UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

යක්කල වීදියවත්ත අරඹේගොඩැල්ල ශ්‍රී සලීල දස්සනාරාමය


විහාර මන්දිරයේ සම්බුද්ධ ප්‍රතිමා වහන්සේ

යක්කල – මහනුවර ප්‍රධාන මාර්ගයේ වීදියවත්ත අරඹේගොඩැල්ල ගංඉම ශාන්ත සුන්දර පරිසරයක වෙල්යාය අසල සුන්දර භූ®මි භාගයක ශශ්‍රී සලීල දස්සනාරාමය පිහිටා තිබේ. “සලීලදස්සන’ යන නමට ගැලපෙන පරිදිම මනස්කාන්ත ජලාශයක් ආසන්නයේම පිහිටා ඇත.


අලංකාර විහාර මන්දිරය

දැනට “අරඹේගොඩැල්ල” නමින් හඳුන්වන පරිශ්‍රය වළගම්බා රජ සමය තුළ “කඩුහරඹ ගොඩැල්ලක්” ලෙස තිබූ බවට ජනවහරෙහි දැක්වෙන අතර මෙම භූ®මියෙහි ගෙවීගිය කඩු කොටස් හමුවී ඇතැයි විශ්වාසයේ පවතී.

1933 ජුනි 12 දින සිරිනිවාස මහා ස්වාමින් වහන්සේ වෙතින් ‘කොටුගොඩ සද්ධානන්ද හිමි’ නමින් පීරිස් නමැති අයෙකුගේ සොහොයුරෙකු පැවිදි වූ බවද, 1945 නොවැම්බර් 02 දින මෙම ජනශූන්‍ය ගොඩැල්ලෙහි සද්ධානන්ද හිමියනට ස්වකීය ඥාතීන් පිරිසක් සමඟ පළාතේ සමාජසේවක පිරිසක්ද එකතුවී පුංචි ආරාමයක් කරවීම විහාරස්ථානයේ ආරම්භය ලෙස සැලකේ. එම පූජාභූ®මියේ සිට අවට බැලූවිට හැම තැනම පෙනෙන්නේ ජලබිම් නිසා ටී.ධර්මවර්ධන කරුණාතිලක මහතා විසින් මෙම විහාරය ‘සලීල දස්සනාරාමය’ ලෙස නම් තබා ඇත.

මෙම විහාරය, ආරම්භක ආරාමය, සැදීමට මුල් වූ අය ලෙස විශ්‍රාමලත් පාඨශාලාචාර්ය ටී.ධර්මවර්ධන කරුණාතිලක, ධර්මදාස බියන්විල (නොතාරිස්) පාඨශාලාචාර්ය බී.ඩී.චාර්ලිස්, පණ්ඩිත ජී.පී. වික්‍රමආරච්චි රාළහාමි, යක්කල ලින්කන් සයිමන් අල්විස් ඇතුළු ගම්වාසීන් පිරිසක්ද වේ.


චෛත්‍යරාජයාණන් වහන්සේ

සද්ධානන්ද හිමිපාණන් අපවත්වීමෙන් පසු බෙම්මුල්ලේ විද්‍යාකර පරිවෙණාධිපති හේන්පිටගෙදර ඥානානන්ද ලොකු හාමුදුරුවන්ගේ අනුශාසනා පරිදි මෙම පන්සලේ නම ලියාපදිංචි කර දී ඇත. ‘ඇනිකට්’ එක සඳහා තිබූ අඩි තුනක් පළල පාලම වාහන ගෙන යා හැකි පාලමක් ලෙස 1950 එවකට සිටි වාරිමාර්ග ඉංජිනේරුවරයෙකු විසින් පුළුල්කර එවකට කෘෂිකර්ම ඇමැතිව සිටි ඩඩ්ලි සේනානායක මහතා විසින් විවෘත කිරීමත් එදිනම මෙම විහාරස්ථානයේ බෝධියක් රෝපණය කිරීමද සිදුකර ඇත. වීරඟුල, ග්‍රාම සංවර්ධන සමිතියේ සභාපති ඒ.ඩී.චන්ද්‍රසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් පිරිසක් විසින් විහාරස්ථානයට යන මාර්ගය සකස් කර දී ඇත. 1976 වසරේ දෙවලපොල සීලවංශ හිමියන් මෙහි වැඩ විසූ අතර, පන්සලට විදුලි ආලෝකය 1983.8.23 ලැබූ අතර, දැනට ඉදිකර ඇති බුදුමැදුරට මුල්ගල් තබා ඇත්තේ 1984 නොවැම්බර් 25 දිනයේය. ඉහළ වීදියවත්ත, පහළ වීදියවත්ත, මොරැන්න, ගල්තොටමුල්ල යනාදි ගම්මානවල දායක දායිකාවන් නිරන්තරයෙන් මෙම විහාරස්ථානයට පැමිණ ආගමික හා සංස්කෘතික කටයුතුවලට දායකත්වය ලබාදීම ප්‍රශංසනීය.


අභිනවයෙන් ඉදිවන තෙමහල් ධර්මශාලාව, ධාතු මන්දිරය සහ අනුර දහම් පාසල් ගොඩනැගිල්ල

විශේෂයෙන් අරඹේගොඩැල්ල, ශ්‍රී සලීල දස්සනාරාම වත්මන් විහාරාධිපති ගෞරව ශාස්ත්‍රවේදී ගවරවෙල ගුණරතන හිමිපාණන් මෙම විහාරස්ථානයට වැඩම කළ දින සිට, විහාරස්ථානයේ දියුණුවට කර ඇති මෙහෙවර අගනේය. විහාරස්ථානයේ යෝජිත තෙමහල් ධර්ම ශාලාව දැනට අර්ධ වශයෙන් වැඩ නිමවී ඇත. උන්වහන්සේගේ මඟ පෙන්වීම යටතේ පන්සල් භූ®මියේ සිදුකර ඇති ප්‍රතිසංස්කරණවලට අමතරව ධාතු මන්දිරය, අනුර දහම් පාසල විශේෂත්වයක් වේ.

ප්‍රදේශයේ දහම් පාසල් නොගිය සෑම ශිෂ්‍යයෙක්ම මෙම දහම් පාසලට එක්වී ඇති අතර දැනට සිසුන් දහසකට ආසන්න පිරිසක් මෙම දහම් පාසලින් ඉගෙනීම කරති.


බෝධීන් වහන්සේ

සලීල දස්සනාරාමයේ සෑම සෙනසුරාදා, ඉරිදා, දිනයන්හිම නොකඩවා පවත්වන ආශිර්වාද බෝධිපූජාව එම දිනයන්හි පස්වරු 6.15 ට පැවැත්වේ. එය විශේෂ ආගමික කටයුත්තකි. සෑම පුර පසළොස්වක දිනකම, විශේෂ සීල, භාවනා, ධර්ම දේශනා වැඩසටහනකි. මේ සියලු කටයුතුවලට ප්‍රධාන අනුශාසක ස්වාමින්වහන්සේ වන බෙම්මුල්ල බණ්ඩාර බටවල විද්‍යාකර මහපිරුවනේ පරිවෙණාධිපති ගෞරව ශාස්ත්‍රවේදී හේන්පිටගෙදර විමලානන්ද හිමිපාණන්ගෙන් ලැබෙන අනුශාසනා බෙහෙවින් අගේ කරන බැව් විහාරාධිපති ගවරවෙල ගුණරතන හිමිපාණෝ පැවසූහ.

 


විහාරාධිපති ගවරවෙල ගුණරතන හිමි

එසේම සලීල දස්සන විහාරස්ථ දායක සභාවේ සභාපති සාමවිනිසුරු සෝමතුංග වරාගොඩ මහතා ප්‍රමුඛ දායක සභාව, සංඝමිත්තා කුළඟන සමිතියේ සභාපතිනි හේමලතා ජයසූරිය (සුදුහාමිනේ) උපාසිකාව ප්‍රමුඛ පිරිස, බෞද්ධ සමිතිය, අනුර දහම් පාසල් සංවර්ධන සමිතියේ සියලු සාමාජිකයින්ගේ කැපවීම, දායකත්වය, නිසාම මෙම විහාරස්ථානය අංග සම්පූර්ණ විහාරස්ථානයක් බවට පත්කර ගැනීමට හැකිවූවේයැයි කෘතවේදීව පැවසූහ.

 

 

 

 

 

 

 
බිනර පුර අටවක පෝය

බිනර පුර අටවක පෝය සැප්තැම්බර් මස 22 වැනි දා සෙනසුරාදා අපරභාග 02.12 ට ලබයි.
23 වැනි දා ඉරිදා අපරභාග 12.20 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම සැප්තැම්බර් 22 වැනිදා සෙනසුරාදාය.

මීළඟ පෝය
සැප්තැම්බර් 29 වැනි දා සෙනසුරාදා ය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

සැප්තැම්බර් 22

Full Moonපසෙලාස්වක

සැප්තැම්බර් 29

Second Quarterඅව අටවක

ඔක්තෝබර් 08

New Moonඅමාවක

ඔක්තෝබර් 15


2012 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]