UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

බොදු පුවත් (ඡායාරූප)
 

කඩවත ව්‍යාපාරිකයන්ගේ සංගමය වසරක් පාසා ජනවාරි 1 දා නව වසරේ රටටත්, ජනතාවටත් සෙත් පතා කඩවත බෝ සෙවනේ සිදු කෙරෙන පිණ්ඩපාත දානය පිරිනැමීමේ පුණ්‍ය උත්සවය ඉකුත් 1 දා සිදු කෙරිණි. ඒ සඳහා මහා සංඝරත්නය 100 නමක් වැඩම කළහ. නාරංවල ශ්‍රී සුමනකීර්ති නාහිමියන් ප්‍රධාන මහා සංඝරත්නය කඩවත නගරයේ නුවර පාර ඔස්සේ රාගම පාර මංසන්ධියේ බෝධීන් වහන්සේ වෙත වැඩම කළ අවස්ථාව.
ඡායාරූපය –  විජය ශ්‍රී ගම්මන කඩවත විශේෂ

2600 සම්බුද්ධ ජයන්තියට සමගාමීව ගනේතැන්න අංවාරම දී සෙනෙවිරත්නාරාම රජ මහා විහාරයේ ඉදිකළ බුද්ධ ප්‍රතිමා වහන්සේ. මෙය එච්.නිමල් බණ්ඩාර විසින් බරපැන දරා ඉදිකරනු ලැබූවකි.
 

පෝය ගෙය විවෘත වේ

මහනුවර අස්ගිරිය ආදාහනමළුව ඓතිහාසික ගෙඩිගේ රාජ මහ විහාරයේ (දළදා ගමන් මාලිගාව) තායිලන්ත දායක පින්වතුන්ගේ දායකත්වයෙන් මහනුවර ගෘහ නිර්මාණ ශිල්පය අනුව ඉදිකරන ලද පෝයගෙය සහිත මෙම විහාර මන්දිරය තායි බෞද්ධ දූත පිරිසගේ ද සහභාගිත්වයෙන් අස්ගිරි මහා විහාර පාර්ශවයේ මහානායක උඩුගම ශ්‍රී බුද්ධරක්‍ඛිත මහ නා හිමියන් විසින් විවෘත කරන ලදී.
අභිනව උපෝසථාගාරයේ දී පළමුවෙනි උපසම්පදා විනය කර්මය ලෙස ගෙඩිගේ විහාරාධිවාසි, පොළොන්නරුව සොළොස්මස්ථානාධිපති, ශාස්ත්‍රපති වේඩරුවේ උපාලි නාහිමිගේ ශිෂ්‍ය දැනට අනුරාධපුර භික්‍ෂු විශ්වවිද්‍යාලයේ උපාධි අපේක්‍ෂක හාල්යාලේ මහින්ද සාමණේරනම අස්ගිරි පාර්ශවයේ මහානායක උඩුගම ශ්‍රී බුද්ධරක්‍ඛිත මා හිමිගේ උපාධ්‍යායත්වයෙන් හා අස්ගිරි මහා විහාර කාරක සභික මහියංගන රජ මහ විහාරයේ භාරකාර උරුලෑවත්තේ ධම්මරක්‍ඛිත, අස්ගිරි කාරක සභික අරඹේගම සරණංකර හිමිවරුන්ගේ කර්මාචාර්යත්වයෙන් උපසම්පදා ශීලයෙහි පිහිටුවීමයි. අස්ගිරි පාර්ශ්වයේ අනුනායක මහියංගන රාජමහ විහාරාධිපති ගලගම අත්ථදස්සි නාහිමි ඇතුළු අස්ගිරිය කාරක මහා සංඝ සභාවේ ජ්‍යෙෂ්ඨ කාරක සභික මහසඟරුවන සමග තායිලන්ත බෞද්ධ නියෝජිත පිරිසක්ද මෙම අවස්ථාවට සහභාගි වූහ.
කේ. බණ්ඩාරනායක

පැවිදි බිමට

රඹුක්කන හල්පිටිය, හිරිවඩුන්න පදිංචි ආර්.ඒ. ප්‍රැක්ට්‍රික් රණසිංහ සහ යූ.ආර්.එස්. නිල්මිණී දේශීකා යන දම්පතීන්ගේ පුත් ආර්.ඒ. කසුනි තිවංක නමැති දරුවා හල්පිටියේ ඉන්ද්‍රජෝති නමින් ද ගලේවල කොළඹුගොල්ල පදිංචි කේ.ඒ. නිශාන්ත කුමාර සහ කේ.යූ. නදීකා දමයන්ති යන දම්පතියන්ගේ පුත් කේ.ඒ. පසිඳු චන්දිමාල් රාජපක්‍ෂ කුල දරුවා කොළඹුගොල්ලේ චන්ද්‍රජෝති නමින් පැවිදි දිවියට ඇතුළත් විය.
මෙම දරුවන්ගේ උපාධ්‍යායන් වහන්සේ ලෙස ගල්බඩ, කිණිගොඩ දේකෝරළයේ ප්‍රධාන සංඝනායක අල්කේ ගම ධම්මරතන හිමියන් ක්‍රියා කළ අතර, ආචාර්යන් වහන්සේලා ලෙස රාජසිංහ පිරිවෙන් පරිවෙනාධිපති මඩවල ඤාණරතන හිමි, ගඟේකුඹුර බෝධිරුක්ඛාරාම විහාරාධිකාරි හල්පිටියේ සමිතසිරි යන හිමිවරුන් ක්‍රියා කළහ.

වාද්දුව තල්පිටියේ දළදාවත්ත පුරාණ මහා විහාරස්ථානයට අටවිසි බෝධීන් වහන්සේලා බස්නාහිර පළාත් සෞඛ්‍ය අමාත්‍ය ජගත් අංගගේ මහතාගේ ඉල්ලීමකට අනුව බස්නාහිර පළාත් කෘෂිකර්ම අමාත්‍ය උදය ගම්මන්පිළ මහතා විසින් ලබාදෙන ලද අතර එම බෝධීන් වහන්සේලා පසුගිය ඉල් පෝ දා සිල් සමාදන්වූ උපාසක උපාසිකාවන් විසින් පෙරහරකින් විහාරස්ථානයට වඩමවා ගෙන විත් ඒ සඳහා විශේෂයෙන් සූදානම් කළ බඳුන්වල බෝධීන් වහන්සේලා රෝපණය කළ අවස්ථාව. විහාරාධිපති තල්පිටියේ චන්දරතන හිමියෝද මෙහි වෙති.
තල්පිටියේ ඩබ්.ඇම්. ඇන්.වී. විජේනායක
(වාද්දුව සංචාරක)

 
 

උඳුවප් අමාවක පෝය

උඳුවප් අමාවක පෝය ජනවාරි මස 11 වැනි දා සිකුරාදා පූර්වභාග 04.37 ට ලබයි.
12 වැනි දා සෙනසුරාදා පූර්වභාග 01.16 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම ජනවාරි 11 වැනි දා සිකුරාදා ය.

මීළඟ පෝය
ජනවාරි 18 වැනි දා සිකුරාදා ය.


පොහෝ දින දර්ශනය

New Moonඅමාවක

ජනවාරි 11

First Quarterපුර අටවක

ජනවාරි 18

Full Moonපසෙලාස්වක

ජනවාරි 26

Second Quarterඅව අටවක

පෙබරවාරි 03


2013 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2013 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]