UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

අංක 35,
ඩී. ආර්. විජයවර්ධන මාවත,
ලේක්හවුස් - කොළඹ.

දුරකතන‍‍:
94-11-2429598, 94-11-2429429

ෆැක්ස්:
94-11-2429329, 94-11-2449069

ඊමේල්:
[email protected]

ඉල් අව අටවක 2012 දෙසැම්බර් 06 වන දා

විද්‍යාලංකාර දිනය

ණ්ඩිතාචාර්ය රත්මලානේ ශ්‍රී ධර්මාලෝක නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ 1875 දී ආරම්භ කරන ලද කැලණියේ පෑලියගොඩ විද්‍යාලංකාර පිරිවෙන 137 වන වසර සපුරන ඓතිහාසික අවස්ථාව උදා වී ඇත.

පෙරදිග අධ්‍යාපනයේ කීර්තිමත් කේන්ද්‍රස්ථානයක් වශයෙන් ජගත් කීර්තියට පත් විද්‍යාස්ථානයකි, විද්‍යාලංකාර පිරිවෙන. පුරා වසර 137 ක කාලයක් මුළුල්ලෙහි සම්බුදු සසුනේ චිර ජීවනය පිණිසත්, භාෂා සාහිත්‍යයේ අභිවෘද්ධියටත්, ශබ්ද ශාස්ත්‍රෝන්නතියටත් විද්‍යාලංකාර පිරිවෙන සිදුකර ඇත්තේ අමිල මෙහෙයකි.

පෑලියගොඩ විද්‍යාලංකාර පිරිවෙන ප්‍රාචීන හා බෞද්ධ අධ්‍යාපනයේ මූලස්ථානයක් වශයෙන් අධ්‍යාපනයට පමණක් නොව ශාසනික වශයෙන් ඓතිහාසික කාර්ය භාරයක් ද ඉසිලූ පින්බිමක්ද වේ.

ලොව්තුරා බුදුපියාණන් වහන්සේ ලෝක සත්ත්වයා වෙත පතල මහා කරුණාවෙන් දේශනා කළ වදාළ ත්‍රිපිටක ධර්මය අඛන්ඩව වසර තුනකුත් මාස පහක් හා දවස් පහළොවක් සංගායනා කළ “විද්‍යාලංකාරය” පින්බිමක්ද වේ.

විද්‍යාලංකාර පරිවෙනාධිපතීන් වහන්සේලා ලෙස වැඩ විසූ රත්මලානේ ශ්‍රී ධර්මාලෝක නාහිමි, රත්මලානේ ශ්‍රී ධර්මාරාම නා හිමි, ලුණුපොකුණේ ශ්‍රී ධර්මානන්ද නා හිමි, කිරිවත්තුඩුවේ ශ්‍රී ප්‍රඥාසාර නා හිමි, යක්කඩුවේ ශ්‍රී ප්‍රඥාරාම නා හිමි, නාත්තන්ඩියේ ශ්‍රී ප්‍රඥාකර නා හිමි ඇතුළු ශ්‍රේෂ්ඨ පඬිවරු වැඩ සිටි විද්‍යාලංකාර පිරිවෙන කවදත් ජාතික, ආගමික, පුනරුදයේ පෙරමුණ ගෙන ක්‍රියා කර ඇති අධ්‍යාපන ආයතනයකි. එවන් සම්භාවනීය කීර්තිමත් සඟපරපුරකින් පැවැත එන වත්මන් විද්‍යාලංකාර පරිවෙනාධිපති, කැලණිය විශ්වවිද්‍යාලයේ කුලපති, ත්‍රිපිටක වාගීශ්වරාචාර්ය උපාධ්‍යාය ධුරන්දර අග්ගමහා සද්ධම්ම ජොතිකාධජ දර්ශන විශාරද, පණ්ඩිත, සාහිත්‍ය චක්‍රවර්ති, ආචාර්ය වැලමිටියාවේ ශ්‍රී කුසලධම්මාභිධාන කොළඹ හලාවත දෙදිසාවේ ප්‍රධාන සංඝනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ පරිවේනාධිපති ධුරයට පත්වීමෙන් අනතුරුව වාර්ෂිකව “විද්‍යාලංකාර දිනය” නමින් සැමරුම් උත්සව මාලාවක් පැවැත්වේ.

ඒ අනුව “විද්‍යාලංකාර දිනය” නමින් සැමරුම් උත්සව මාලාවේ නිර්මාතෘන් වහන්සේ විද්‍යාලංකාර පරිවෙණාධිපති වැලමිටියාවේ කුසලධම්ම නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ය.

අතීත විද්‍යාලංකාර යුග පුරුෂයන් රටට, සමාජයට, ආගමට, දහමට මෙන්ම භාෂා ශාස්ත්‍රාදියට කළ සේවය අනුස්මරණය කරමින් විද්‍යාලංකාර පිරිවෙනේ දියුණුවටත්, ආරක්‍ෂාවටත්, පෝෂණයටත් අත හිත දුන් සියලු ගිහි පැවිදි උතුමන් වෙත කෘතවේදීත්වය පළ කිරීමේ අරමුණ විද්‍යාලංකාර දින සැමරුම් උත්සවයේ ප්‍රධාන අරමුණ ය.

කෘතවේදීත්වය හෙවත් කළ ගුණ සැලකීම බුදුපියාණන් වහන්සේ ලොවට පළමුව ආදර්ශයෙන් දුන් අවවාදයයි.

විද්‍යාලංකාර අතීත යුග පුරුෂයන් අනුස්මරණය කිරීම, කළගුණ සැලකීම පිළිබඳ ප්‍රායෝගික පුහුණුවක් විදුලකර සිසු පරපුරට උරුමකරදීම විදුලකර දින උත්සවයේ උදාර අරමුණකි.

විවිධ සේවාවන්හි නියුක්ත ගිහි පැවිදි උතුමන්ට ගෞරව උපාධි පිරිනැමීමත්, කෘතිම පාද ආදී ආබාධිත උපකරණ පිරිනැමීමත්, පිරිවෙනේ වාර්ෂික ත්‍යාග ප්‍රදානයත් ඇතුළු විවිධ වැඩසටහන් රැසක් ද පැවැත්වේ.

විද්‍යාලංකාර පිරිවෙන සතු මහාර්ඝ වස්තුව වන නිර්මල සර්වඥ ධාතුන් වහන්සේ සියැසින් දැක වැඳ පුදා ගැනීමට සලස්වනුයේ ද වාර්ෂික විදුලකර දින උත්සවයේ දී ය.

මේ ආදී සියලු කටයුතු ඉමහත් කැපවීමෙන් සිදු කරනු ලබන විදුලකර පිරිවෙන්පති වැලමිටියාවේ කුසලධම්ම නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ආදර්ශවත් පැවිදි දිවියක් ගත කරන යතීන්ද්‍රයන් වහන්සේ නමකි. තෙරුවන් කෙරෙහි මහත් ශ්‍රද්ධා ගෞරවයෙන් කටයුතු කරන සංඝපීතෘන් වහන්සේ නමකි. මසකට වරක් ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වන්දනා කරන යතිවරයෙකි.

උන්වහන්සේ නිරතුරුවම ගුරු දෙගුරුන් සිහි කරති. පින්දෙති. උන්වහන්සේට ලැබෙන කවර වටිනාකමක යමක් වුවද, එය පරිත්‍යාග කිරීමට ඇප කැප වී සිටිති. තමන් වෙත පැමිණෙන කවර තරාතිරමක අයකු වුවද ඒ සියලු දෙනා සමඟ සුහදව කතා බහ කිරීමට තරම් උන්වහන්සේ කාරුණිකයහ. නිහතමානීයහ.

විද්‍යාලංකාර පිරිවෙන්හි වත්මන් ස්වර්ණමය යුගය උදාකිරීමෙහි දිවා රෑ වෙහෙසී ක්‍රියාකරන අති ගෞරවනීය පරිවෙනාධිපති වැලමිටියාවේ කුසලධම්ම නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ප්‍රධාන උන්වහන්සේට ඒ සඳහා ශක්තිය, ධෛර්ය, අනුග්‍රහය නො අඩුව ලබා දෙන ගිහි පැවිදි සැමට තුනුරුවන් සරණ පතමු.

විදුලකර යුගයෙන් යුගය ආලෝකවත් කළ උදාර සංඝපීතෘන් වහන්සේලා අනුස්මරණය කිරීම කාලෝචිත ආදර්ශවත් ක්‍රියාවක්ම වන බව සඳහන් කරමින් ‘විදුලකර’ නාමය සිහි කිරීම කළගුණ සලකන සත්පුරුෂ ක්‍රියාදාමයක් ම බවද පෙන්වා දෙමු.

 

ඉල්පුර අටවක පෝය

ඉල්පුර අටවක පෝය දෙසැම්බර් මස 06 වැනිදා බ්‍රහස්පතින්දා පූර්ව භාග 09. 02 ට ලබයි.
07 වැනිදා සිකුරාදා පූර්වභාග 08. 46 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම දෙසැම්බර් මස 06 වැනිදා බ්‍රහස්පතින්දා ය.

මීළඟ පෝය
දෙසැම්බර් මස 12 වැනිදා බදාදාය.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

දෙසැම්බර් 06

New Moonඅමාවක

දෙසැම්බර් 12

First Quarterපුර අටවක

දෙසැම්බර් 20

Full Moonපසෙලාස්වක

දෙසැම්බර් 27


2012 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]