UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

අද අප සාකච්ඡා කිරීමට සූදානම් වන්නේ බුද්ධ දේශනාව අනුව පුද්ගලයා මැනීම සඳහා භාවිත කරන අසාර්ථක මිමි පිළිබඳවයි. මේ පිළිබඳව මිගසාලා සූත්‍රය වැදගත් කරුණු රැසක් සපයයි.

“තසමාතිහ ආනන්ද මා පුග්ගලෙසු පමාණකා අහුවත්‍ථ. මා පුග්ගලෙසු පමාණං ගණ්හිත්‍ථ, ඛඤඤති හානÁද පුගගලෙසු පමාණං ගණ්හනෙතා” (මිගසාලාසුත්තං)

ජීවිතයට ආභරණයක් වන් ලොව්තුරා බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් තොර ජීවිතය ඔටුනු නොපැළදි රජෙක් මෙන් අලංකාර නොවන බව බෞද්ධ සාහිත්‍යයේ සඳහන්ව ඇත. එහෙයින් අප අපගේ ජීවිතය ධර්මය හරහා සාර්ථක කරගැනීමට උත්සාහවන්ත විය යුතුය.

මාතෘකා කළ ගාථාව අංගුත්තර නිකායේ ඡක්ක නිපාතයේ ධම්මික වග්ගයේ මිගසාලා සූත්‍රයේ අන්තර්ගත ගාථාවන් වන අතර, බුදුන් වහන්සේ විසින් ආනන්ද හිමි උදෙසා දේශනා කරන ලද්දකි.

දිනක් ආනන්ද හිමි මිගසලා නම් උපාසිකාවකගේ නිවසට පිණ්ඩපාතය සඳහා වැඩම කළේය. එම අවස්ථාවේ ඇය මෙසේ කියන ලද්දීය.

ස්වාමීනි එක් අවස්ථාවක බුදුරජාණන් වහන්සේ විසින් මගේ පියා තුසිත කුලයේ ඉපදී සිටින බවත් ඔහු සකෘදාගාමී තත්ත්වයට පත්ව සිටින, හෙයින් තවත් එක් වරකට වඩා මෙලොවට නොඑන බවක් කී සේකැ. මගේ පියා ඉතා හොඳින් බ්‍රහ්මචරියාවේ යෙදුණ කෙනෙක් හෙයින් එතුමා තුසිතයෙහි ඉපදී සිටීම මට ගැටලුවක් නොවේ. එහෙත් මගේ සුළුපියා වූ ඉසිදත්ත තුමා ද තුසිතයේ ඉපදී සිටින බව බුදුන් වහන්සේ දේශනා කිරීම, මට මහත් පැනයක්ව ඇත. එයට හේතුව මගේ බාප්පා බ්‍රහ්මචාරිත්වය ආරක්‍ෂා කළ කෙනෙක් නොවේ. ඔහු ගිහි කළ කාම සම්පත්වල ගැලුණු කෙනෙක්. ඒ හෙයින් මට මේ ගැටලුව ඇතිව තිබේ” යැයි කීවාය. මේ පිළිබඳව මම එක්තරා සැකයකින් පෙළෙමි යැයි කීවාය. මේ පිළිබඳව ඔබ වහන්සේ පැහැදිලි කරදෙන්නැයි ඉල්ලා සිටියාය.

එවිට ආනන්ද හිමිගේ පිළිතුර වූයේ “නැගණියනි, බුදුන් වහන්සේ යමක් ප්‍රකාශ කළේද? මම ද එයම දරමි” යැයි පවසා ඉන් පිටත්ව බුදුන් වෙත ගොස් මිගසලාගේ ගැටලුව මෙසේ ඉදිරිපත් කළේය.

“ස්වාමීනි , චරිත දෙකක් තිබූ දෙදෙනෙක් එක සමානව ඉපදෙන්නේද?”

“ආනන්දය, ඇය අම්බකා අම්බකපඤ්ඤා” ඇය ස්ත්‍රී හැඟීම් ඇති කෙනෙක්. බුදු කෙනෙක්ට පෙනෙන බුදු කෙනෙක් දකින චේතෙනාරිය ඤාණය හෙවත් පුද්ගල භේදය හඳුනා ගැනීමේ ඤාණය ඇයට නොමැත.” ඒ නිසා හුදෙක් ඇය තථාගතයන් වහ්නසේ දේශනා කළ කාරණය සැකයට භාජනය කළාය. බුදුන් වහන්සේ පුද්ගල චරිත හඳුනා ගන්නා ආකාරය මෙසේ පැහැදිලි කර ඇත.

සාමාන්‍ය පුද්ගලයා පුද්ගලයන්ගේ බාහිර ලක්ෂණ පදනම් කොට පුද්ගලයන් මනින මුත් පුද්ගලයෙක් වටහාගත යුත්තේ ඔහුගේ අභ්‍යන්තරගත කාරණා හා චර්යාව තේරුම් ගැනීමෙනි. “පමාණකා පචිණන්ති” යමෙක් තමාගේ අවබෝධය මත පිහිටා පුද්ගලයෙක් මැනීමට ඉදිරිපත්වීම සදොස් ක්‍රියාවක් ලෙසත් එය තමන්ට කරගන්නා හානියක් ලෙසත් බුදුරජාණන් වහන්සේ පැහැදිලි කළ සේක.

මිගසලා සූත්‍රයේ පුද්ගලයන් හය දෙනෙක් (6) හඳුන්වා ඇත.

සුඛසංවාසි පුද්ගලයා :– සුවදායි සංවාසයේ යෙදෙන්නා හෙවත් යහපත් පුද්ගලයන් ඇසුරු කරමින් සුවසේ වාසය කරන්නා යන අදහස මෙයින් දැක්වේ.

මහා සංඝයාගේ ඇසුර සුවයක් ගෙන දෙයි. සැපය යනු කල්‍යාණ මිත්‍ර ඇසුරෙන් ලබන ඵලයයි. එසේම මේ පුද්ගලයා දක්ෂයෙකි.” සබ්‍රහ්මචාරී “ ඇසුරු කරන අයට පි‍්‍රය පුද්ගලයෙකි.

එහෙත්, දක්ෂ වූ, යහපත් වූ, පි‍්‍රය වූ කෙනෙක් මුත් මේ සුවසේ වාසය කරන්නා ධර්මය ශ්‍රවණය නොකරන්නේ නම්, බහුශ්‍රැත බවින් කළ යුතු දේ නොකරයි නම් වීරිය තුළින් කළ යුත්ත නොකරයි නම්, සම්‍යක් දෘෂ්ටිය සඳහා ගත යුතු මඟ අනුගමනය නොකරයි නම් ඔහු නිසි ධම්ම පී‍්‍රතියෙන් යුක්ත අයෙක් නොවන අතර මරණින් මතු පරිහානියට පත්වෙයි.

දෙවැන්නා සුඛසංවාසී යනුවෙන් හැඳින්වෙන තවත් පුද්ගලයෙක් පිළිබඳව පැහැදිලි කෙරේ. ඔහු ඉතා වාසනාවන්ත මිතුරන් ඇසුරු කරන, කාහටත්, පි‍්‍රය වූ, දක්ෂ වූ, ධර්මය ශ්‍රවණය කරන්නාවූ බහුශ්‍රැත භාවය දියුණු කරගත් , සම්‍යක් දෘෂ්ටික, බ්‍රහ්මචාරීව හැසිරෙන අයෙක් වන අතර, මරණින් මතු අභිවෘද්ධිය සලසා ගන්නෙකි.

සමාන පැවතුම් ඇති දෙදෙනෙක් අභිවෘද්ධියට නොයනුයේ ඔවුන්ගේ බාහිර ක්‍රියාකාරකම් නිසාවෙන් නොව ඔවුන්ගේ අභ්‍යන්තරික තත්ත්වයන් පදනම් කොට බැව් මෙයින් පැහැදිලි කෙරේ.

තෙවැන්නා ක්‍රෝධය, මානය ඇත්තෙක් වන අතර කලින් කල ලෝභයෙන් පෙළෙන, බහුශ්‍රැතයෙක් වුවත් දර්ශනයට නොයන හෙයින් මරණින් පසු පරිහානියට යන්නෙකි.

සිව්වැන්නා ක්‍රෝධය , මානය, ලෝභය ඇති මුත් ධර්මය ශ්‍රවණය කරන හෙයින් හා බහුශ්‍රැත බවින් යුතු හෙයින් මරණින් පසු දියුණුවට පත්වේ.

පස්වැන්නා ක්‍රෝධය, මානය, ලෝභය ඇති,අල්ලාප සල්ලාපයේ යෙදෙන, ධර්මය ශ්‍රවණය නොකරන, වීර්ය නොවඩන අයෙකි.

හයවැන්නා ක්‍රෝධය ,මානය, ලෝභය ඇති “වචීසංඛාරය” හෙවත් අල්ලාප සල්ලාපයේ යෙදෙන මුත් සියල්ලන් මධ්‍යයේ ධර්මය අසන බැවින්, බහුශ්‍රැතවීමෙන් දර්ශනය ඇතිකර ගැනීමෙන් ඔහු තම ජීවිතයේ විශේෂ භාගීය චරිතයක් වෙයි. දියුණුවට ගමන් කරයි. ඒ බැව් ධර්මයේ මෙසේ දැක්වේ.

මේ සය චරිත අප’තර සාමාන්‍ය ලෝකයේදී අපට හමුවෙති.එහෙත් මේ චරිතයන්හි වැදගත්කම වටිනාකම අප තීරණය කළ යුත්තේ එහි බාහිර ක්‍රියාකාරිත්වය අනුව නොව අභ්‍යන්තරික ගුණධර්ම අනුවය.

පුරාණ හා ඉසිදත්ත එක සමාන තත්ත්වයක් ලැබීමට හේතු වු කාරණා ලෙස බුදුන්වහන්සේ පෙන්වා දෙන කාරණා මොනවාදැයි බලමු.

”ආනන්දය මුලින් කී මිගසලාගේ පියා පුරාණ සීලයෙන් යුක්ත වූ හෙයින් තුසිත තලයට ගිය තර ඉසිදත්ත ප්‍රඥාවෙන් යුත් පුද්ගලයෙක් වූ හෙයින් තුසිතයේ ඉපදුණේය යනුවෙන් බුදුන් වහන්සේ ප්‍රකාශ කර ඇත.පුරාණ හා ඉසිදත්ත එකාංගහීනා හෙවත් එකකොටසකින් හීන, එක කොටසකින් ශක්තිමත් පුද්ගලයෝ වූහ. ඒ හෙයින් බාහිර ස්වරූපයෙන් කිසිවෙක් වර්ණනාවට බඳුන් නොවන බව සිත්හි තබාගත යුතු වේ.

(ඉතිරි කොටස 2012. 10. 08 පත්‍රයේ පළවේ)

 

බිනර පුර පසළොස්වක පෝය

බිනර පුර පසළොස්වක පෝය සැප්තැම්බර් 29 වැනි දා සෙනසුරාදා පූර්ව භාග 08.06 ට ලබයි.
30 වැනිදා ඉරිදා පූර්ව භාග 08.51 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම සැප්තැම්බර් 29 වන දා සෙනසුරාදා ය.

මීළඟ පෝය ඔක්තෝබර් 08 වන දා සඳුදා ය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

සැප්තැම්බර් 29

Second Quarterඅව අටවක

ඔක්තෝබර් 08

New Moonඅමාවක

ඔක්තෝබර් 15

First Quarterපුර අටවක

ඔක්තෝබර් 22


2012 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]