UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

සිතිවිල්ලේ බලය

මිනිසාගේ මානසික පක්‍ෂය නිවැරැදි නම් පිරිසුදු නම් ඔහු කායික වශයෙන්ද ප්‍රබෝධමත් පුද්ගලයකු වේ. ඔහු කායික මානසික ශක්තියෙන් පරිපූර්ණ වූ අයකුද වේ. යමකු වැරැදි දෙයක් කරන්නේ නම් එයින් ඈත්වීමට පසුව උත්සාහ ගත්තද, ජීවිතයේ ඒ වැරදි දේ කිරීමෙන් ඇතිවූ කැළල මැකීමට නොහැකි බව පැවසේ.

සිත සෑම දෙයකටම ප්‍රධාන බව බුදුදහමේ දක්වා ඇත. සාමාන්‍යයෙන් සිතක ක්‍රෝධජනක හා කාමාශක්ත සිතිවිලි හට ගනී. එම සිතිවිලිවලින් ගැළවී ඉවත්වී ජීවත්වීම විශාල ජයග්‍රහණයක් ලැබුවා වෙයි. පංචකාමයට බරනොවන සිතිවිලි වගාකර ගැනීමට යමකු උත්සාහ කරන්නේ නම් එය වඩාත් ප්‍රශස්ත වේ. ඒ ඒ පුද්ගලයාගේ ස්වභාවය අනුව ක්‍රෝධය, ඊර්ෂ්‍යාව, තණ්හාව, කාමය හට ගනී. අධික කාමාශක්ත පුද්ගලයකුට එම සිතිවිලි වලින් මිදීමට වඩාත් අපහසුවෙයි. පෘතග්ජන ලෞකිකවාදී පුද්ගලයකුට තම සිත දමනය කර ගැනීමට තරම් අසීරු තවත් දෙයක් නැත.

මිනිසාගේ මානසික පක්‍ෂය නිවැරැදි නම් පිරිසුදු නම් ඔහු කායික වශයෙන්ද ප්‍රබෝධමත් පුද්ගලයකු වේ. ඔහු කායික මානසික ශක්තියෙන් පරිපූර්ණ වූ අයකුද වේ. යමකු වැරැදි දෙයක් කරන්නේ නම් එයින් ඈත්වීමට පසුව උත්සාහ ගත්තද, ජීවිතයේ ඒ වැරදි දේ කිරීමෙන් ඇතිවූ කැළල මැකීමට නොහැකි බව පැවසේ. එහෙත් යමකු මහා දාගැබක් තරම් වූ තරමට පින්රැස් කරන්නේ නම් තමන් කළ අකුසල් පරදා උට්ඨාන වීර්යයෙන් මාර්ගඵල ලබා ගත හැකිය.

තණ්හාව තව තවත් වැඩිකර ගනිමින් සිය දෛනික ජීවිතය සකස් කර ගන්නා අයකුට සසරින් ගැළවීමට මඟක් නැත. අකුසලයටම එය බර කරයි නම් එයට මෙලොවදීම ඵල විපාක ලැබේ.

තද කෝපයද මිනිසාට හොඳ නැති අංශයකි. තදින් කෝප වන්නේ හෘද රෝගවලට මුහුණදීමේ අවදානම වැඩිබව නූතන වෛද්‍ය මතයයි. අධික ක්‍රෝධ සිතිවිලි මිනිසාගේ නිවැරදි සිතිවිලි කපා පාගාදමන අතර සුන්දර සිතිවිලි සුණුවිසුණූ කරයි. අධික කාමාශක්ත පුද්ගලයකුට නොයෙක් කරදර වලට නින්දා අපහාස වලට මුහුණ දීමට සිදුවෙයි. සමාජයේ ගැරහුම් විඳින්නට සිදුවේ.

ඔබ සැබෑ බෞද්ධයකු නම් කිසිවකුට නරකක් නපුරක් කරන්නට උත්සාහ කරන්නකුද නොවේ. මනස සියලු දහමට මූලික වෙයි. පූර්වාදර්ශය සපයයි. යමකු කාමයට ආසක්ත වේ නම් ඔහු සදාකාලික මානසික රෝගියෙකි. මෙලොවදීම ඔහුට දුක්කරදර වලට මුහුණදීමට සිදුවේ. ස්ත්‍රීන් දූෂණයට ලක්කරන කාමාතුරයින්ට නීතියේ රැහැනින් ගැළවී සිටිය නොහැකිය. එවැන්නන්ට අසල්වාසීන්ගෙන් පිහිටක් නැත. සමාජයද එම පුද්ගලයා පිළිකුලට ලක්කරයි.

තමන් පිරිසුදු නම් මඩෙහි පිපෙන නෙළුම් මලක් සේ මඩ නොතැවරී පිපෙන්නට හැකියාව තිබිය යුතුය. ඕනෑම මිනිසුන් කණ්ඩායමක් මැද පිරිසුදුව සිතන්නකුට ඔවුන්ගේ වැඩකටයුතුවලට හවුල්නොවී සිටිය හැකිය. එයට අධිෂ්ඨාන ශක්තියත් දැඩි ආත්ම සංයමයත් අවශ්‍ය වේ. යමෙක් ලෝකයේ නරකදේටම ඇලීමකින් වාසය කරන්නේ නම් ඔහු අස්වැන්න වශයෙන් ලබාගන්නේ නරක ප්‍රතිඵල මය. හොඳ දෙයින් හොඳ ප්‍රතිඵලත් නරක දෙයින් නරක ප්‍රතිඵලත් ලැබේ.

නූතන ලෝකයේ අන්තර්ජාලයට නරක සිද්ධීන් ප්‍රවෘත්තින් ඇතුළත් කරන්නකුට එය ක්‍රියා කරවීමේදී ලැබෙන්නේ නරක සිද්ධීන්මය. හොඳ සිද්ධීන් ඇතුළත් හොඳ සිද්ධීන් පාඨකයාට තිළිණ කරයි.

සැමටම සිත ප්‍රධාන වන සිත පිරිසුදුව සන්සුන්ව තබා ගැනීමට අප උත්සාහ කළ යුතුය.

 

 
බිනර පුර අටවක පෝය

බිනර පුර අටවක පෝය සැප්තැම්බර් මස 22 වැනි දා සෙනසුරාදා අපරභාග 02.12 ට ලබයි.
23 වැනි දා ඉරිදා අපරභාග 12.20 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම සැප්තැම්බර් 22 වැනිදා සෙනසුරාදාය.

මීළඟ පෝය
සැප්තැම්බර් 29 වැනි දා සෙනසුරාදා ය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

සැප්තැම්බර් 22

Full Moonපසෙලාස්වක

සැප්තැම්බර් 29

Second Quarterඅව අටවක

ඔක්තෝබර් 08

New Moonඅමාවක

ඔක්තෝබර් 15


2012 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]