන්සේගේ සහායට ලලිත් බමුණුසිංහ, එල්.කේ. වික්‍රමසිංහ ,කරුණාවතී රත්නසේකර, පී. ලීලා පෙරේරා , පී. රත්නා පෙරේරා, ඩී.එස්. කාරියවසම්, රෝෂණී සමන්තිකා පතිරගේ, රසිකා සජීවනී විජේසේකර, ජී.ඩී. තමරා සකුන්තලා , වයි. කුමුදුනී ඉරේෂා, ගුණවතී කොඩිසිංහ, පී. ආශා මිහිරාණි පෙරේරා, නිල්මිණි පොන්සේකා . පී මධුෂා මල්ෂාණි, පී. ඉරාණි, පි‍්‍රයංගිකා යන ගුරු මහත්ම මහත්මීන්ගෙන් සමන්විත ආචාර්ය මණ්ඩලයක් සිටිති. හිඳුරන්ගල සෝරත හිමිපාණන්ට මෙම දහම් පාසල සාර්ථකව පවත්වා ගෙන යාමට ප්‍රාදේශීය දේශපාලන නියෝජිතයන්ගෙන්ද ප්‍රදේශවාසී මහජනතාවගෙන්ද විශාල සහයෝගයක් ලැබේ. දහම් පාසලේ මෙවර ත්‍යාග ප්‍රදානය පැවැත්වෙන්නේ කොළඹ නවකෝරළයේ ප්‍රධාන සංඝනායක කොළඹ හුණුපිටියේ ගංගාරාමාධිපති ශාස්ත්‍රවේදී පණ්ඩිත ගලබොඩ ඤාණිස්සර නාහිමිපාණන්ගේ ප්‍රධානත්වයෙනි. ප්‍රවාහන අමාත්‍ය කුමාර වෙල්ගම මැතිතුමා ප්‍රධාන ආරාධිත අමුත්තන් රැසක් මෙවරද සහභාගී වෙති. ත්‍යාග ප්‍රදානෝත්සවය පැවැත්වෙන්නේ ජනවාරි මස 27 වැනි ඉරිදා පස්වරු 2.30 ට. ශ්‍රී සද්ධාතිස්ස දහම් පාසලේදී පැවැත්වේ.


ඔබගේ දහම් පාසල පිළිබඳ විස්තර සහිත කළු, සුදු පැහැදිලි ඡායාරූප සංස්කාරක, බුදුසරණ කර්තෘ මණ්ඩලය,ලේක්හවුස්, කොළඹ 10 යන ලිපිනයට යොමු කරන්න.

 

දුරුතු මස පුර අටවක පෝය

දුරුතු මස පුර අටවක පෝය ජනවාරි මස 18 වැනි දා සිකුරාදා අපරභාග 04.30 ට ලබයි. 19 වැනි දා සෙනසුරාදා අපර භාග 06.20 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජනවාරි 18 වැනිදා සිතුරාදා ය.

 මීළඟ පෝය
ජනවාරි 26 වැනිදා සිකුරාදා ය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

ජනවාරි 18

Full Moonපසෙලාස්වක

ජනවාරි 26

Second Quarterඅව අටවක

පෙබරවාරි 03

New Moonඅමාවක

පෙබරවාරි 09


2013 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2013 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]