UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

බුද්ධානුස්සති භාවනාව -1

නිවන් දකිනා තුරු සතර අපායෙන් නිදහස්ව සසර ගමන ගමන් කළ හැකිය. ඉතා සුළු මොහොතකින් නිවන් අවබෝධ කර ගැනීමේ වාසනාව උදාවේ. එම නිසා සියලුම දෙනා මෙම බුද්ධානුස්සති භාවනාව දියුණු කර ගැනීමට අධිෂ්ඨාන කර ගෙන මෙසේ මෙනෙහි කරන්න

 ඉතිපි සෝ භගවා අරහං සම්මා සම්බුද්ධො
විජ්ජා චරණ සම්පන්නෝ සුගතො ලෝක විදූ
අනුත්තරෝ පුරිසදම්ම සාරථි
සත්ථා දේවමනුස්සානං
බුද්ධෝ භගවාති

තථාගත බුදුරජාණන් වහන්සේගේ ගුණ අනන්තය. ඒ සියලු ගුණ සම්පිණ්ඩනය කර ඉතිපි සෝ .... යන පාඨය වදාළහ. අනන්ත බුදුගුණ එයට ඇතුළත් ය. එම පාඨය නිතර නිතර මෙනෙහි කිරීමෙන් ‘බුද්ධානුස්සති භාවනාව‘ සම්පූර්ණ වේ. තේරුම ද දැනගත යුතුය. මෙම පාඩමේ ‘අරහං’ බුදුගුණය පිළිබඳව විස්තර ඇත. ඒ සියල්ල කියවා පාඩම් කර ගැනීමට උත්සාහ ගත යුතුයි. ඊළඟ පාඩම දක්වාම මෙම පාඩම අනුගමනය කරන්න. ‘සෝ භගවා ඉතිපි අරහං’ යනුවෙන් නිතරම මෙනෙහි කරන්න.

නිතර නිතර මෙසේ මෙනෙහි කිරීමෙන් සති, සමාධි, ඤාණ දියුණු වේ. මහඟු ආරක්‍ෂාවක් ලැබේ. තමා ළඟ බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න ආකාරය දැනේ. පාරමිතා ගුණ දියුණු වේ. නිවන් දකිනා තුරු සතර අපායෙන් නිදහස්ව සසර ගමන ගමන් කළ හැකිය. ඉතා සුළු මොහොතකින් නිවන් අවබෝධ කර ගැනීමේ වාසනාව උදාවේ. එම නිසා සියලුම දෙනා මෙම බුද්ධානුස්සති භාවනාව දියුණු කර ගැනීමට අධිෂ්ඨාන කර ගෙන මෙසේ මෙනෙහි කරන්න.

සෝ භගවා ඉතිපි අරහං

ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ මෙසේද ‘අරහං’ නම් වන සේක,

ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ වාසනා සහිත සකල ක්ලේශයන් කෙරෙන් දුරුවූ බැවින් ‘අර්හත් ‘ නම් වන සේක.

ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ වාසනා සහිත ලෝභ, ‘ක්ලේශ වස්තුවෙන් දුරුවූ’ බැවින් අර්හත් නම් වන සේක.

ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ වාසනා සහිත ද්වේශ ක්ලේශ වස්තුවෙන් දුරුවූ බැවින් අර්හත් නම් වන සේක.

ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ වාසනා සහිත මෝහ, ක්ලේශ වස්තුවෙන් දුරුවූ බැවින් අර්හත් නම් වන සේක,

ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ වාසනා සහිත මාන ක්ලේශ වස්තුවෙන් දුරුවූ බැවන් අර්හත් නම් වන සේක,

ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ වාසනා සහිත දට්ඪි ක්ලේශ වස්තුවෙන් දුරුවූ බැවින් අර්හත් නම් වන සේක,

ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ වාසනා සහිත විචිකිච්ඡා ක්ලේශ වස්තුවෙන් දුරුවු බැවින් අර්හත් නම් වන සේක ,

ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ වාසනා සහිත ටීන ක්ලේශ වස්තුවෙන් දුරුවු බැවින් අර්හත් නම් වන සේක ,

ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ වාසනා සහිත උද්ධච්ච ක්ලේශ වස්තුවෙන් දුරුවු බැවින් අර්හත් නම් වන සේක ,

ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ වාසනා සහිත අහිරික ක්ලේශ වස්තුවෙන් දුරුවු බැවින් අර්හත් නම් වන සේක ,

ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ වාසනා සහිත අනොත්තප්ප ක්ලේශ වස්තුවෙන් දුරුවු බැවින් අර්හත් නම් වන සේක

ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ වාසනා සහිත සියලු පාපයන්ගෙන් මිදුණු බැවින් අර්හත් නම් වන සේක ,

ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ වාසනා සහිත රාගාදී කෙලෙස් සතුරන් නැසූ හෙයින් අර්හත් නම් වන සේක ,

ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ සෝවාන් මාර්ගයෙන් සෝවාන් මාර්ගයෙන් කෙලෙස් සතුරන් නැසූ හෙයින් අර්හත් නම් වන සේක

ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ සෝවාන් මාර්ගයෙන් සක්කාය දිට්ඨිය නැසූ හෙයින් අර්හත් නම් වන සේක

ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ විචිකිච්ඡාව නැසූ හෙයින් අර්හත් නම් වන සේක

ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ සීලබ්බත පරාමාස නැසූ හෙයින් අර්හත් නම් වන සේක

ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ සකෘදාගාමි මාර්ගයෙන් කෙලෙස් සතුරන් නැසූ හෙයින් අර්හත් නම් වන සේක

ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ අනාගාමි මාර්ගයෙන් කෙලෙස් සතුරන් නැසූ හෙයින් අර්හත් නම් වන සේක

ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ අනාගාමි මාර්ගයෙන් කාම රාගය නැසූ හෙයින් අර්හත් නම් වන සේක

ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ අනාගාමි මාර්ගයෙන් ව්‍යාපාදය නැසූ හෙයින් අර්හත් නම් වන සේක

ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ අර්හත් මාර්ගයෙන් කෙලෙස් සතුරන් නැසූ හෙයින් අර්හත් නම් වන සේක

ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ අර්හත් මාර්ගයෙන් රූප රාගය නැසූ හෙයින් අර්හත් නම් වන සේක

ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ අර්හත් මාර්ගයෙන් අරූප රාගය නැසූ හෙයින් අර්හත් නම් වන සේක

ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ අර්හත් මාර්ගයෙන් උද්ධච්චය නැසූ හෙයින් අර්හත් නම් වන සේක

ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ අර්හත් මාර්ගයෙන් මාන්නය නැසූ හෙයින් අර්හත් නම් වන සේක

ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ අර්හත් මාර්ගයෙන් අවිද්‍යාව නැසු හෙයින් අර්හත් නම් වන සේක

ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ සංසාර චක්‍රයේ කම්ම වට්ට, විපාක වට්ට, ක්ලේශ වට්ට, අර සිඳලූ හෙයින් අර්හත් නම් වන සේක

ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ ආර්ය මාර්ගයෙන් අවිද්‍යාව අරසිඳලූ හෙයින් අර්හත් නම් වන සේක

ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ ආය¸ මාර්ගයෙන් සංඛාර අරසිඳලු හෙයින් අර්හත් නම් වන සේක

ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ ආය¸ මාර්ගයෙන් විඤ්ඤාණ අරසිඳලූ හෙයින් අර්හත් නම් වන සේක

ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ ආය¸ මාර්ගයෙන් නාම රූප අරසිඳලු හෙයින් අර්හත් නම් වන සේක

ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ ආය¸ මාර්ගයෙන් සලායතන අරසිඳලූ හෙයින් අර්හත් නම් වන සේක

ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ ආය¸ මාර්ගයෙන් ස්පර්ශය අර සිඳලු හෙයින් අර්හත් නම් වන සේක

ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ ආය¸ මාර්ගයෙන් වේදනාව අර සිඳලු හෙයින් අර්හත් නම් වන සේක

ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ ආය¸ මාර්ගයෙන් තණ්හාව අර සිඳලු හෙයින් අර්හත් නම් වන සේක

ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ ආය¸ මාර්ගයෙන් කාම තණ්හාව අර සිඳලු හෙයින් අර්හත් නම් වන සේක

ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ ආය¸ මාර්ගයෙන් භව තණ්හාව අර සිඳලු හෙයින් අර්හත් නම් වන සේක ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ ආය¸ මාර්ගයෙන් විභව තණ්හාව අර සිඳලු හෙයින් අර්හත් නම් වන සේක

ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ ආය¸ මාර්ගයෙන් රූප තණ්හාව අර සිඳලු හෙයින් අර්හත් නම් වන සේක

ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ ආය¸ මාර්ගයෙන් ශබ්ද තණ්හාව අර සිඳලු හෙයින් අර්හත් නම් වන සේක ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ ආය¸ මාර්ගයෙන් ගන්ධ තණ්හාව අර සිඳලු හෙයින් අර්හත් නම් වන සේක

ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ ආය¸ මාර්ගයෙන් රස තණ්හාව අර සිඳලු හෙයින් අර්හත් නම් වන සේක

ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ ආය¸ මාර්ගයෙන් පොට්ටබ්බ තණ්හාව අර සිඳලු හෙයින් අර්හත් නම් වන සේක

ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ ආය¸ මාර්ගයෙන් ධම්ම තණ්හාව අර සිඳලු හෙයින් අර්හත් නම් වන සේක

ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ ආය¸ මාර්ගයෙන් උපාදාන අර සිඳලු හෙයින් අර්හත් නම් වන සේක

ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ ආය¸ මාර්ගයෙන් භව අර සිඳලු හෙයින් අර්හත් නම් වන සේක

ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ ආය¸ මාර්ගයෙන් ජාති අර සිඳලු හෙයින් අර්හත් නම් වන සේක

ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ ආය¸ මාර්ගයෙන් ජරා මරණ අර සිඳලු හෙයින් අර්හත් නම් වන සේක

ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ ආමිස පූජාවන්ට සුදුසු වූ හෙයින් අර්හත් නම් වන සේක

ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ ප්‍රතිපත්ති පූජාවන්ට සුදුසු වූ හෙයින් අර්හත් නම් වන සේක

ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ රහසින්වත් පවක් නැති අති පාරිශුද්ධ සන්තානයක් ඇති හෙයින් අර්හත් නම් වන සේක

 

 

බිනර පුර පසළොස්වක පෝය

බිනර පුර පසළොස්වක පෝය සැප්තැම්බර් 29 වැනි දා සෙනසුරාදා පූර්ව භාග 08.06 ට ලබයි.
30 වැනිදා ඉරිදා පූර්ව භාග 08.51 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම සැප්තැම්බර් 29 වන දා සෙනසුරාදා ය.

මීළඟ පෝය ඔක්තෝබර් 08 වන දා සඳුදා ය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

සැප්තැම්බර් 29

Second Quarterඅව අටවක

ඔක්තෝබර් 08

New Moonඅමාවක

ඔක්තෝබර් 15

First Quarterපුර අටවක

ඔක්තෝබර් 22


2012 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]