බුදුසරණ අන්තර්ජාල කලාපය - බොදු පුවත් (ඡායාරූප)
 
	
		
			බොදු පුවත් (ඡායාරූප) 
 
			
				
					
						| 
						 
						   | 
					 
					
						| 
						 ඇඹිලිපිටියේ සෙවනගල විදානගේ උපුල් 
						පි‍්‍රයන්ත සහ මංගලිකා හස්තසිංහ යුවළගේ දෙටු පුත් පසිඳු 
						දිල්හාන් දරුවා ඉකුත්දා කුරුවිට කෝරළේ අධිකරණ සංඝනායක 
						අස්ගඟුලේ විමලරතන හිමිපාණන්ගේ ආචාර්යත්වයෙන් සහ 
						ශාස්ත්‍රපති පරණගම ධම්මානන්ද හිමිපාණන්ගේ උපාධ්‍යායත්වයෙන් 
						ඇහැලියගොඩ, පොල්වත්ත මහා විහාරයේ දී සසුන් ගත විණ. සෙවණගල 
						සීලරතන යන නමින් සසුන්ගතවූ දරුවා සිය උපාධ්‍යායයන් වහන්සේ 
						ප්‍රමුඛ මහා සංඝරත්නයට වැඳ නමස්කාර කළ මොහොත සේයාරුවෙන් 
						දැක්වේ. 
						සටහන සහ සේයාරුව: නිමල් විජයතුංග, ඇහැලියගොඩ විශේෂ  | 
					 
					
						| 
						 
						   | 
					 
					
						| 
						 වාද්දූව, දෙල්දූව ගනේවත්ත පුරාණ 
						විහාරස්ථානයේ කිතලගම නන්දසාර ස්වාමීන් වහන්සේගේ පැවිදි 
						ජීවිතයට වසර 21 ක් පිරීම නිමිත්තෙන් පින්කම් රාශියක් ඉකුත් 
						දා පැවැත්විණ. එයට සමගාමීව තල්වත්ත කනිෂ්ට විද්‍යාලයේ 8 
						ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ එදිරිමාන්නගේ ශ්‍රීයන්ත සම්පත් 
						විජේනායක ශිෂ්‍යයා, කිතලංගම නන්දසාර ස්වාමීන් වහන්සේගේ 
						ආචාර්යත්වයෙන් යුක්තව කටුවන සුරක්ඛිත සාමණේර හිමි යන නමින් 
						සසුන් ගත වූ අවස්ථාව ඡායාරූපයෙන් දැක්වේ. 
						එච්.එල්. සුනිල් ශාන්ත, කළුතර ඩේලි නිව්ස් වාර්තාකරු  | 
					 
					
						
						  | 
					 
					
						| 
						 
						පාරම්පරික වෛද්‍ය එච්.බී. බෝවත්තේ මහතාගේ පණස්වෙනි 
						ගුණානුස්මරණය මුල්කරගෙන බෝවත්තේ සමාජ සත්කාර පදනම මගින් 
						ක්‍රියාත්මක කරනු ලබන ආගමික සෞඛ්‍ය, සමාජ, අධ්‍යාපන 
						සේවාවන් අතර විහාරස්ථානවලට ධර්මාසන පූජාකිරීම යටතේ එහි 
						හත්වෙනි ධර්මාසනය පදනමේ සභාපති වෛද්‍ය ආනන්ද බෝවත්තේ මහතා 
						විසින් අංකුඹුර අලවත්ත තිසිංහලාරාමයට පූජා කළ අවස්ථාව. එම 
						ධර්මාසන සහිත මේසය විහාරාධිපති අංකුඹුරේ ධීරානන්ද 
						නාහිමිපාණන්ට බාර දීමේ අවස්ථාවට සීදේවි බෝවත්තේ මහත්මියද 
						සහභාගි වූවා ය. සටහන: ඡායාරූපය කේ. බණ්ඩාරනායක  | 
					 
					 
			 
			  | 
	 
     
				 | 
				
				
					
									 | 
								 
					
						
 
	
		
			
 
	
		| 
					
					බිනර පුර අටවක පෝය 
					 
					බිනර පුර අටවක පෝය සැප්තැම්බර් මස 22 වැනි දා 
					සෙනසුරාදා අපරභාග 02.12 ට ලබයි. 
					23 වැනි දා ඉරිදා අපරභාග 12.20 දක්වා පෝය පවතී. 
					සිල් සමාදන්වීම සැප්තැම්බර් 22 වැනිදා සෙනසුරාදාය. 
					 
					මීළඟ පෝය  
					සැප්තැම්බර් 29 වැනි දා සෙනසුරාදා ය.  | 
	 
	
		
  | 
	 
	
		| 
		
				 | 
	 
	 
 
			 | 
		 
	 
 
 | 
					 
					
									 | 
								 
				 
				 |