UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

අංක 35,
ඩී. ආර්. විජයවර්ධන මාවත,
ලේක්හවුස් - කොළඹ.

දුරකතන‍‍:
94-11-2429598, 94-11-2429429

ෆැක්ස්:
94-11-2429329, 94-11-2449069

ඊමේල්:
[email protected]

නිකිණි පුර පසළොස්වක 2012 අගෝස්තු 01 වන දා

වස්සානයේ එළඹුම

පසම්පදා ශීලයෙන් යුත් මහ සඟරුවන බුදුරජාණන් වහන්සේ ගේ අවවාදයක් මහත් ගෞරවයෙන් සිහිපත් කිරීමට පෙළඹෙන අති උදාර දිනයකි, මෙම නිකිණි පුර පසළොස්වක පොහොය.

අධි පොහොය වසරක් හෙයින් මේ වසරේ දී නිකිණි පොහොයදා පෙර වස් වැසීමේ පෞරාණික චාරිත්‍රය ආරම්භ වේ. එබැවින් ගිහි පැවිදි දෙපක්ෂයම බුද්ධ නියමයක් ඉටුකරන දිනයකි.

මෙම උතුම් පසළොස්වක පොහොය දා විහාරස්ථ සීමා මාලකයට ඒකරාශි වන අධිශීල සංඛ්‍යාත ගෞරවනීය මහ සඟරුවන පොහොය විනය කර්මයන්හි නිරත වනු ලැබේ.

වසරකට වරක් උදාවන වස්සාන කාලය එළඹෙන තෙක් භික්ෂූන් වහන්සේ මෙන්ම සැදැහැතියා ද මහත් අපේක්‍ෂාවෙන් පසුවේ. ඊට ප්‍රධාන හේතුව නම් ගිහි පැවිදි දෙපක්‍ෂයටම වස්සාන සමයේ දී මහා පින් සිතිවිලි සමුදායක් අත්පත් කර ගත හැකි සුවිශේෂී කාලයක් වන බැවිනි.

සම්බුදු සසුනෙහි පැවැත්ම හෙවත් ආයුෂය විනය වේ. එබැවින් බුදුරජාණන් වහන්සේගේ අවවාදයක් මහත් ගෞරවයෙන් පිළිගන්නා දිනයක් සේම සම්බුදු සසුනෙහි චිර පැවැත්මට හේතුවන විනය ශික්ෂාවන් මහත් ගෞරවයෙන් සිහිකරන දිනයකි.

දැයේ මුර දේවතාවුන් වහන්සේ ලෙස සලකනු ලබන ගෞරවනීය මහ සඟරුවන ගිහි සමාජයට ආදර්ශයෙන් ම අවවාද සපයනු ලබන්නේ ය.

පුර පසළොස්වක පෝදා පොහොය විනය කර්මය ඉටු කරන අධිසීල සංඛ්‍යාත ගෞරවනීය මහ සඟරුවන දායක පක්ෂයේ වැසි සළු සහිත දැහැත් ගොටු පිළිගැනීමෙන් හෙට දිනයේ පටන් වස් විසීමේ උදාර චාරිත්‍රය ඉටු කිරීමට ඉටා ගනු ලැබේ.

බොහෝ විහාරස්ථානවල අද නිකිණි පුර පසළොස්වක පොහොය දා පටන් වස්සාන සමය අවසන් කැරෙන කඨින පූජාව සිදු කැරෙන දිනය දක්වා දිනපතා පින්කම් සිදු කිරීමට කටයුතු යොදා ඇත.

ඇතැම් විහාරස්ථානවල සෙනසුරාදා, ඉරිදා දිනයන්හි එම පින්කම් සිදු කිරීමට නියම කර ගෙන ඇත.

වස්සාන සමය හෙවත් වස් කාලය තුළදී අධිසීල සංඛ්‍යාත භික්‍ෂූන් වහන්සේ මෙසේ වස් එළඹ වැඩ සිටීමෙන් ගිහි පැවිදි දෙපාර්ශ්වයට ම මහත් සෙතක් සැලසෙන සමයකි.

පන්සල කේන්ද්‍රස්ථානය කර ගනිමින් ගුණ දහම් පෝෂණය කිරීමට භික්ෂූන් වහන්සේ සිදු කළ හා දැනුදු සිහි කැරෙන මෙහෙවර බෞද්ධ සමාජය සදා අනුස්මරණය කරනු ඇත.

ගමේ පන්සලට බොදු දනන් ඒකරාශි වී ආගමික කටයුතුවල නිරතවනුයේ භික්‍ෂූන් වහන්සේගේ කාරුණික මාර්ගෝපදේශකත්වය නිසාම ය.

විනය ගරුක සුචරිතවත් ජීවිත සමාජයට මහත් ආශිර්වාදයක් වනු ඇත. එවන් ශික්‍ෂාකාමී සමාජයක ගැටලු අර්බුද අවම ය.

සංවරශීලි ජන සමාජයක් මගින් මතු පරපුර ද විනයගරුක වනු ඇත. එබැවින් මෙකල වෙසෙන අපගේ යුතුකම වනුයේ ආදර්ශවත් පරපුරක් සඳහා කළ යුතු මෙහෙවර නොපමාව ඉටු කිරීමය.

සම්බුදු දහමට අනුව දිවිගෙවන කවර අයකුගෙන් වුවද සමාජයට ආශිර්වාදයක් මිස අනර්ථයක් නම් සිදු නො වනු ඇත.

ජීවිතය සුචරිතයට යොමු කරවා ගැනීමට හැකිතාක් ධර්මානුකූ®ල පැවැත්මකට යොමු විය යුතුය.

තම තමන් විසින් තමන්ට කළ හැකි පමණින් සුචරිතවත් සමාජයක් දෙස ඉටු කළ යුතු වගකීම නොපිරිහෙලා ඉටු කළ යුතුවේ.

යහපත, අයහපත තමා විසින්ම අවබෝධ කර ගැනීමට උත්සාහ කළ යුතුය. සමාජයට යහමග, නිසිමග පෙන්වාදෙන කාරුණික අනුශාසනා අනුවම දිවිමග සරු කර ගත යුතුවේ.

එසේ නොවුවහොත් යම් දිනක පසුතැවිල්ලට පත් වන්නේ ද තමා ම ය.

එබැවින් තමා තමා ගැන ම සිතා විනය ගරුකවීමට ඔවුනොවුන් උත්සාහ කරන්නේ නම් සමාජයේ යහපැවැත්මට එය උදාර මෙහෙවරක් වනු ඇත.

එබැවින් වස්සාන සමය පෙරටත් වඩා ගුණදහම් පෝෂණයට ම යොදා ගැනීමට අදිටන් කර ගනිමු.

 

නිකිණි පුර පසළොස්වක පෝය

නිකිණි පුර පසළොස්වක පෝය අගෝස්තු 01 වන දා බදාදා පූර්ව භාග 11.02 ට ලබයි.
02 වනදා බ්‍රහස්පතින්දා පූර්ව භාග 09.01 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම අගෝස්තු 01 වන දා බදාදාය.

මීළඟ පෝය
අගෝස්තු 09 වන දා බ්‍රහස්පතින්දා ය
.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

අගෝස්තු 01

Second Quarterඅව අටවක

අගෝස්තු 09

New Moonඅමාවක

අගෝස්තු 17

First Quarterපුර අටවක

අගෝස්තු 24


2012 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]