UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

ශ්‍රී දළදා සමිඳු තේවාමුරය මල්වතු මහා විහාරයෙන් අස්ගිරි මහා විහාරයට

මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ ශ්‍රී දළදා සමිඳු තේවා මුරය මාරුව මල්වතු මහා විහාරයෙන් අස්ගිරිය මහා විහාරයට බාරදීමේ චාරිත්‍රය මල්වතු අස්ගිරි අතිගරු මහ නා හිමිවරුන්ගේ සහ දියවඩන නිලමේතුමාගේ සහභාගිත්වයෙන් නිකිණි පුර පසළොස්වක පෝයදිනට පසුදින එනම් දවල් පෙරහර දින පැරැණි චාරිත්‍රානුකූලව ශ්‍රී දළදා මාලිගාවේ දී සිදු කැරිණි.

මුර මාරුව චාරිත්‍රය අනුව ශ්‍රී දළදා සමිඳු තේවාව බාරව අස්ගිරි පාර්ශ්වයේ අතිගරු මහානායක උඩුගම ශ්‍රී බුද්ධරක්‍ඛිත මහ නා හිමියන්ගේ ප්‍රධානත්වයෙන් අස්ගිරි මහාවිහාරයීය කාරක මහා සංඝසභාවේ කාරක සභික, බදුලු මුතියංගන රජමහ විහාරයේ භාරකාර ශාස්ත්‍රපති මුරුද්දෙණියේ ධම්මරතන, අස්ගිරිය කාරක සංඝ සභාවේ කාරක සභික මහනුවර වාරියපොල සුමංගල විද්‍යාලයේ ආචාර්ය ශාස්ත්‍රපති කුඹුක්කඩවල පුඤ්ඤරතන, අස්ගිරිය මහා විහාරයේ කාරක සංඝ සභික කහවත්තේ සරණංකර, අස්ගිරිය මහා විහාරවාසී උරුලෑවත්තේ ධම්ම සිද්ධි යන හිමිවරු පත්වූහ.

මල්වතු පාර්ශ්වයේ මහානායක අතිගරු තිබ්බටුවාවේ ශශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහ නාහිමියන් ප්‍රධාන මල්වතු පාර්ශ්වයේ අනුනායක ශාස්ත්‍රවේදී පණ්ඩිත දිඹුලකුඹුරේ විමලධම්ම නා හිමි තේවාව භාරව වැඩ සිටි මල්වතු මහා විහාරයීය කාරක මහා සංඝ සභාවේ කාරක සභික තිබ්බටුවාවේ මේධංකර හිමි ඇතුළු තේවාවෙහි නිරතව වැඩ සිටි සංඝයරත්නයත් දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල, ශ්‍රී දළදා මාලිගාවේ බෞද්ධ කටයුතු කාර්ය අංශයේ ලේකම් කේ. මීගහකුඹුර යන මහත්වරු සහ ශ්‍රී දළදා සමිඳුන්ගේ රාජ කාර්ය මණ්ඩලයේ පිරිසක්ද එම අවස්ථාවට සහභාගි වූහ.

තේවා චාරිත්‍රය බාරව පත් වූ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ මහා නා හිමි ප්‍රධාන මහා සංඝයා වහන්සේලා ලබන වසරේ 2013 ඇසළ පෝය තෙක් චාරිත්‍ර විධි පවත්වාගෙන යනු ඇත. සෑම වසරකම ඇසළ පෝය දිනයෙන් තේවා මුර මාරු චාරිත්‍රය සිදු කෙරෙන අතර 2012 වසරේ ඇසළ මාසයේ අධි පෝයත් යෙදීම නිසා තේවාව භාරගැනීම නිකිණි පුර පසළොස්වක පෝය දිනයට සිදු කෙරුණි.

ශ්‍රී දළදා මාලිගාවේ වස් එළඹීම මෙදිනටම යෙදී තිබුණ නිසා අස්ගිරි මහානායක මාහිමිපාණන් වහන්සේ ප්‍රධාන තේවාවට පත් වූ මහා සංඝරත්නයට වස් ආරාධනාව ද දියවඩන නිළමේ ප්‍රදීප් නිලංග දෑල මහතා විසින් සිදුකරන ලදී. මෙම අවස්ථාවට ශ්‍රී දළදා මාලිගාවේ කඨින පින්කම පවත්වාගෙන එනු ලබන කොත්මලේ සුධර්මා සිල් මෑණියෝ ද සහභාගි වූවාය.

 

 

නිකිණි අමාවක පෝය

නිකිණි අමාවක පෝය අගෝස්තු 16 වැනි දා බ්‍රහස්පතින්දා අපරභාග 10.02 ට ලබයි.
17 වැනි දා සිකුරාදා අපරභාග 09.22 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම අගෝස්තු 17 වැනි දා සිකුරාදා ය.

මී ළඟ පෝය
අගෝස්තු 24 වැනි දා සිකුරාදා ය.


පොහෝ දින දර්ශනය

New Moonඅමාවක

අගෝස්තු 17

First Quarterපුර අටවක

අගෝස්තු 24

Full Moonපසෙලාස්වක

අගෝස්තු 31

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 08

2012 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]