UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

මහනුවර බඹරගල රාජ මහා විහාරය

මහනුවර බඹරගල රාජ මහා විහාරය


විහාර මන්දිරයේ බුද්ධප්‍රතිමා වහන්සේ

මහනුවර යුගයේ රජ පැමිණි කීර්ති ශ්‍රී රාජසිංහ රජ දවස එනම් ක්‍රි.ව.1747 –1780 වකවානුවෙහි බඹරගල රාජමහා විහාරය ඉදි කළ බවට ඉපැරැණි ශිලාලේඛන සාක්ෂි දරයි. අස්ගිරි විහාර පාර්ශවයේ අනුනායක ධුරයෙන් පිදුම්ලත් රඹුක්වැල්ලේ රතනජෝති නාහිමියෝ මහරජු පහදවාගෙන විහාරය ආරම්භ කළහ.


දාගැබ් වහන්සේ

විහාර භූ®මිය වටා දැවැන්ත ගල්ලෙන් විශාල සංඛ්‍යාවක් පිහිටා ඇත. එහි ආරණ්‍යවාසී භික්ෂූන් වහන්සේ භාවනානුයෝගිව වැඩ විසූ බව පිළිගැනීමට හැකිය. විශේෂත්වයක් වූයේ ග්‍රාමවාසී හා ආරණ්‍යවාසි දෙකොටසටම අයත් භික්ෂූන් වහන්සේ නේවාසිකව වැඩ විසීමයි.ඒ අතර ඇතැම් භික්ෂූහු ග්‍රන්ථ ධුරය මෙන්ම විදර්ශනා ධුරයද වැඩූහ. රාජසිංහ රජුගේ පාලන සමයේ සැකසූ තඹසන්නසෙහි එම පුවත සඳහන් වේ.

එකල නිර්මාණය කළ පස්රියන් සැතැපෙන බුද්ධප්‍රතිමාවක්ද දෙරියන් ප්‍රතිමාවක්ද ඊට අමතරව තවත් ප්‍රතිමා සිව් නමක්ද විහාර අභ්‍යන්තරයේ දක්නට ලැබේ. විහාර මන්දිරයට පිවිසෙන ප්‍රධාන දොරටුවෙහි වන මකර තොරණ, දෙපස දේවරූප පහළොවක්ද නෙළා ඇත.

ගල්ලෙන අභ්‍යන්තර ගල් පියස්සේ මහනුවර යුගයට ආවේණික බිතුසිතුවම් පනස් අටක් දැකගත හැකිය. සූවිසි විවරණ කතා පුවත්ද සත් සතියද සොළොස්මස්ථානයද දැන් දිව්‍යාත්මභාවයක් ලබා සිටින මතු සම්බුද්ධත්වයට පත්වන මෛත්‍රි බෝසතුන්ගේ දෙව් විමනද වෙනත් දිව්‍ය රූපද සිතුවම් ගත කර තිබේ. විහාර අභ්‍යන්තරයේ පස් රියනක් උසැති දාගැබ් වහන්සේ ගල්ලෙන තුළම ඉදි කර තිබීම විශේෂිතය. එහි ආරම්භයේ පැළැඳ වු රත්රන් කොත් වහන්සේ නිදන් සොරුන්ගේ ග්‍රහණයට හසුවී පැහැර ගෙන යනු ලැබ ඇත.


විහාර අභ්‍යන්තරයේ චිත්‍ර නිර්මාණ

විහාර මන්දිරය ඉදිරිපිට බටහිර දෙසට දිගින් පනස් රියනක් වන මණ්ඩපයක්ද ඊට මඳක් ඔබ්බෙන් අනුරාධපුර ජය ශ්‍රී මා බෝධින් වහන්සේගේ ශාඛා බෝධියක්ද දක්නට ඇත.

ප්‍රතිමා ගෘහයට අමතරව කන්ද උඩරටට ආවේණික සංස්කෘතික ලක්‍ෂණ වලින් සැදුම් ලත් පැරැණි සංඝාරාමයක් ඉදිකැර තිබේ. මේ විහාරස්ථානය සතු පොහොය සීමාමාලකය ගල්ලෙන තුළම පිහිටීම විශේෂිතය.


විහාරාධිපති හා භාරකාර තල්පොත ධම්මජෝති හිමි

කටාරම් කෙටු ලෙන් ආශි‍්‍රත බ්‍රාහ්මී අක්ෂර පැහැදිලිවම දක්නට ලැබේ. ගල මුදුනත දර්ශනීය පැන් පොකුණකි.

මෙහි වත්මන් විහාරාධිපති හා භාරකාර තනතුර තල්පොත ධම්මජෝති හිමියෝ හොබවති. ඓතිහාසික බඹරගල රාජමහා විහාරස්ථානයේ දායකකාරකාදින් අතර වැවේගම හෙන ගැහුවල ගම්වාසීහු ද වෙති. අතීතයේ එගම් වාසීන් දිය ගෙනැවිත් බෝධිමළුව ජලයෙන් නැහැවූ පුවත සන්නසහි සඳහන් වේ. එය අද දක්වාද එගම් වැසියන් අතින් ඉටුවේ.

 

 

 

 

 

 

 

ඉල් අමාවක පෝය

ඉල් අමාවක පෝය දෙසැම්බර් මස 12 වැනි දා බදාදා අපරභාග 05.56 ට ලබයි.13 වැනි දා බ්‍රහස්පතින්දා අපරභාග 02.13 දක්වා පෝය පවතී.
සිල් සමාදන් වීම දෙසැම්බර් 12 වැනිදා
 බදාදා ය.
මීළඟ පෝය
දෙසැම්බර් 20 වැනි බ්‍රහස්පතින්දා ය.


පොහෝ දින දර්ශනය

New Moonඅමාවක

දෙසැම්බර් 12

First Quarterපුර අටවක

දෙසැම්බර් 20

Full Moonපසෙලාස්වක

දෙසැම්බර් 27

Second Quarterඅව අටවක

ජනවාරි 05


2012 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]