UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

සැදැහැවත් බෞද්ධයෙකු විසින් වැඳපුදා ගත යුතු මහා පුදබිම් හතරක් පිළිබඳව බුදුරජාණන් වහන්සේ මහා පරිනිබ්බාන සූත්‍රයෙහි දේශනා කළ සේක. එම පුදබිම් සතර මෙසේය. සිදුහත් කුමරු උපන් ලුම්බිනිය (මෙකල නේපාල දේශයේ) සිදුහත් කුමරු බුද්ධත්වය ලැබූ බුද්ධගයාව ප්‍රථම ධර්ම දේශනය පැවැත්වූ සාරානාතය සහ සම්බුද්ධ පරිනිර්වාණය සිදු වූ කුසිනාරාවය. එම පුදබිම් හතර ම පිහිටා ඇත්තේ නූතන ඉන්දියාවේ ය.

අප මෙම ලිපියෙන් විශේෂ අවධානය යොමු කරවන්නේ කපිලවස්තු ශ්‍රී සර්වඥධාතුන් වහන්සේලා පිළිබඳවය. ශ්‍රී ලංකාවේ ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මැතිතුමා ඉන්දියානු අග්‍රාමාත්‍ය ආචාර්ය මන්මෝහන් සිං මහතාගෙන් කරන ලද ඉල්ලීමක් අනුව පසුගිය 19 වැනිදා විශේෂ ඉන්දියානු ගුවන් යානාවකින් ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේලා ශ්‍රී ලංකාවට වැඩම කරවන ලද්දේ ඉන්දියානු සංස්කෘතික ඇමැතිනි කුමාරි සෙල්ජා මහත්මිය විසිනි.

අපේ සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ මහා පරිනිර්වාණය සිදු වූයේ කුසිනාරා නුවර මල්ල රජදරුවන්ගේ සල් උයනේය. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී දේහයට මල්ල රජදරුවන් විසින් සියලු පුද පූජා ගෞරවයන් සිදු කරන ලදී. බුදුරජාණන් වහන්සේගේ ශශ්‍රී දේහයට පුද පූජා පැවැත්වීම පිණිස මහා සංඝයා වහන්සේලා ද රාජ රාජ මහා මාත්‍යාදීන්ටද අවස්ථාව සළදා දීම සඳහා දින හතක් ම එම පුද පූජා පැවැත්වුණි. හත්වන දිනයේ දී මල්ල රජදරුවන් විසින් මහ පෙරහරකින් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී දේහය ආදාහන පූජෝත්සවය සඳහා මකුටබන්ධන නම් ස්ථානයට වැඩම කරවන ලදී. මහා කාශ්‍යප සහ ආනන්ද මහතෙරුන් වහන්සේලා ගේ උපදෙස් අනුව සම්බුද්ධ ශශ්‍රී‍්‍ර දේහය ආදාහන පූජාව සිදුකරවන ලද්දේ සියලු ගෞරව හා පූජා මධ්‍යයේ ය. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී දේහය ආදාහනයෙන් පසුව ඉතිරි වූ සර්වඥ ධාතුන් වහන්සේලා මල්ල රජදරුවන් විසින් ඔවුන්ගේ සභා ශාලාවෙහි තැන්පත් කර එහි වඩා හිඳුවා දින හතක් ම පුද පූජා පවත්වන ලදී.

(දඹදිව සිව් මහ පුද බිම් සිරිසමන් විජේතුංග පි.86 – 87 - 2011 ) මේ අතර බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑ පුවත දඹදිව සිව් දිසාවේම පැතිර ගියේ ය. ඒ අවස්ථාවේදි සම්බුද්ධ ශරීරය ආදාහනය කළ පසු ඉතිරි වූ ශ්‍රී සර්වඥ ධාතුන් වහන්සේලා තම තමන්ට අවශ්‍ය බව ප්‍රකාශ කරමින් රජවරු, රාජකුමාරවරු පැමිණියහ. මෙය තරමක කලබලකාරි ස්වභාවයකට පත්වූ අවස්ථාවේ දී එය සමථයකට පත්කිරීම සඳහා බ්‍රාහ්මණයෙක් ඉදිරිපත් වී ශ්‍රී සර්වඥධාතුන් වහන්සේලා කොටස් අටකට (8) බෙදා දීමට සැලසුම් කළේය. එම ශ්‍රී සර්වඥ ධාතුන් වහන්සේලා පහත සඳහන් රජවරුන්ට හා කුමාරවරුන්ට “ද්‍රෝණ” නම් බ්‍රාහ්මණයා බෙදා දුන්නේය. ඔවුන් මෙසේය. 1. කුසිනාරාවේ මල්ල, 2. මගධයේ රජු වූ අජාසත්ත, 3.වෛශාලියේ ලිච්ඡවීන් 4. කපිලවස්තුවේ ශාක්‍යයන් 5.අල්ලකප්පයේ බූලීන් 6.රාමග්‍රාමයේ කෝලිය 7. පාවානුවර මල්ල රජදරුවන් හා 8. වේදදීප යන අය වූහ.

මෙයින් කපිල වස්තුවේ (කපිල වස්තු නොව නිවැරැදි වහර කපිලවාස්තු යන්නයි) ශශ්‍රී සර්වඥ ධාතුන් වහන්සේලා ලංකාවට දෙවන වතාවට ද වැඩම කරවන ලදී. මෙහිදී ධාතු බෙදීම ගැන සඳහන් කළ යුතු තවත් කරුණක් ඇත. ශ්‍රී සර්වඥ ධාතුන් වහන්සේලා බෙදා දෙන අවස්ථාවට ප්‍රමාද වී පැමිණී පිප්පලී වනයේ මෝරිය වරුන්ට ලබා ගැනීමට හැකි වුයේ අ¼ගුරු ය. ද්‍රෝණ බමුණා ශ්‍රී සර්වඥ ධාතුන් වහන්සේලා බෙදීමට යොදා ගත් භාජනය ලබා ගත්තේය.

මීට වසර 34 ට ඉහත දී ශ්‍රී ලංකාවට කපිල වස්තු ශශ්‍රී සර්වඥ ධාතුන්වහන්සේලා වැඩම කළේ 1978 අපේ‍්‍රල් මස 22 දාය.

අසෝක රජතුමා (ක්‍රි.පූ. 272- 232) පුරාණ දඹදිව පුදබිම් පිළිබඳව 19 වන සියවසේ දී පවා හඳුනාගැනීමට ඉන්දියානු පුරාවිද්‍යාඥයින්ට මග පෑදුවේය. ඊට අමතරව ක්‍රි.ව. පස්වන සියවසේ දී ෆාහියන් හිමියන් ද ක්‍රි.ව. 7 වන සියවෙසේදී හියුංෂා හිමියන් ද විසින් (ඒ දෙදෙනා වහන්සේ ම චීන ජාතිකයින්ය) පුරාණ දඹදිව සංචාරය කර සංචාරක සටහන් ද ලියන ලදී.මෙම සංචාරක සටහන් අනුව අසෝක රජතුමා ඉදිකරන ලද ටැම්ලිපි ශ්‍රීමත් ඇලෙක්සැන්ඩර් කනිංහැම් පුරාවිද්‍යාඥයා බුද්ධගයාව ඉන්දියාව පිළිබඳ ග්‍රන්ථයක්ද සම්පාදනය කළේය. එය Geography of Ancent India නමින් පළ වූයේ ය. මෙහි පුරාණ දඹදිව පිළිබඳ වාර්තාවන් අඩංගු වේ.

කපිල වස්තු ශ්‍රී සර්වඥ ධාතුන් වහන්සේලා හමුවීම

බ්‍රිතාන්‍ය පාලන කාලයේ දී 1898 තවත් ඉංගශ්‍රීසි ජාතික ඉඩම් හිමියෙකු විසින් (විලියම් පෙපේ) ලුම්බිනියෙන් කි.මී.13 පමණ දුරින් දේශසීමාවේ ඉන්දියාව පැත්තේ පිහිටි ජිප්රාහවා නමැති ගමෙහි තිබූ ස්තූ®පයක් යැයි සැක කළ හැකි ගොඩනැගිල්ලක් මැදින් දිගට ඇතුළට කැණීම් කරන ලදී. ඒ මහතාට කිලෝග්‍රෑම් 669 පමණ බර අතිවිශාල ගල් පෙට්ටියක් හමු වූයේය. එහි පියන විවෘත කළ විට ඒ තුළ ඉතාමත් විශ්මයජනක දර්ශනයක් දැකීමට ලැබුණි. රවුම් වූ ගල් කරඬුවක් ද එහි දී හමුවිය. එහි බ්‍රාහ්මී අක්‍ෂරයෙන් ලියන ලද පාඨයක් ද විය. එය මෙසේය.

ඉයං සලිල නිධනෙ බුදස භගවතෙ සකියානං
සුකිති භතිනං සහගිනිකානං සපුතදලනං

මෙහි සිංහල අදහස මෙසේය.

සුකිති සහෝදරයන් විසින් තම සහෝදරියන් සහ අඹුදරුවන් සමග ශාක්‍ය වංශයෙහි උපන් භාග්‍යවත් බුදුන්ගේ මේ ශරීරධාතු නිධානය කරවන ලදී.

(කපිලවස්තුව - පුජ්‍ය කැප්පෙටියාගොඩ ගුණවංශ හිමි පි. 36 (2000)

කිසිදු සැකයකින් තොරව මෙම ශ්‍රී සර්වඥ ධාතුන් වහන්සේලා බුදුරජාණන් වහන්සේගේ බව මෙහි දී සඳහන් කළ යුත්තේ සැදැහැ සිතිනි.

1971 වර්ෂයේ ජනවාරි මාසයේ දී එච්. ශ්‍රී වස්තව මහතාගේ අධ්‍යක්‍ෂකත්වයෙන් පිප්රහවා නගරයේ කැණීම් කටයුතු ආරම්භ විය. 1973 දී ඉතා වැදගත් සොයාගැනීම් රැසකට පසුව ‘කපිලවත්ථු’ යන නාමය සඳහන් වූ මුද්‍රා සටහන් සොයාගන්නා ලදී. පිප්රහාවා නගරය යනු ශාක්‍යයන් බුදුරජාණන් වහන්සේට පූජා කරන ලද නිග්‍රෝධාරාමය පිහිටි භූ®මි ප්‍රදේශය හා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී සර්වඥ ධාතුන් වහන්සේලා තැන්පත් කර සාදන ලද ස්තූපය වටා ඉදිකරන ලද ආගමික මධ්‍යස්ථානයකි.

1971 කරන ලද පුරාවිද්‍යා කැණීම් වලින් මෙම ස්තූපය මුලින්ම ක්‍රිස්තු පූර්ව පස් වන සියවසේදී ගොඩනගන ලද බවත් ඉන්පසුව අවස්ථා දෙකකදීම විශාල කර ඇති බවත් හෙළි විය.

ලුම්බිනි නම් වූ පුදබිම හඳුනා ගැනීමට හැකි වූයේ අසෝක රජුගේ එහි පිහිටුවන ලද අසෝක ස්තම්භයේ ලියන ලද බ්‍රාහ්මී අක්‍ෂර සහිත ලේඛනය නිසාය. සිදුහත් කුමරු එහි උපන් බව එහි සඳහන් වේ. මෙම පිප්රාවාහි ඇති ස්තූ®පය ද තවත් දෙවරක් සංරක්‍ෂණය කර ඇති බව පුරාවිද්‍යාඥයෝ සඳහන් කරති. ක්‍රි.පූ. 5 වන සියවසට පසුව අසෝක රජුගේ රාජ්‍ය කාලයේ (ක්‍රි.පූ. 272 – 232) එක් අවදියකි. අනෙක් අවදිය ක්‍රි.ව. දෙවන සියවසේ දී කණිෂ්ක රාජ යුගයයි. ඒ කුශාන වංශික රජ කෙනෙකි.

ඉහතින් සඳහන් කළ ශිලා ලේඛනය කිසිසේත්ම ශාක්‍යවංශික ඥාතීන් (සහෝදරයින්) විසින් ලියවන ලද්දක් නොවන බව ඉතා පැහැදිලිය. එම බ්‍රාහ්මී අක්‍ෂර අයත් වන්නේ අසෝක රජු යුගයටය. අසෝක රජතුමාගේ අනුග්‍රහයෙන් මෙම ස්තූ®පය සංරක්‍ෂණය කිරීමේ දී මෙම ස්තූ®පය හඳුනාගෙන (ශාක්‍යයන් විසින් කළ බව) මෙම ශිලා ලේඛනය සහිත ධාතු මංජුසාවේ එම බ්‍රාහ්මී අක්‍ෂර කොටවන්නට ඇත. අසෝක රජතුමා විසින් ඔහුගේ 14 වන රාජ වර්ෂයේ දී (කපිලවස්තුවට ගොස්) එකල තිබූ කනකමුනි බුදුරජාණන් වහන්සේ උපන් (කෝණාගම බුදුරජාණන් වහන්සේ) පුදබිමේ තිබූ ස්තූපය විශාලකර සෑදු බව ද (ක්‍රකුචන්ද) කකුසඳ බුදුරජාණන් වහන්සේ උපන් ස්ථානයේද ස්තූපයක් ඉදිකළ බව සඳහන් වේ.(ARCHAEOLOGICAL REMAINS of KAPILVASTU LUMBIN and DEVDAHA –B.K RIJAL P.9 – 1979 INDIA)

මෙම ජිප්රාවා කැණීම් වලින් තහවුරු වූ මෙම අක්‍ෂර කිසිසේත්ම ක්‍රි.පූ. 5වන සියවසේදී ශාක්‍ය කුමාරවරුන් විසින් ලියවන ලද්දක් නොවන බව සඳහන් කළ යුතුව ඇත.

 

 

අධි බිනර පුර පසළොස්වක පෝය

අධි බිනර පුර පසළොස්වක පෝය අගෝස්තු 30 බ්‍රහස්පතින්දා අපර භාග 08.16 ට ලබයි.
31 වැනිදා සිකුරාදා අපර භාග 07.33 දක්වා පෝය පවතී.
සිල් සමාදන් වීම අගෝස්තු 31 වැනි දා සිකුරාදා ය.

මීළඟ පෝය
සැප්තැම්බර් 08 වැනිදා සෙනසුරාදා ය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

අගෝස්තු 31

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 08

New Moonඅමාවක

සැප්තැම්බර් 15

First Quarterපුර අටවක

සැප්තැම්බර් 22


2012 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]