UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

පිහිට පතයි

වෙන්නප්පුව, උල්හිටියාව, කොස්ගස් හන්දිය පාරේ, නො. 74 සී, නිවසේ පදිංචි මහගෙදර විතානගේ තිලාන් පවිත්‍ර විතානගේ (අවු. 27) එක් දරු පියකු වන අතර ඔහුගේ වකුගඩු යුගලයම අක්‍රීය වී දරුණු රෝගාබාධ තත්ත්වයකට පත්ව සිටී. ඔහුට සම්පූර්ණ සුවය ලබා දීමට නම් “ඒ හෝ ඕ” වර්ගයේ වකුගඩුවක් බද්ධ කළ යුතු බව ඔහුට ප්‍රතිකාර කරන කොළඹ මහ රෝහලේ විශේෂඥ වෛද්‍ය ඒ.ඇල්. ඇම්. නසාර් මහතා දැනුම් දී තිබේ. මෙම ශල්‍ය කර්මය සඳහා රු. ලක්‍ෂ 10 ක් වැනි මුදලක් වැය වන බවද දන්වා ඇත. යම් පරිත්‍යාගශීලියෙකු වේ නම් වකුගඩුවක් ලබාදීමට දුරකථන අංක 0779 817752 අමතන ලෙස ඉල්ලා සිටියි.



 


බොරැල්ල ගෝතමිපාර, පළමු පටුමග අංක 72 හි පදිංචි තිසාරා මධුෂානි (අවු. 20 ) තරුණිය දරුණු වකුගඩු රෝගයකින් පෙළෙන බව කොළඹ මහ රෝහලේ රුධිර පරීක්‍ෂණ ඒකකයේ විශේෂඥ වෛද්‍ය අනුර හේවාගීගනගේ මහතා දන්වා ඇත.

ඇයට අවු. 22 සිට 38 දක්වා අයෙකුගේ “ඕ පොසිටිව්” වර්ගයේ වකුගඩුවක් අවශ්‍ය බැවින් යම් පරිත්‍යාගශීලියෙකු වේ නම් අංක 071 3504246 (වසන්ත) හෝ 071 4327292 දුරකථනයට දන්වන ලෙස ඉල්ලා සිටි.


 


කඩුවෙල වැලිවිට පාර 404/D යන ලිපිනයෙහි පදිංචි කේ.ජයරත්න සිල්වා මහතා දරුණු වකුගඩු රෝගයකින් පෙළෙන අතර ඔහුගේ ජීවිතය බේරාගැනීමට ඉතා ඉක්මනින් වකුගඩුවක් බද්ධ කළයුතු බව වෛද්‍ය අනුර හේවාගීගන මහතා නිර්දේශ කර ඇත. “ඒ පොසිටිව්” වර්ගයේ හෝ ඕ පොසිටිව් වර්ගයේ රුධිරය ඇති වකුගඩුවක් අවශ්‍යව ඇති බැවින් එවැනි වකුගඩුවක් ලබාදීමට හැකි පරිත්‍යාගශීලියෙකු වේ නම් 0112 412952 හෝ 078 4652918 දුරකතනයට අමතන ලෙස ඉල්ලා සිටියි. මේ සැත්කමට ඉතා අධික මුදලක් වැයවන බැවින් ඒ සඳහා මුදලින් ආධාර කිරීමට කැමති අයෙක් වේ නම් මහජන බැංකුව (මාලඹේ) හි අංකය 208 – 2 – 002 – 0503 – 5001 ගිණුමට මුදල් යොමු කරන්න.



 


යුද හමුදා සේවයෙහි නියුතු දැනට බඩල්ගම පැතිගොඩ පදිංචි එස්.එච්.එම්. ජයසේකර යන අය දරුණු වකුගඩු ආබාධයකින් පෙළෙන අතර, නාරාහේන්පිට යුද හමුදා රෝහලෙහි වකුගඩු පිළිබඳ විශේෂඥ වෛද්‍ය අනුර හේවාගීගනගේ මහතා යටතේ ප්‍රතිකාර ලබයි. වෛද්‍යවරයාගේ නිර්දේශය වී ඇත්තේ හැකි ඉක්මනින් “බී පොසිටිව්” වර්ගයේ වකුගඩුවක් බද්ධ කළ යුතු බවය. දෙදරු පියෙකු වන ජයසේකර මහතාට වකුගඩුවක් පරිත්‍යාග කිරීමට කැමති පින්වතෙකු පහත දුරකථන අංක වලට අමතන මෙන් ඉල්ලීමක් කැරේ. එසේම සැත්කම සඳහා මුදල් ආධාර ලබාදීමට කැමති පරිත්‍යාගශීලියකු වේ නම් මරදගහමුල මහජන බැංකු ගිණුම් අංක, 100 200 168 128 909 දරන ගිණුමට බැර කරන මෙන් ද ඉල්ලීමක් කැරේ. දු.ක. 031 – 3616351, 077 1178808


 


කෙසෙල්ගමුකන්ද, 170/03, විදුලිපුර, නෝටන්බ්‍රිජ් පදිංචි එස්.එන්. මංගලිකා ඩයස් මිය දරුණු වකුගඩු ආබාධයකින් පෙළෙන අතර ඇය මහනුවර ශික්‍ෂණ රෝහලේ ප්‍රතිකාර ලබයි. වෛද්‍ය නිලධාරී ඒ.එම්.ඩබ්.වසිල් මහතා නිර්දේශ කර ඇත්තේ ඇයට “ඕ පොසිටිව්” වර්ගයේ වකුගඩුවක් බද්ධ කළ යුතු බවයි. ඒ සඳහා යම් පරිත්‍යාගශීලියෙකු වේ නම් දන්වන ලෙස ඉල්ලා සිටී. සැත්කම සඳහා මුදල් ආධාර ලබාදීමට කැමති පරිත්‍යාගශීලීහු වෙත් නම් ගිනිගත්හේන, මහජන බැංකුවේ ගිණුම් අංක 302200166477559 දරන ගිණුමට ඔබේ ආධාර බැර කරන මෙන් කාරුණිකව ඉල්ලා සිටියි. දුරකථන අංක, 071 1642766, 071 6078011


මාමඩල බැමිණියන්විල ඇලේගොඩ 240/1 දරන නිවසේ පදිංචි එච්.ඒ. ආරියසේන මහතා දරුණු වකුගඩු රෝගයකින් පෙළෙයි. ඔහුට “බී නෙගටිව් “ වර්ගයේ වකුගඩුවක් බද්ධ කිරීමට අවශ්‍ය බව මාලිගාවත්ත වකුගඩු රෝහලේ වෛද්‍යවරු පවසන බැවින් පරිත්‍යාගශීලී අයෙකුගෙන් උපකාරය පතයි. යම් පරිත්‍යාගශීලී අයෙකු වේනම් දුරකථන අංක 071 3132834 හෝ 071 6677209 අංකය අමතන ලෙසත් මෙම සැත්කම සඳහා අවශ්‍ය ඖෂධ මිලදී ගැනීම සඳහා රන්න මහජන බැංකුවේ අංක 345200105565700 දරන ගිණුමට ආධාර මුදල් බැර කරන ලෙසත් ඉල්ලීමක් කෙරේ.

එස්. සුගතපාල මහතා තම්මැන්නාකුලම නේරියකුලම (වව්නියාව හරහා) පදිංචි 56 හැවිරිදි විවාහකයෙකි. දෙදරු පියෙකු වන ඔහු ගොවිතැන ජීවනෝපාය කරගෙන සිටී. වෙනත් කිසිදු ආදායමක් නැති මොහුගේ දරුවන්ද පාසල් අධ්‍යාපනය ලබයි.

ඔහු දරුණු වකුගඩු ආබාධයකින් පෙළෙන බැවින් ඒ සඳහා ‘ඕ’ පොසිටිව් වර්ගයේ වකුගඩුවක් බද්ධ කළ යුතු බව වෛද්‍යවරු පවසයි. ඒ සඳහා යම් පරිත්‍යාගශීලියෙකු වේනම් දුරකතන අංක 0779978983 අමතන ලෙසද, ඖෂධ ගැනීමට මුදල් පරිත්‍යාග කිරීමට ඇති අයෙකු වේ නම් අනුරාධපුරය සම්පත් බැංකුවේ අංක 102150147384 ගිණුමට මුදල් ආධාර ලබාදෙන ලෙසද ඉල්ලා සිටියි.


මාතර, වල්පල, පළවැනි හරස්පාර අංක 9/3 ඒ හි පදිංචි අමන්දා තාරින්දි අබේවික්‍රම දියණිය මාතර මහාමායා විද්‍යාලයේ 11 ශ්‍රේණියේ ඉගෙනුම ලබයි. මෑතක සිට ඇය කොඳු ඇට පෙළ ඇදවීමේ දුර්ලභ රෝගයකට ගොදුරුවෙමින් සිටී.

ඇයට ඉතා ඉක්මනින් ශල්‍යකර්මයක් කළයුතු බව වෛද්‍යවරු නිර්දේශ කර ඇති අතර ඒ සඳහා ලක්‍ෂ 25 ක් පමණ මුදලක් වැයවන බව පවසයි. මේ සඳහා ආධාර කළ හැකි පරිත්‍යාගශීලීන් වේ නම් මාතර මහජන බැංකුව උයන්වත්ත ශාඛාව (අමන්දා නමින් ඇති) අංක 032200150026589 ගිණුමට බැර කරන ලෙසද ඉල්ලා සිටියි.


පොල්ගස්ඕවිට, කහතුඩුව, සමගි මාවත අංක 1/117 හි පදිංචි යූ.එල්. ප්‍රේමකුමාර මහතා දරුණු වකුගඩු ආබාධයකින් පෙළෙයි. මාලිගාවත්ත වකුගඩු රෝහල භාර වෛද්‍ය සන්ධ්‍යා එම් සෙනෙවිරත්න මහත්මිය ප්‍රකාශ කර ඇත්තේ ඔහුට “ඕ පොසිටිව්” වර්ගයේ වකුගඩුවක් ඉක්මණින් බද්ධ කළයුතු බවයි. ඒ සඳහා යම් පරිත්‍යාගශීලියෙකු වේ නම් අංක 0112705796 හෝ 0712927347 දරන දුරකථන අංක වලට අමතන ලෙස ඉල්ලීමක් කැරේ.


මිරිස්ස, බණ්ඩාරමුල්ල, කහටගහවත්ත අංක 231/1 හි පදිංචි ඩී.එම්. තුෂාර මිහිරංග බණ්ඩාර (අවු. 32 ) දරුණු වකුගඩු රෝගයකින් පෙළේ. දෙදරු පියෙකු වන ඔහුගේ වකුගඩු දෙකම අක්‍රීය වී ඇති බවත් ඉක්මනින් “ඕ පොසිටිව්” වර්ගයේ වකුගඩුවක් බද්ධ කළයුතු බවත් වෛද්‍යවරු පවසති. ඒ සඳහා යම් පරිත්‍යාගශීලියෙකු වේ නම් 071 2779420, 075 2922465 දරන දුරකථන අංකවලට දන්වන ලෙස ඉල්ලා සිටියි.

 

නිකිණි පුර පසළොස්වක පෝය

නිකිණි පුර පසළොස්වක පෝය අගෝස්තු 01 වන දා බදාදා පූර්ව භාග 11.02 ට ලබයි.
02 වනදා බ්‍රහස්පතින්දා පූර්ව භාග 09.01 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම අගෝස්තු 01 වන දා බදාදාය.

මීළඟ පෝය
අගෝස්තු 09 වන දා බ්‍රහස්පතින්දා ය
.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

අගෝස්තු 01

Second Quarterඅව අටවක

අගෝස්තු 09

New Moonඅමාවක

අගෝස්තු 17

First Quarterපුර අටවක

අගෝස්තු 24


2012 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]