UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

නිකිණි පෝදා පින්කම්

ජයසිරිමහ බෝධිය

අනුරාධපුර ජයසිරි මහ බෝධි විහාරස්ථානයේදී නිකිණි පුන් පොහොය වැඩසටහන මෙසේ ය.

මහාවිහාර පුන් පොහොය වැඩසටහන මඟින් ක්‍රියාත්මක කරනු ලබන අනුරාධපුර දිස්ත්‍රික්කයේ පිරිවෙන් පුස්තකාල සංවර්ධන වැඩ පිළිවෙළේ තෙවැනි අදියර මෙදින ඇරැඹේ. මෙහිදී අනුරාධපුර දිස්ත්‍රික්කයේ පිරිවෙනක පුස්තකාලයක් සඳහා අනුරාධපුර මහාවිහාර සංඝ සභාවේ සභාපති, අනුරාධපුර අටමස්ථානාධිපති සහ උතුරු මධ්‍යම දිසාවේ ප්‍රධාන සංඝනායක ආචාර්ය පල්ලේගම සිරිනිවාස නාහිමියන් අතින් රුපියල් පන්දහසක් වටිනා පුස්තකාල පොත් පිරිනමනු ලැබේ. මේ සඳහා මහාවිහාර පුන් පොහොය වැඩසටහනට සහභාගි වන උවසු උවැසියන් සහ කොරතොට අරුණාරාමයේ භාවනා වැඩසටහනට සහභාගි වන සිල් මාතාවන් හා භාවනායෝගීහු අනුග්‍රහය දක්වති.

අනතුරුව අනුරාධපුර අටමස්ථානාධිපති සහ උතුරු මධ්‍යම දිසාවේ ප්‍රධාන සංඝනායක ආචාර්ය පල්ලේගම සිරිනිවාස නාහිමියන්ගේ අනුශාසනය පැවැත්වේ. මෙම නිකිණි පුන් පොහොය වැඩසටහනට ධර්ම දේශනා, ධර්ම සාකච්ඡා, භාවනා, බුද්ධ පූජා සහ බෝධි පූජා ද ඇතුළත් වේ.

අගෝස්තු මස 2 වැනි දා, බ්‍රහස්පතින්දා, එනම් නිකිණි පුන් පොහොය දිනට පසු දින අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධි විහාරස්ථානයේ දී භාවනා වැඩසටහනක් පැවැත්වීමට ද කටයුතු යොදා ඇත. අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධි විහාරස්ථානයේ මහාවිහාර සන්නිපාත ශාලාවේ දී එදින පෙරවරු 8.00 සිට පෙරවරු 10.00 තෙක් මෙම භාවනා වැඩසටහන පැවැත්වේ. භාවනා වැඩසටහන මෙහෙයවනු ලබන්නේ මහාවිහාර පොහොය වැඩසටහනේ උපදේශක රෝහිත විජයතිලක මහතා විසිනි.


කැලණි තරුණ බෞද්ධ සමිතිය

කැලණි තරුණ බෞද්ධ සමිතියේ නිකිණි පෝදින වැඩසටහන මෙසේ ය.

පෙරවරු 6.30 සිල් සමාදන් කරවීම ගාල්ලේ කුමාර කාශ්‍යප හිමි, 8.15 භාවනා වැඩසටහන, 9.15 ධර්ම දේශනය, 10.30 බුද්ධ පූජාව ඇටම්පිටියේ සිරි සාරානන්ද හිමි, පස්වරු 1.00 ධර්ම දේශනය, 2.15 ධර්ම දේශනය 4.00 ධර්ම දේශනය, 5.00 බෝධි පූජාව, ඇටම්පිටියේ සිරි සාරානන්ද හිමි 6.00 සිල් පවාරණය .


ඉසිපතනාරාම මහා විහාරය

හැව්ලොක්ටවුන් ඉසිපතනාරාම මහා විහාරස්ථානයේ මේ මස 01 වැනිදාට යෙදෙන පුන් පොහෝ දා පින්කම් මෙසේ ය. පෙරවරු 6.30 සිල් සමාදන් කරවීම, 8.00 භාවනාව පස්ගොඩ සුමිත්ත හිමි, 9.00 – 10.00 දක්වා ධර්මදේශනාව කිහිඹියේ විජිත හිමි, 10.00 ට ජාතක කතාව වග විජිතවංස හිමි, පස්වරු 1.00 ට සාමූහික පිරිත් දේශනාව, වග විජිතවංස හිමි, 2.00 – 3.00 ධර්මදේශනාව දිවිතුරේ සමන්ත හිමි, 4.00 – 5.00 ධර්මදේශනාව, කිරිඔරුවේ ගුණානන්ද හිමි, 6.00 ට සත් සති පූජාව, හබරලුවේ චන්දානන්ද හිමි ඇතුළු මහා සඟරුවන, 7.00 බුද්ධප්‍රමුඛ මහා සඟරුවනට වස් ආරාධනාව.


තලවතුගොඩ සංඝමිත්තාරාමය

තලවතුගොඩ, වැලිපාර, සංඝමිත්තාරාමයෙහි පුන් පොහෝ දින අලුයම 5.30 ට විශේෂයෙන් සැකසූ ක්ෂීරපායාස අටවිසි බුද්ධ පූජාවක් පවත්වනු ලබන අතර පෙරවරු 6.00 – 7.00 දක්වා සීල, භාවනා, ධර්ම දේශනා වැඩසටහන් පැවැත්වේ. 8.00 – 9.00 දක්වා රුහුණුපුර සුගතාරාමවාසී හඟුරන්කෙත චන්ද්‍රරතන හිමියන් විසින් පවත්වන ධර්ම දේශනාවකි. 9.00 – 10.00 දක්වා කඩවත විමුක්ති දසසිල් මෑණියන් වහන්සේ විසින් මෙහෙයවන භාවනා වැඩසටහනකි. 10.00 – 11.00 දක්වා ගණේමුල්ලේ නිස්සරණි දසසිල් මෑණියන් විසින් මෙහෙයවන භාවනා වැඩසටහනකි. පස්වරු 12.30 – 1.00 දක්වා ධම්මචක්කපවත්වන සූත්‍ර සජ්ඣායනය, 1.00 – ප.ව. 4.30 දක්වා පිළියන්දල සංඛපාලි දසසිල් මෑණියන් විසින් පවත්වන ධර්ම දේශනාව සහ මෙහෙයවන භාවනා වැඩසටහන තුන් සූත්‍ර දේශනය අවසානයේ සිල් පවාරණය සවස 6.00 ට මල්, පහන්, ගිලන්පස අටවිසි බුද්ධ පූජාවක් පිළියන්දල සංඛපාලි දසසිල් මෑණියන් විසින් පවත්වනු ලැබේ.


හොරේතුඩුව පුරාණ ශ්‍රී ගංගාරාමය

නිකිණි පුර පසළොස්වක පොහෝ දින සීල සමාදාන වැඩසටහන මෙසේ ය.

පෙරවරු 6.00 සිල් සමාදන් කරවීම සහ බුද්ධ වන්දනාව වැලිගම අනුරුද්ධ හිමි, 8.00 ධර්ම දේශනාව, 9.00 අරලියගහ මැදුරේ සිට විකාශනය වන රූපවාහිනී ධර්ම දේශනාව, 10.00 භාවනා වැඩසටහන මෙහෙයවීම, හිරණ ප්‍රජාපති සීලමාතා ආශ්‍රමයේ අධිපතිනි මහියංගණයේ විශාකා ධම්මශිලා මෙහෙණින් වහන්සේ, 11.00 දවල් සම්බුද්ධ පූජාව, පස්වරු 1.00 ධම්මචක්ක සූත්‍ර දේශනාව, ප.ව. 2.00 ධර්ම සාකච්ඡාව මෙහෙයවීම, අත්තිඩියේ නිහාල් පෙරේරා මහතා සහ ආචාරිනී නාවලගේ හිරෝෂිනී පෙරේරා මෙනවිය. 4.00 භාවනා පන්තිය, කෝලිත හෙට්ටිගේ මහතා, 5.00 වස් ආරාධනා පින්කම, නිහාල් අපෝන්සු මහතා සහ එම මහත්මිය ඇතුළු දායක පිරිස, ප.ව. 6.00 මහා බෝධි පූජාව, කඨින පූජෝත්සවය වෙනුවෙන් විහාරස්ථානයේ වැඩ වසන භික්‍ෂූන් වහන්සේලාට වස් විසීම සඳහා ආරාධනා කිරීමේ පූජෝත්සවය හොරේතුඩුවේ මඩකිස්ස පාරේ සැදැවත් පිරිසක් විසින් එදිනම සිදු කිරීමට නියමිතය.


කුප්පියාවත්ත ජයශේඛරාරාමය

කොළඹ 10 කුප්පියාවත්ත ජයශේඛරාරාම විහාරස්ථානයේ පොහොය වැඩසටහන මෙසේ ය.

එදින පෙරවරු 6.00 – 6.30 දක්වා උපෝසථ ශීලය හා කෙටි අනුශාසනාව, කෝට්ටේ ජනාධිපති විද්‍යාලයේ, ආචාර්ය ශාස්ත්‍රපති රජවත්තේ වප්ප හිමි, 8.00 – 9.00 දක්වා භාවනා වැඩසටහන විහාරාධිකාරී ශාස්ත්‍රපති රජවත්තේ වප්ප හිමි, 9.15 – 10.15 ට ධර්ම දේශනය සබරගමු විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය ආචාර්ය රත්තොට උපනන්ද හිමි, 10.15 – 11.00 ට සම්බුද්ධ පූජාව තලල්ලේ සිරිමහින්ද නාහිමි, 12.30 – 12.45 දක්වා සෙත් පිරිත් සජ්ඣායනාව 2.15 – 3.15 ට ධර්ම දේශනය, 3.15 – 4.15 භාවනාව තලල්ලේ සිරිමහින්ද නාහිමි, 4.30 – 5.30 ට ධර්මදේශනය ජයශේඛරාරාම වාසී කෙසල්පොත සුමනවංශ හිමි, 6.00 ට සිල් පවාරණය තලල්ලේ සිරි මහින්ද නාහිමි 7.00 7.45 දක්වා සම්බුද්ධ පූජාව, 8.00 – 9.00 දක්වා රාත්‍රී ධර්ම දේශනය (පටිගත කරන ලද).


කළුතර බෝධිය

කළුතර බෝධි භාරකාර මණ්ඩලය මෙහෙයවීමෙන් පෝදා කළුතර බෝධි පරිශ්‍රයේ පවත්වනු ලබන ආගමික වැඩසටහන් මාලාව.

පෙරවරු 6.30 – 7.30 සිල් සමාදන් කරවීම, පාදුක්කේ සද්ධාධජ හිමි 8.00 – 10.00 ධර්ම දේශනය වතුරුගම නන්දසිරි හිමි, 10.15 – 11.15 ධර්ම දේශනය කැලණියේ විපුලඥාන හිමි, 11.15 ගවයින් නිදහස් කිරීම, අනුශාසනාව පල්ලත්තර ජිනානන්ද හිමි, පස්වරු 1.00 – 3.00 ධර්ම දේශනය, පුලියද්දේ සුධම්ම හිමි, 3.15 – 5.15 දේශනය, ශාස්ත්‍රවේදී ශේන් බ්ලොක් මහතා, 5.30 – 6.30 ධර්ම දේශනය ශාස්ත්‍රපති මස්පන්නේ ගුණාලංකාර හිමි, 6.15 – 7.00 පානදුරේ අරියධම්ම ස්වාමීන් වහන්සේගේ බෝධිපූජාව (පටිගත කළ එකකි) 7.15 – 8.00 ධර්මාචාර්ය කේ. පරණවිතාන මහතා, මෙහෙයවන නව අරහාදී පහන් පූජාව, 8.15 සිට රූපවාහිනිය තුළින් බෞද්ධ වෙහෙර නැරඹීම.


හුණුපිටිය ශ්‍රී විජයසුන්දරාරාමය

වත්තල, හුණුපිටිය, ශ්‍රී විජයසුන්දරාරාම පුරාණ විහාරයේ පෝදා වැඩසටහන මෙසේ ය.

පෙරවරු 6.00 සිල්සමාදන් කරවීම, වෑගල්ලේ රාහුල හිමි, 7.00 භාවනාව, ඇලපිටිවෙල නන්දවිමල හිමි, 9.00 ධර්මදේශනාව විහාරාධිපති, වලවෙල හේමානන්ද හිමි, 10.00 ධර්ම දේශනය දළුගම සමිතඤාණ හිමි, පස්වරු 1.00 ධර්මදේශනාව බුත්කන්දේ රතනජෝති හිමි 2.00 ජාතක කතාව හුණුවල පියදස්සි හිමි, 4.00 ධර්මදේශනය වේවැල්දුවේ ධම්මකිත්ති හිමි, 5.00 සිල් පවාරණය 5.30 වාර්ෂික වස් ආරාධනය 6.00 අටවිසිබුද්ද පූජාව 7.00 වස් ආරාධනාව පිළිබඳ ධර්මදේශනය රාත්‍රි 8.00 සිට ත්‍රිපිටකය ඇසුරින් ධර්ම සාකච්ඡාව.


මහරගම සිරි වජිරඤාණ ධර්මායතනයේ

තරුණ සීල සමාදාන පින්කම

පෙරවරු 6.00 – 7.00 සිල් සමාදන් කරවීම, අනුශාසනාව හා බුද්ධ පූජාව ශාස්ත්‍රපති පණ්ඩිත උඩුදුම්බර ලංකානන්ද හිමි, 8.00 – 9.00 භාවනා වැලිමඩ පසන්නමානස හිමි, 9.00 – 10.00 ධර්ම දේශනාව වල්ගම සුමන හිමි, 10.00 – 11.15 පරෝපකාර සංග්‍රහය, අනුශාසනාව හා බුද්ධ පූජාව ශාස්ත්‍රපති පණ්ඩිත මහඔය අනුරුද්ධ හිමි, පස්වරු 12.30 – 1.00 පිරිත් හා තෙරුවන් ගුණ ඉන්දියාවේ මෛත්‍රීපාල හිමි, 1.00 – 2.00 ධර්ම සාකච්ඡාව ශාස්ත්‍රපති පණ්ඩිත පානදුරේ පසන්න හිමි, 2.00 – 4.00 ධර්ම දේශනාව කන්තලේ ආනන්ද හිමි, 4.15 – 5.00 ධම්මපදය, ශාස්ත්‍රපති පණ්ඩිත ගබ්බෙල වජිර හිමි, 5.00 – 6.00 ධර්ම දේශනාව දියතලාවේ පියදස්සි හිමි, 6.00 – 6.30 බෝධි පූජාව ශාස්ත්‍රපති පණ්ඩිත හක්මන සුමනසිරි මා හිමි.

වැඩිහිටි සීල සමාදාන පින්කම

පෙරවරු 6.00 – 7.00 සිල් සමාදන් කරවීම සහ බුද්ධ පූජාව පැවැත්වීම, හිඟුරේ පඤ්ඤාසේකර හිමි, 8.00 – 9.00 භාවනාව ශාස්ත්‍රපති පණ්ඩිත හක්මන සුමනසිරි හිමි, 9.00 – 10.00 ධර්ම දේශනාව බුද්ධංගල ආනන්ද හිමි, 10.00 – 11.00 අභිධර්ම කතාව පියදාස මුතුගම මහතා, 11.00 – 11.15 බුද්ධ පූජාව බංගලිදේශයේ සද්ධානන්ද හිමි, යාලගමුවේ මංගල හිමි, පස්වරු 12.35 – 1.00 පිරිත් හා තෙරුවන් ගුණ අකුරැස්සේ ධම්මරතන හිමි, ඕපනායක ධම්මවිරාග හිමි, 1.00 – 2.00 ධර්ම සාකච්ඡාව ශාස්ත්‍රපති පණ්ඩිත උඩුදුම්බර ලංකානන්ද හිමි, 2.00 – 3.00 ධර්ම දේශනාව ශාස්ත්‍රපති වගවත්තේ විමලවංස හිමි 3.00 – 3.30 විශේෂ අනුශාසනාව වැලිගම ඥානරතන මහනාහිමි, 5.00 – 6.00 ධම්ම පදය, ශාස්ත්‍රපති පණ්ඩිත පානදුරේ පසන්න හිමි.


කලල්ගොඩ සිරි ගුණසේකර ධර්මායතනය

නිකිණි පුර පසළොස්වක පෝ දින ශීල, භාවනා වැඩසටහන.

පෙරවරු 6.30 සීල සමාදානය, සම්බුද්ධ පූජාව සහ කෙටි අනුශාසනාව මෙහෙයවීම, සිරි ගුණසේකර ධර්මායතනාධිපති ලේනබටුවේ මිත්තාලෝක නා හිමි, 8.00 ධර්ම දේශනය සිරි ධම්මින්ද්‍රාරාම විහාරවාසි දිවුරුම්වෙල විනීත හිමි, 9.00 වෙසෙසි දෙසුම කථිකාචාර්ය ආනන්ද සිල්වා මහතා, 11.30 දවල් සම්බුද්ධ පූජාව, රම්මලේ අරියවිසුද්ධි හිමි, පස්වරු 12.45 තෙරුවන් වැඳීම සහ පිරිත් සජ්ඣායනය, ධර්මායතනවාසී ස්වාමීන් වහන්සේලා සමග සිල් පිරිස, 1.15 විශේෂ ගිහි දේශනය, මෙහෙයවීම, වෛද්‍ය කුමුදු කුරුප්පු මහතා, 3.00 ධර්ම දේශනය කොහොලංකල කෝවිද හිමි, 4.15 ධර්ම දේශනය රම්මලේ අරියවිසුද්ධි හිමි, 7.00 ආශිර්වාදාත්මක බෝධි පූජාව හා බුද්ධ වන්දනාව ලේනබටුවේ මිත්තාලෝක නා හිමි ප්‍රධාන මහා සංඝරත්නය ප.ව. 7.30 වස් ආරාධනාව සිදු කිරීම. මෙදින බුදුසරණ පුවත්පත ධර්ම දානය වශයෙන් බෙදාදීමෙන් දායකත්වය ලබන්නේ ඥානවතී අබේසිංහ මිය, එච්.ඩී. චන්ද්‍රිකා මිය සහ ඇල් හේමවතී යන මහත්මීන් විසිනි.


බම්බලපිටිය සිරි වජිරාරාමය

බම්බලපිටියේ සිරි වජිරාරාමයේ පෝදා වැඩසටහන මෙසේ ය.

පෙරවරු 6.00 – 7.15 සිල් සමාදන් කරවීම අනුශාසනාව සහ බුද්ධ පූජාව, සිරි වජිරාරාමාධිපති රාජකීය පණ්ඩිත ත්‍රිකුණාමලේ ආනන්ද අනුනා හිමි, 8.00 – 9.00 ධර්මානුශාසනාව පිටිපන ශාසන රතන හිමි, 9.00 – 9.45 ධර්මානුශාසනාව, අග්ගමහාපණ්ඩිත වැලිගම ඤාණරතන මහා නා හිමි, 9.45 – 11.00 භාවනාව සහ අනුශාසනාව, ගම්පහ පාසාදික හිමි, 1 පස්වරු 12.30 – 1.30 සෙත් පිරිත් සහ තෙරුවන් ගුණ සජ්ඣායනය කඹුරුගමුවේ මහානාග හිමි, 1.30 – 2.30 ධර්ම සාකච්ඡාව පණ්ඩිත වැලිගේපොල සීලවංශ හිමි, 3.00 – 4.00 ධර්මානුශාසනාව දියතලාවේ පියදස්සි හිමි, 4.00 – 5.00 ගිහි දේශනාව ශාස්ත්‍රපති ජයසේන එදිරිසිංහ සූරීහු, 5.00 - 6.00 ධර්මදේශනය රනස්ගල්ලේ ඥානවීර හිමි, 6.00 – 7.00 වස් ආරාධනාව හා අටවිසි බුද්ධ පූජාව සිරි වජිරාරාම ස්වාමීන් වහන්සේලා.


සිරි සුදස්සනාරාම සදහම් සෙනසුන

බත්තරමුල්ල සිරි සුදස්සනාරාම සදහම් සෙනසුනේ පෝදා වැඩසටහන මෙසේ ය. පෙරවරු 6.00 ට සීල සමාදානය සහ අනූශාසනාව ආචාර්ය මිරිස්සේ ධම්මික නාහිමි, 7.00 ට තෙරුවන් වන්දනාව, 8.15 – 9.30 භාවනාව ආචාර්ය මිරිස්සේ ධම්මික නා හිමි, 9.45 – 11.00 ධර්මදේශනය ආචාර්ය මිරිස්සේ ධම්මික නාහිමි, 11.00 ට තෙරුවන් වන්දනාව, ප.ව. 12.30 – 1.00 සූත්‍ර සජ්ඣායනාව, 1.00 – 2.00 ධර්මදේශනය වල්පොල ගෝතම හිමි, ප.ව. 2.00 - 3.30 ධර්ම සාකච්ඡාව බැද්දේපාන විමලකීර්ති මාහිමි, 4.00 – 5.00 තල්පත්වැවේ සද්ධාතිස්ස මා හිමි ධර්ම දේශනාව අලුත්වැව ධම්ම හිමි, ආචාර්ය මිරිස්සේ ධම්මික හිමියන් විසින් රචිත මාසික ධර්ම ග්‍රන්ථය උපාසක පිරිසට පූජා කෙරේ.


ශ්‍රී සම්බෝධි විහාරය

කොළඹ 07 ග්‍රෙගරිපාරේ ශ්‍රී සම්බෝධි විහාරයේ නිකිණි පෝදා සීල සමාදාන වැඩසටහන මෙසේ ය.

පෙරවරු 6.00 කිරි ආහාර පූජාව සමග ශීල සමාදානය සිදු කිරීම කෙටි අනුශාසනාව හා භාවනාව මෙහෙයවීම ශ්‍රී සම්බෝධි විහාරාධිපති බෞද්ධයා මාධ්‍ය ජාලයේ සභාපති ගෞරව ශාස්ත්‍රවේදී දරණාගම කුසලධම්ම නාහිමි, 8.00 ධර්ම දේශනාව, වත්තේගම ධම්මවංශ හිමි, 9.30 ධර්ම දේශනාව පිටිගල ගුණරතන හිමි, පස්වරු 12.30 දම්සභා මණ්ඩපය, ධර්ම සාකච්ඡාව,මිරහවත්තේ පඤ්ඤාසිරි හිමි, මහාචාර්ය දයා අමරසේකර මහතා, ආචාර්ය ප්‍රණීත් අබේසුන්දර මහතා මෙහෙයවීම නීතිඥ ශෂික ජයතිලක, 2.00 භාවනා වැඩසටහන මෙහෙයවීම කහගොල්ලේ සෝමවංශ නාහිමි, 3.30 ධර්ම දේශනාව පණ්ඩිත බැරගම අරියදේව හිමි, 4.30 ධර්මදේශනාව මෙහෙයවීම ගෞරව ශාස්ත්‍රවේදී දරණාගම කුසල ධම්ම නාහිමි, 5.30 සිල් පවාරණය කිරීම සත් බුදු වන්දනාව මෙහෙයවීම මහරගම ධම්මසිරි හිමි.


මාතර සිරි වජිරඤාණ ධර්මායතනය

සිල් සමාදන් කරවීම ශාස්ත්‍රපති පණ්ඩිත පැළෑනේ සුවිනීත හිමි, බුද්ධ පූජාව, ධර්ම දේශනාව ශාස්ත්‍රපති රාජකීය පණ්ඩිත පනන්වෙල රාහුල හිමි, ධර්ම දේශනාව ශාස්ත්‍රපති පට්ටියවෙළ සීවලි හිමි බුද්ධ පූජාව, සෙත් පිරිත් දේශනාව කොළොන්නාවේ හේමසිරි, මානින්ගමුවේ සංඝානන්ද සාමණේර ස්වාමීන් වහන්සේලා ධර්ම සාකච්ඡාව ශාස්ත්‍රපති පණ්ඩිත හත්තොටුවේ ඉන්ද්‍රරතන හිමි, ධර්මානුශාසනාව ශාස්ත්‍රවේදී පණ්ඩිත දිද්දෙණිපොත ධම්මානන්ද හිමි, සිල් පවාරණය සහ පුණ්‍යානුමෝදනාව ධර්මායතනාධිකාරී පණ්ඩිත පැළෑණේ සුවිනීත හිමි.


වල්පල සිරිමංගල පිරිවෙන් විහාරය

නිකිණි පෝදා සිල් වැඩ සටහන මෙසේය.

සීල සමාදානය පණ්ඩිත වලස්ගල පුණ්‍යජි මයුරවංශ මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේ, බුද්ධ පූජා වන්දනාව ශාස්ත්‍රවේදී කුඩාගොඩ ඥානවංශ හිමි භාවනා වැඩසටහන වලස්ගල පඤ්ඤාසිරි හිමි, බුද්ධ පූජා වන්දනාව, සෙත්පිරිත් සජ්ඣායනාව පිරිවෙන් වාසි ඇඹිලිපිටියේ රාහුල, පාලටුවේ සමිත, කුඩා ස්වාමීන් වහන්සේලා බුද්ධ පූජා වන්දනාව හොරපාවිට ධම්මිස්සර හිමි, ධර්ම සාකච්ඡාව ත්‍රිපිටකවේදී ශාස්ත්‍රවේදී වලස්ගල පඤ්ඤාසිරි හිමි ධර්ම දේශනාව ශාස්ත්‍රපති පණ්ඩිත කැලණියේ අජිත හිමි සිල් පවාරණය, අටවිසි බුද්ධ වන්දනාව ශාස්ත්‍රවේදී බලංගොඩ සාන්තසිරි හිමි.


උයන්වත්ත වාලුකාරාම මහා විහාරය

නිකිණි පෝදා සිල් වැඩ සටහන මෙසේය. සිල් සමාදන් කරවීම ශාස්ත්‍රවේදී බඹරැන්දේ රාහුල හිමි අනුශාසනාව පරිදි, බුද්ධ පූජා වන්දනාව ශාස්ත්‍රවේදී රොටුඹ සෝරමරතන හිමි, ගුවන්විදුලි ධර්ම දේශනාව, බුද්ධ වන්දනාව මොරවක ධම්මරතන හිමි, සෙත් පිරිත් සජ්ඣායනාව තවලම සුමනරතන, වෙලේගොඩ දමිතසාර, වල්ගම නාගිත සාමණේර ස්වාමීන් වහන්සේලා, ධර්ම සාකච්ඡාව ශාස්ත්‍රපති කැලණියේ අජිත හිමි, ගිලන්පස පිරිනැමීම, අටවිසි බුද්ධ පූජාව රොටුඹ ශාන්ත හිමි.


මාතර තරුණ බෞද්ධ සමිතිය

නිකිණි පෝදා සිල් වැඩ සටහන මෙසේය.

සීල සමාදන් කරවීම, දෙහිගස්පේ සිරිවිමල හිමි, සිල් ආවර්ජනාව කිවිපති මාර්ටින් ජයවර්ධන ශූරීන්, විදර්ශනා මාර්ගය නිලන්ත හෙට්ටිගේ ශූරීන් බුද්ධ වන්දනාව, ශාස්ත්‍රපති පණ්ඩිත පැලෑනේ සුවිනීත හිමි රණවිරුවන්ට සෙත් පතා සෙත් පිරිත් සජ්ඣායනාව ගම්මැදගම චන්ද්‍රජෝති නාහිමි අනුශාසනා පරිදි නවලෝකගම චන්දිම, බෙලිගල්ලේ මුදිත, නෙරලම්පිටියේ දිනිදු සාමණේර ස්වාමීන් වහන්සේලා ධර්ම සාකච්ඡාව, ධර්මාචාර්ය වලස්ගල පඤ්ඤාසිරි හිමි, විශේෂ ධර්මදේශනාව ශාස්ත්‍රවේදී පණ්ඩිත දේවාලේගම සුමනරතන හිමි, ධර්ම දේශනාව මලිදුව ඤාණාලෝක හිමි, සිල් පවාරණය බූකැන්දයායේ අරියවංශ හිමි.

 

නිකිණි පුර පසළොස්වක පෝය

නිකිණි පුර පසළොස්වක පෝය අගෝස්තු 01 වන දා බදාදා පූර්ව භාග 11.02 ට ලබයි.
02 වනදා බ්‍රහස්පතින්දා පූර්ව භාග 09.01 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම අගෝස්තු 01 වන දා බදාදාය.

මීළඟ පෝය
අගෝස්තු 09 වන දා බ්‍රහස්පතින්දා ය
.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

අගෝස්තු 01

Second Quarterඅව අටවක

අගෝස්තු 09

New Moonඅමාවක

අගෝස්තු 17

First Quarterපුර අටවක

අගෝස්තු 24


2012 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]