UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

පෝදා පින්කම්

ජයසිරි මහ බෝධිය

මහාවිහාර අධිබිනර පුන් පොහොය වැඩසටහන මේ මස 31 දිනට යෙදෙන අධිබිනර පුන් පොහෝ දින පෙරවරු 6.00 සිට පසු දින පෙරවරු 6.00 තෙක් අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධි විහාරස්ථානයේ මහාවිහාර සන්නිපාත ශාලාවේ දී පැවැත්වේ.

පුන් පොහෝ දිනවල අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධි විහාරස්ථානයට පෙහෙවස් සමාදන් වීමට පැමිණෙන සැදැහැවතුන් සඳහා අනුරාධපුර අටමස්ථානාධිපති සහ උතුරු මධ්‍යම දිසාවේ ප්‍රධාන සංඝනායක ආචාර්ය පල්ලේගම සිරිනිවාස නාහිමිගේ අනුශාසනා පරිදි පැවැත්වේ.

මහාවිහාර පුන් පොහොය වැඩ සටහන මගින් ක්‍රියාත්මක කරනු ලබන අනුරාධපුර දිස්ත්‍රික්කයේ පිරිවෙන් පුස්තකාල සංවර්ධන වැඩ පිළිවෙළේ සිව්වැනි අදියර මෙදින ඇරැඹේ. මෙහි දී අනුරාධපුර දිස්ත්‍රික්කයේ පිරිවෙනක පුස්තකාලයක් සඳහා අනුරාධපුර මහාවිහාර සංඝ සභාවේ සභාපති, අනුරාධපුර අටමස්ථානාධිපති සහ උතුරු මධ්‍යම දිසාවේ ප්‍රධාන සංඝනායක ආචාර්ය පල්ලේගම සිරිනිවාස නාහිමි අතින් රුපියල් පන්දහසක් වටිනා පුස්තකාල පොත් පිරිනමනු ලැබේ. මේ සඳහා මහාවිහාර පුන් පොහොය වැඩසටහනට සහභාගි වන උවසු උවැසියන් සහ කොරතොට අරුණාරාමයේ භාවනා වැඩසටහනට සහභාගි වන සිල් මාතාවන් හා භාවනායෝගීහු අනුග්‍රහය දක්වති.

අනතුරු ව අනුරාධපුර අටමස්ථානාධිපති සහ උතුරු මධ්‍යම දිසාවේ ප්‍රධාන සංඝනායක ආචාර්ය පල්ලේගම සිරිනිවාස නාහිමිපාණන් වහන්සේගේ අනුශාසනය පැවැත්වේ. මෙම අධිබිනර පුන් පොහොය වැඩසටහනට ධර්ම දේශනා, ධර්ම සාකච්ඡා, භාවනා, බුද්ධ පූජා සහ බෝධි පූජා ද ඇතුළත් වේ.

පුන් පොහොය වැඩසටහනට සහභාගි වී පෙහෙවස් සමාදන් වන පින්වතුනට උපෝසථ ශීලය රැකීමට අවශ්‍ය දානමානාදී පහසුකම් අටමස්ථානාධිපති නාහිමිගේ අනුශාසනා පරිදි සලසා දෙනු ලැබේ.

සැප්තැම්බර් මස 1 වැනිදා, සෙනසුරාදා, එනම් අධිබිනර පුන් පොහොය දිනට පසු දින අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධි විහාරස්ථානයේ දී භාවනා වැඩසටහනක් පැවැත්වීමට ද කටයුතු යොදා ඇත. අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධි විහාරස්ථානයේ මහාවිහාර සන්නිපාත ශාලාවේ දී එදින පෙරවරු 8.00 සිට පෙරවරු 10.00 තෙක් පුරා පැය දෙකක් මෙම භාවනා වැඩසටහන පැවැත්වේ.

භාවනා වැඩසටහන මෙහෙයවනු ලබන්නේ රෝහිත විජයතිලක මහතා විසිනි.


බම්බලපිටියේ සිරි වජිරාරාමය

බම්බලපිටිය, සිරි වජිරාරාමයේ අධි නිකිණි පෝදා සීල සමාදාන වැඩසටහන මෙසේ ය.

පෙරවරු 6.00 – 7.15 සිල් සමාදන් කරවීම අනුශාසනාව සහ බුද්ධ පූජාව සිරි වජිරාරාමාධිපති රාජකීය පණ්ඩිත ත්‍රිකුණාමලේ ආනන්ද අනු නා හිමි, 8.00 – 9.00 ධර්මානුශාසනාව වෙරළුගොල්ලේ උදයානන්ද හිමි, 9.00 – 9.45 විශේෂ ධර්මානුශාසනාව අග්ගමහා පණ්ඩිත වැලිගම ඤාණරතන මහා නා හිමි, 9.45 – 11.00 භාවනාව සහ අනුශාසනාව ගම්පහ පාසාදික හිමි, 11.00 – 11.15 බුද්ධ පූජාව පැරකුම් පුර විශාරද හිමි, පස්වරු 12.30 – 1.30 සෙත් පිරිත් සහ තෙරුවන් ගුණ සජ්ඣායනය කඹුරුගමුවේ මහානාග හිමි, 1.30 – 2.30 ධර්ම සාකච්ඡාව පණ්ඩිත වැලිගේපොල සීලවංශ හිමි, 3.00 – 4.00 ධර්මානුශාසනාව වේරදුවේ මහින්ද හිමි, 4.00 – 5.00 ගිහි දේශනාව ජාතික සාරධර්ම ප්‍රවර්ධන මධ්‍යස්ථාන ප්‍රධානී ආචාර්ය පී‍්‍රති කුලතුංග ශූරීහු, 5.00 – 6.00 ධර්මදේශනය කොළඹ දිස්ත්‍රික්කයේ අධ්‍යාපන අධ්‍යක්‍ෂක විතාරන්දෙණියේ මේධානන්ද හිමි, 6.00 – 6.30 අටවිසි බුද්ධ පූජාව සිරි වජිරාරාම ස්වාමීන් වහන්සේලා, 6.30 – 7.00 තෙරුවන් ගුණ සජ්ඣායනාව හා සිල් අලුත් කිරීම පිටිපන ශාසනරතන හිමි.


හොරේතුඩුව

මොරටුව හොරේතුඩුව පුරාණ ශ්‍රී ගංගාරාම මහා විහාරස්ථානයේ දී වැලිගම අනුරුද්ධ හිමියන්ගේ අනුශාසනා පරිදි විශේෂ සීල සමාදාන වැඩසටහනක් සහිත පින්කම් මාලාවක් අධි බිනර පෝදා දවස පුරා පැවැත්වේ.

පෙ.ව. 6.00 සිල් සමාදන් කරවීම සහ තෙරුවන් වන්දනා කිරීම, 8.00 ධර්ම දේශනාව බොල්ලැගල සියම් රතන හිමි, 9.00 අරලියගහ මැදුරේ සිට විකාශනය වන රූපවාහිනි ධර්ම දේශනාව. 10.00 භාවනා වැඩසටහන මෙහෙයවීම, හිරණ ප්‍රජාපති සීලමාතා ආශ්‍රමයේ අධිපතිනි මහියංගනයේ විශාඛා ධම්මශීලා මෙහෙණින් වහන්සේ, 11.00 දවල් සම්බුද්ධ පූජාව, පස්වරු 1.00 ධම්මචක්ක සූත්‍ර දේශනාව (සාමූහිකව) 2.00 ධර්ම සාකච්ඡාව, මෙහෙයවීම අත්තිඩියේ නිහාල් පෙරේරා මහතා සහ ආචාරිනී නාවලගේ හිරෝෂිනී පෙරේරා මෙනෙවිය, 4.00 භාවනා පන්තිය මෙහෙයවීම, කෝලිත හෙට්ටිගේ මහතා, 6.00 රටට සෙත්පතා පැවැත්වෙන මහා බෝධි පූජාව මෙහෙයවීම බොල්ලැගල සියම් රතන හිමි.


කළුතර බෝධිය

අධි බිනර පොහෝ දින කළුතර බෝධි පරිශ්‍රයේ පවත්වනු ලබන ආගමික වැඩසටහන් මාලාව මෙසේ ය.

පෙරවරු 6.30 – 7.30 සිල් සමාදන් කරවීම, තෙරුවන් වන්දනාව හා බුද්ධ පූජාව මෙහෙයවීම බෝධාගම සුමනජෝති හිමි, 8.00 – 11.30 භාවනා හා ධර්ම දේශනය, ලේනව මංගල හිමි, පස්වරු 1.00 – 2.45 ධර්ම දේශනය පිටිගල ගුණරතන හිමි, 3.00 – 6.00 ධර්ම දේශනය තිබ්බොටුවාවේ සරණතිලක හිමි, 7.15 – 8.00 ධර්මාචාර්ය කේ. පරණවිතාන මහතා, මෙහෙයවන නව අරහාදී පහන් පූජාව, 8.15 සිට රූපවාහිනිය තුළින් බෞද්ධ වෙහෙර විහාර ස්ථාන නැරඹීම.


ජයශේඛරාරාමය

කොළඹ 10, කුප්පියාවත්ත ජයශේඛරාරාම විහාරස්ථානයේ අධි නිකිණි පුරපසළොස්වක පොහොයදා ශීල, භාවනා ධර්ම දේශනා මාලාවක් බස්නාහිර පළාතේ උපප්‍රධාන අධිකරණ සංඝනායක ත්‍රිපිටකාචාර්ය, තලල්ලේ සිරි මහින්ද නාහිමියන්ගේ අනුශාසකත්වයෙන් දවස පුරා පැවැත්වේ.

එදින පෙරවරු 6.00 – 6.30 දක්වා උපෝසථ ශීලය හා කෙටි අනුශාසනාව, කෝට්ටේ ජනාධිපති විද්‍යාලයේ ආචාර්ය ශාස්ත්‍රපති රජවත්තේ වප්ප හිමි, 7.00 – 7.30 ට සම්බුද්ධ පූජාව මෙහෙයවීම, තලල්ලේ සිරිමහින්ද නා හිමි, 8.00 – 9.00 දක්වා භාවනාව මෙහෙයවීම විහාරාධිකාරී ශාස්ත්‍රපති රජවත්තේ වප්ප හිමි, 9.15 – 10.15 දක්වා ධර්ම දේශනය රාජකීය පණ්ඩිත ඇත්කඳුරේ සුමනසාර හිමි, 10.15 – 11.00 සම්බුද්ධ පූජාව තලල්ලේ සිරි මහින්ද නාහිමි, 12.30 – 12.45 සෙත් පිරිත් සජ්ඣායනාව විහාරස්ථ උපාසක උපාසිකා සමිතිය, 1.00 – 2.00 ට විහාරස්ථ උපාසක සමිතියේ මාසික රැස්වීම තලල්ලේ සිරිමහින්ද නාහිමිගේ ප්‍රධාන අනුශාසකත්වයෙන් 2.15 – 3.15 ධර්ම දේශනය ජයශේඛාරාරාමවාසී තලල්ලේ ධම්මදේව හිමි, 3.30 – 4.30 දක්වා භාවනාව තලල්ලේ සිරි මහින්ද නාහිමි, 5.00 – 6.00 ට ධර්ම දේශනය 6.00 ට සිල් පවාරණය තලල්ලේ සිරි මහින්ද නාහිමි, 6.45 – 7.45 දක්වා මල් පහන් ගිලන්පස සහිත සම්බුද්ධ පූජාව හා අටවිසි බුද්ධ පූජාව 8.00 – 9.00 ට රාත්‍රී ධර්ම දේශනය (පටිගත කරන ලද)


මහරගම සිරි වජිරඤාණ ධර්මායතනයේ

තරුණ සීල සමාදාන පින්කම

අධිබිනර පුර පසළොස්වක පෝය වැඩසටහන මෙසේ ය. පෙරවරු 6.00 – 7.00 සිල් සමාදන් කරවීම, අනුශාසනාව හා බුද්ධ පූජාව ශාස්ත්‍රපති හක්මන සුමනසිරි මාහිමි, 8.00 – 9.00 භාවනාව වැලිමඩ පසන්නමානස හිමි, 9.00 – 10.00 ධර්ම දේශනාව මීගොඩ සුමිත හිමි, 10.00 – 11.15 පරෝපහාර සංග්‍රහය අනුශාසනාව හා බුද්ධ පූජාව ශාස්ත්‍රපති මහඔය අනුරුද්ධ හිමි, පස්වරු 12.30 – 1.00 පිරිත් හා තෙරුවන් ගුණ අම්පිටියේ සද්ධාවාස හිමි, 1.00 – 2.00 ධර්ම සාකච්ඡාව ශාස්ත්‍රපති පානදුරේ පසන්න හිමි, 2.00 – 3.00 ගිහි දේශනය සෝමවීර සේනානායක මහතා, 3.00 – 4.00 ධර්ම දේශනාව ගම්පහ පාසාදික හිමි, 4.15 – 5.00 ධම්මපදය ශාස්ත්‍රපති පණ්ඩිත ගබ්වෙල වජිර හිමි, 5.00 – 6.00 ධර්ම දේශනාව ශාස්ත්‍රපති පණ්ඩිත උඩුදුම්බර ලංකානන්ද හිමි, 6.00 – 6.30 බෝධි පූජාව ශාස්ත්‍රපති පණ්ඩිත හක්මන සුමනසිරි මාහිමි.

වැඩිහිටි සීල සමාදාන පින්කම

මහරගම සිරි වජිරඤාණ ධර්මායතනයේ පැවැත්වෙන වැඩිහිටි සීල සමාදාන වැඩසටහන මෙසේ ය. පෝදා පෙරවරු 6.00 – 7.00 සිල් සමාදන් කරවීම සහ බුද්ධ පූජාව පැවැත්වීම, වතුලියද්දේ රතනසීහ හිමි, 8.00 – 9.00 භාවනාව-ශාස්ත්‍රපති පණ්ඩිත හක්මන සුමනසිරි හිමි, 9.00 – 10.00 ධර්ම දේශනාව-රාජකීය පණ්ඩිත ශාස්ත්‍රපති කහටපිටියේ පඤ්ඤාසාර නාහිමි, 10.00 – 11.00 ධර්ම දේශනාව- රාජකීය පණ්ඩිත තලල්ලේ චන්දකිත්ති හිමි, 11.00 – 11.15 බුද්ධ පූජාව-හොරවල සන්තසිරි හිමි, කඩිගමුවේ සමුදිත හිමි, පස්වරු 12.35 – 1.00 පිරිත් හා තෙරුවන් ගුණ- අගලවත්තේ සුමිත්ත හිමි, යාලගමුවේ මංගල හිමි, 1.00 - 2.00 ධර්ම සාකච්ඡාව පණ්ඩිත උඩුදුම්බර ලංකානන්ද හිමි, 2.00 – 3.00 ධර්ම දේශනාව-රාජකීය පණ්ඩිත බොරැල්ලේ අතුල නාහිමි, 3.00 – 3.30 විශේෂ අනුශාසනාව- වැලිගම ඥානරතන මහනාහිමි, 4.00 – 5.00 පණ්ඩිත දිවියාගහ යසස්සි නාහිමි, 5.00 – 6.00 ධම්ම පදය-පණ්ඩිත පානදුරේ පසන්න හිමි, 6.00 – 6.30 බෝධි පූජාව සහ සිල් අලුත් කිරීම-පණ්ඩිත හක්මන සුමනසිරි හිමි.


ශ්‍රී විජයසුන්දරාරාමය

වත්තල හුණුපිටිය ශ්‍රී විජයසුන්දරාරාම පුරාණ විහාරස්ථානයෙහි පෝදා වැඩසටහන මෙසේය. පෙරවරු. 6.00 සිල් සමාදන් කරවීම, වෑගල්ලේ රාහුල හිමි, 8.00 ධර්ම දේශනාව හා භාවනාව ඇල්පිටිවෙල නන්දවිමල හිමි, 9.00 ධර්ම දේශනාව දළුගම සමිතඥාන හිමි, 10.00 ධර්ම දේශනාව විහාරාධිපති වලවෙල හේමානන්ද හිමි, පස්වරු 1.00 ධර්ම දේශනය බුත්කන්දේ රතනජෝති හිමි, 2.00 විශේෂ දේශනය පර්සි විජේරත්න මහතා, 4.00 ධර්ම දේශනාව වේවැල්දූවේ ධම්මකිත්ති හිමි, 6.00 අටවිසි බුද්ධ පූජාව 7.00 ධර්ම දේශනාව අම්බලන්ගොඩ සුමනනන්ද හිමි.


බත්තරමුල්ල සිරි සුදස්සනාරාමය

පොහෝදා සීල සමාදාන (අධි බිනර) වැඩසටහන මෙසේ ය.

පෙරවරු 6.00 – 7.00 සීල සමාදානය සහ අනුශාසනය ආචාර්ය මිරිස්සේ ධම්මික නාහිමි, 7.00 – 7.30 තෙරුවන් වන්දනාව, 8.00 – 9.30 භාවනාව ආචාර්ය මිරිස්සේ ධම්මික නාහිමි, 9.45 – 11.00 ධර්මදේශනාව ආචාර්ය මිරිස්සේ ධම්මික නාහිමි, 11.00 – 11.30 තෙරුවන් වන්දනාව, පස්වරු 12.30 – 1.00 සූත්‍ර සජ්ඣායනාව, 1.00 – 2.00 ධර්මදේශනාව ශාස්ත්‍රපති උනින්දුවෙල සුමනසාර මාහිමි, 2.00 – 3.30 ධර්ම සාකච්ඡාව ශාස්ත්‍රපති මඩිහේ සුගතසිරි මාහිමි, 4.00 – 5.00 ධර්ම දේශනාව ශාස්ත්‍රපති තල්පත්වැව සද්ධාතිස්ස මාහිමි, 5.00 – 6.00 ධර්මදේශනය අලුත්වෙල ධම්මසති හිමි. ආචාර්ය මිරිස්සේ ධම්මික ස්වාමීන් වහන්සේ විසින් රචිත ධර්ම ග්‍රන්ථයක් මෙදින සියලු දෙනාට පිළිගැන්වේ.


ඉසිපතනාරාම මහා විහාරය

කොළඹ 05 ඉසිපතානාරාම මහා විහාරයේ පෝදා වැඩසටහන.

පෙරවරු 6.30 ට අටසිල් සමාදානය, 7.00 ට උදෑසන බුද්ධ පූජාව- වග විජිතවංස හිමි, 8.00 ට භාවනාව - පස්ගොඩ සුමිත්ත හිමි, 9.00 සිට 10.00 දක්වා ධර්ම දේශනාව කිහිඹියේ විජිත හිමි, 10.00 ට ජාතක කථා දේශනාව හබරලුවේ චන්දානන්ද හිමි, පස්වරු 1.00 ට සාමුහික පිරිත් දේශනාව, 2.00 ට ධර්ම දේශනාව - වග විජිතවංස හිමි, 4.00 සිට 5.00 දක්වා ධර්ම දේශනාව මාදුළුවාවේ සෝභිත නා මා හිමි, 5.30 ට සිල් අලුත් කිරීම, 6.15 ට සත්සති බුද්ධ පූජාව. සියලුම ස්වාමින් වහන්සේලා විසින්.


කලල්ගොඩ

කලල්ගොඩ සිරි ගුණසේකර ධර්මායතනයේ දී අධි බිනර පෝදා පැවැත්වෙන වැඩසටහන මෙසේ ය.

පෙරවරු 6.30 සීල සමාදානය, සම්බුද්ධ පූජාව සහ කෙටි අනුශාසනාව සිරි ගුණසේකර ධර්මායතනාධිපති ලේනබටුවේ මිත්තාලෝක නාහිමි, 8.00 වෙසෙසි දෙසුම දර්ශනපති කතිකාචාර්ය ආනන්ද සිල්වා මහතා, 10.00 කාව්‍යමය ධර්ම දේශනය රන්සෑගොඩ සුමිත්ත හිමි, පස්වරු 12.45 තෙරුවන් වැඳීම සහ පිරිත් සජ්ක්‍ධායනය ධර්මායතනවාසී ස්වාමීන් වහන්සේලා සමග සිල් පිරිස, 1.15 විශේෂ ගිහි දේශනය, ෂේන් බ්ලොක් මහතා, 3.00 ධර්ම දේශනය, කොහොලංකල කෝවිද හිමි, 4.00 ධර්ම දේශනය මහරගම පදුම හිමි, 7.00 රාත්‍රී ගිලන්පස මල් පහන් බෝධි බුද්ධ වන්දනාව සිරි ගුණසේකර ධර්මායතනාධිපති ලේනබටුවේ මිත්තාලෝක නා හිමි ප්‍රධාන මහා සංඝරත්නය. මෙදින බුදුසරණ පුවත්පත ධර්ම දානය වශයෙන් බෙදා දීමෙන් දායකත්වය ලබන්නේ ටිරානි ඉන්දිකා මහත්මිය සහ චන්ද්‍රා සරෝජනී මහත්මියයි.


තලවතුගොඩ සංඝමිත්තාරාමය

තලවතුගොඩ, වැලිපාර, සංඝමිත්තාරාමයේ අධි බිනර පුන් පොහෝ දින අලුයම 05.30 ට විශේෂයෙන් සැකසූ ක්ෂීරපායාස අටවිසි බුද්ධ පූජාවක් පවත්වනු ලබන අතර පෙරවරු 6.00 සිට පස්වරු 6.00 දක්වා සීල, භාවනා, ධර්ම දේශනා වැඩසටහන් පැවැත්වේ. පෙරවරු 8.00 සිට 9.30 දක්වා කෑගල්ලේ වීමංසා දසසිල් මෑණියන් පවත්වන ධර්ම දේශනාව සහ භාවනා වැඩසටහනකි. 9.30 සිට 11.00 දක්වා කොට්ටාවේ සුධීරා දසසිල් මෑණියන් විසින් පවත්වන ධර්ම දේශනාව සහ මෙහෙයවන භාවනා වැඩසටහන ප.ව. 12.30 සිට පස්වරු 1.00 දක්වා ධම්මචක්කපවත්වන සූත්‍ර සජ්ඣායනය, 1.00 සිට 4.30 දක්වා පිළියන්දල සංඛපාලි දසසිල් මෑණියන් විසින් පවත්වන ධර්ම දේශනාව සහ මෙහෙයවන භාවනා වැඩසටහන තුන් සූත්‍ර දේශනය අවසානයේ සිල් පවාරණය සිදු කෙරේ. සවස 6.00 විසිතුරු මල්, පහන්, ගිලන්පස අටවිසි බුද්ධ පූජාවක් පිළියන්දල සංඛපාලි දසසිල් මෑණියන් විසින් පවත්වනු ලබයි.


කුසුමාරාම විහාරය

සීනිගම කුසුමාරාම පුරාණ මහා විහාරයේ අධි බිනර පුර පසළොස්වක පොහොය දින දවස පුරාම මහා පින්කමක් පැවැත්වේ. පෙරවරු 7 ට අධිසිල් දස සිල් සමාදන් කරවීම සීනිගම කුසුමාරාම විහාරවාසී රුවල්වෙල මහින්ද හිමි සිදු කරන අතර පෙරවරු 11. ට දහවල් බුද්ධ පූජාව පූජා කිරීම සීනිගම කුසුමාරාම විහාරවාසී තොටගමුවේ නන්දික හිමි සිදු කරයි. පස්වරු 2 ට ධර්ම දේශනාව අහුන්ගල්ල සුගතසාසනෝදය මහා පිරිවෙනේ පරිවේනාචාර්ය ශාස්ත්‍රවේදි රුවල්වෙල මහින්ද හිමි විසින් සිදු කරන අතර ප.ව. 4 ට භාවනා වැඩසටහන් ඩී. එස්. ද සිල්වා මහතා විසින් සිදු කරයි. ගිහි ධර්ම දේශනාව විශ්‍රාමික ග්‍රාමනිලධාරි ඒ. පී. ඇලන් උබේරත්න මහතා විසින් ද ප. ව. 5 ට ධර්ම සාකච්ඡාව මාධ්‍යවේදී සාමවිනිසුරු සීනිගම මහානාම මංගලසිරි මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරේ.

සවස 6 ට බෝධි පූජාව රුවල්වෙල මහින්ද හිමි විසින් සිදු කරනු ලැබේ.


දිප්පිටිගොඩ සුබෝධාරාමය

අධි බිනර පුන් පොහොය නිමිත්තෙන් 31 දින දවස පුරා කැලණිය දිප්පිටිගොඩ ශ්‍රී සුබෝධාරාමයේදී පින්කම් රැසක් පැවැත්වේ.

පෙරවරු 6. 30 ට ශීල සමාදාන වැඩසටහන් ඇරඹේ. බුත්කන්දේ රතනජෝති, ආචාර්ය උණුවතුර බුබුලේ මහින්ද, ගොමඩියේ චන්දරතන, වැලිවැවේ තිලකසිරි හිමිවරු මේ සඳහා දායකත්වය සපයති. රාත්‍රී ධර්ම දේශනය පවත්වනු ලබන්නේ නාවලපිටියේ සරණජෝති හිමිපාණන් විසිනි.

සුබෝදාරාමාධිපති ඇල්ලලගොඩ නන්දරතන හිමියන්ගේ අනුශාසනා පරිදි මේ පින්කම් සිදු කෙරේ.

 

අධි බිනර පුර පසළොස්වක පෝය

අධි බිනර පුර පසළොස්වක පෝය අගෝස්තු 30 බ්‍රහස්පතින්දා අපර භාග 08.16 ට ලබයි.
31 වැනිදා සිකුරාදා අපර භාග 07.33 දක්වා පෝය පවතී.
සිල් සමාදන් වීම අගෝස්තු 31 වැනි දා සිකුරාදා ය.

මීළඟ පෝය
සැප්තැම්බර් 08 වැනිදා සෙනසුරාදා ය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

අගෝස්තු 31

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 08

New Moonඅමාවක

සැප්තැම්බර් 15

First Quarterපුර අටවක

සැප්තැම්බර් 22


2012 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]