UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

අංක 35,
ඩී. ආර්. විජයවර්ධන මාවත,
ලේක්හවුස් - කොළඹ.

දුරකතන‍‍:
94-11-2429598, 94-11-2429429

ෆැක්ස්:
94-11-2429329, 94-11-2449069

ඊමේල්:
[email protected]

බිනර පුර අටවක 2012 සැප්තැම්බර් 22 වන දා

කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය

මාජයේ වෙසෙන බොහෝ දෙනාගේ අපේක්‍ෂාව වනුයේ අර්ථවත් සාර්ථක ජීවිතයක් ගත කිරීමයි. එසේ සාර්ථක ජීවිතයක් ගත කිරීම සඳහා කරුණු රැසක් සපුරා ගත යුතුව ඇත.

එහිදී ඉතා වැදගත් වන කරුණක් නම් මිනිසා බුද්ධිමත්ව ක්‍රියා කිරීමයි.

බුද්ධිය ළඟා කරගැනීමට දැනුම, ඤාණය වර්ධනය කර ගත යුතු වේ. ඊට පහසුම මාර්ගය වනුයේ පොත පත පරිශීලනය කිරීමයි.

අපේ රටේ ශාක්‍ෂරතාවය ඉතා ඉහළ මට්ටමක පවතින බව විවිධ සමීක්‍ෂණ වාර්තා පෙන්වා දෙයි. කියවීමේ හා ලිවීමේ හැකියාව අතින් අපේ ජනතාව එසේ ඉහළ මට්ටමකට පත්වීම සඳහා විවිධ හේතු සාධක බලපාන්නට ඇත. එහෙත් ඊට ද ප්‍රධාන එක් හේතුවක් ලෙස දැක්විය හැක්කේ මිනිසා කියවීමට, ලිවීමට දක්වන දැඩි කැමැත්තය. දැඩි අපේක්‍ෂාවය.

පොතපත කියවීම මඟින් තමන්ගේ දැනුම වර්ධනය කරන බව අමුතුවෙන් කිව යුතු නොවේ.

අපේ අනාගතය රැඳී පවතිනුයේ වර්තමානයෙහි හැදෙන වැඩෙන දරු පරපුර මතය. එසේනම් එවන් භාරදූර කටයුත්තක් මනා ලෙස ඉටු කිරීමට නම් අපේ දරු පරපුර දැනුමෙන් ද පෝෂණය වී සිටිය යුතු ය. ඊට අප ඔවුන් වෙත නිසි මඟ පෙන්විය යුතු ය.

දැනුම වර්ධනයට කියවිය යුතු ය. ඒ අයහපත් පොතපත නොව යහපත උදාකරන පොතපත ම විය යුතුය. යහමඟ, යහපත කියාදෙන පොතපත දරුවාට යහ මඟ හෙළිකරන කලණ මිතුරෙකු වැනිය.

දරුවාගේ සිතිවිලි, අදහස් ඉතා පහසුවෙන් ඕනෑම දිසාවකට යොමු කරවීම ඉතා පහසුය. එබැවින් ඒ බව වටහාගත් ගුරු දෙගුරුන්ගේ වගකීම විය යුත්තේ හැමවිට දරුවාගේ මානසික සංවර්ධනය සඳහා ම නිසි මඟ පෙන්වීම ය.

නරක සිතිවිල්ලෙහි, නපුරු ක්‍රියාවෙහි යහපත් ප්‍රතිඵල ඇත්තේ ම නැත. එහි ඇත්තේ නපුර ම පමණි.

එහෙත් යහපත් සිතිවිල්ල ම පුද්ගලයා යහපතට ම යොමු කරවයි. මේ නිසා මනැස වැඩෙන නැණැස වැඩෙන පොත පත කියවීම හා අන් අයට ද එය කියවීමට සැලැස්වීම අපගේ යුතුකම විය යුතු ය.

නව ලොව ජය ගැනීමට නවීන තාක්‍ෂණය පිළිබඳ දැනුම වර්ධනය කර ගත යුතු මෙන්ම යහගුණයෙන් ජීවත්වීමට දහම් පොතපත ද කියවිය යුතු ම ය. එසේ නොවුවහොත් දහමට නැඹුරු විය නොහැකි ය.

අද අපේ සමාජයේ කුඩා, තරුණ දූ පුතුන් වැඩි වැඩියෙන් දහමට නැඹුරු වන කාලයක් ලෙස මෙක ල අපට සතුටු විය හැකි ය. එය අනාගතයේ සුබ පෙර නිමිත්තක් ලෙස ද අගය කළ හැකි වේ.

විහාරස්ථාන, ආගමික සිද්ධස්ථාන ලෙස විමසිල්ලෙන් බලන විට වියපත් පිරිසට නො දෙවැනි කුඩා හා තරුණ පිරිස ද ආගමික අංශය වෙත නැඹුරු වී ඇති ආකාරය පැහැදිලිව දක්නට ලැබෙන්නකි.

කුඩා හා තරුණ අය පමණක් නොව වියපත් අය පවා ආගමික හැදියාවෙන් පෝෂණය වීම සඳහා ධර්මානුකූල දිවිපෙවෙතක් ගත කරන අතර බොදු පොත පත කියවීමට පෙළඹී සිටින බව දැක ගත හැකි වේ.

විවිධ විෂය යටතේ පළවන පොත මෙන්ම බොදු පොතපතට ද අද විශේෂ ඉල්ලීමක් පවතිනුයේ බොදු පොතපත කියවන පිරිස දිනෙන් දිනම වැඩි වන බැවිනි.

මේ දිනවල කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ දී ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයක් පැවැත්වේ. ඒ සඳහා දිනකට අතිවිශාල පිරිසක් සහභාගිවන බව ද පෙනි යන කරුණකි. ඊට ප්‍රධාන හේතුව වී ඇත්තේ කියවීමේ රුචිය මිනිසා තුළ වර්ධනය වී ඇති බවයි.

දේශීය ග්‍රන්ථ ප්‍රකාශකවරුන් මෙන්ම විදේශීය ග්‍රන්ථ ප්‍රකාශකවරුන් සහභාගිවන එම පොත් ප්‍රදර්ශනයේ දී විවිධ විෂයන් යටතේ පළ කැරුණු විවිධ ග්‍රන්ථ එහිදී එකම ස්ථානයකදී මිලදි ගැනීමේ හැකියාව පාඨකයාට උදා වී ඇත.

විවිධ ආගම්, විවිධ භාෂා වලින් ද සමන්විත ග්‍රන්ථ හා විවිධ විෂයයන් යටතේ පළ වී ඇති ග්‍රන්ථ වසරේ එකම ස්ථානයකදී ලබා ගත හැකි මහඟු අවස්ථාව නම් මෙම ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය වේ.

එබැවින් කියවීම අගයන කියවීමේ රුචිය ඇති පාඨකයන් මෙන්ම ලේඛකයන් ද එම පොත් ප්‍රදර්ශනය නැරඹීමෙන් පොත පත පිළිබඳ දැනුම තව තවත් වර්ධනය කර ගත හැකි අයුරු පසක් කරගත යුතු වේ.

වටිනා පොතක් මිල දී ගැනීමෙන් මෙන් ම එය කියවීමෙන් පමණක් නොව මතු පරපුරට කියවීමට සැලැස්වීමෙන් ද මහඟු දායාදයක කොටස් කරුවන් වීමට එය පහසු අවස්ථාවක් වී ඇති බව ද පෙනේ.

කරුණු මෙසේ හෙයින් දැනුම වර්ධනයට ගුණ දහම් පෝෂණයට පොත පත කියවීමට තව තවත් නැඹුරු වීමට උත්සාහ කරමු.

එවිට සාර්ථක දිවි ගමනකට යහපත් අඩිතාලමක් යොදා දිවිගමන ශක්තිමත් කරගැනීමට උචිත පියවර රැසක් ඉදිරියට තැබුවා යැයි තම තමන්ටම නිරන්තරයෙන් සතුටට පත් විය හැකි බව අවබෝධ කර ගත යුතු වේ.

 
බිනර පුර අටවක පෝය

බිනර පුර අටවක පෝය සැප්තැම්බර් මස 22 වැනි දා සෙනසුරාදා අපරභාග 02.12 ට ලබයි.
23 වැනි දා ඉරිදා අපරභාග 12.20 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම සැප්තැම්බර් 22 වැනිදා සෙනසුරාදාය.

මීළඟ පෝය
සැප්තැම්බර් 29 වැනි දා සෙනසුරාදා ය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

සැප්තැම්බර් 22

Full Moonපසෙලාස්වක

සැප්තැම්බර් 29

Second Quarterඅව අටවක

ඔක්තෝබර් 08

New Moonඅමාවක

ඔක්තෝබර් 15


2012 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]