UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

විශ්ව බල ධර්ම යාත්‍රා

බුදුරජාණන් වහන්සේ විසින් දේශිත ධර්මය මෙන්ම වර්තමානයේ භික්‍ෂූන් වහන්සේ විසින් දේශනා කරනු ලබන ධර්ම දේශනා සහ සූත්‍ර අඩංගු කර විද්‍යුත් දාගැබක් නිර්මාණය කර ජනතාවගේ පරිහරණයට ලබා දීමට කටයුතු කර ඇතැයි දේශප්‍රේමී භික්‍ෂු පෙරමුණේ ලේකම් බෙංගමුවේ නාලක හිමියෝ පවසති.

එම විද්‍යුත් දාගැබ ‘සෙන්සර්’ (සංවේදක) මඟින් ක්‍රියාත්මක වන අතර ඊට අත තබා එමඟින් ක්‍රියාත්මක කරවීමේ හැකියාව තිබේ යැයි ද උන්වහන්සේ පැවසූහ. උන්වහන්සේ මෙසේ ද පැවසූහ. සූත්‍ර 18000 කට අධික සංඛ්‍යාවක් මෙම විද්‍යුත් දාගැබ තුළ අඩංගු කළ හැකි අතර තමන්ට අවශ්‍ය පරිදි එය ක්‍රියාත්මක කර ගැනීමට හැකිවේ. අඩියකට අඩු උස ප්‍රමාණයකින් යුත් එම කුඩා දාගැබ නුගේගොඩ පෞද්ගලික සමාගමක් මඟින් නිර්මාණය කර තිබෙනවා. තම අවශ්‍යතාවය අනුව එය නිර්මාණය කර ගැනීමට අපට පුළුවන්.

බුද්ධ දේශනා මෙන්ම බුදුදහම අප භාවිතා කරනු ලබන සියලු සූත්‍ර අනාගත පරපුරට දායාද කිරීමට උපයෝගී කරගත් ක්‍රමයක් ලෙස බෙංගමුවේ නාලක හිමියන් මෙය හඳුන්වා දෙන්නේ.

“විශ්ව බල ධර්ම යාත්‍රා” යනුවෙන් මෙය ඕනෑම රටක සිටින අයකුට පරිහරණය කළ හැකි පරිදි එය නිර්මාණය කර තිබෙනවා.

එමෙන්ම මෙම විද්‍යුත් දාගැබට තමන්ට අවශ්‍ය ඕනෑම දේශනයක් ඇතුළත් කර ගැනීමට පුළුවන්. එහෙත් බුදුදහමට හානි වන නිගා කරන කිසිදු දහම් කොටසක් දේශනයක් මෙහි අඩංගු කරන්නේ නැහැ. අධීක්‍ෂණයකින් පසුවයි මෙම දාගැබට ඇතුළු කරන්නේ.

නවරත්න වැනි මැණික් වර්ගද මෙම විද්‍යුත් දාගැබට ඇතුළු කරනු ලබන අතර ඉල්ලුම්කරුගේ අවශ්‍යතාවය පරිදි දාගැබ නිර්මාණය කරනවා. ලොව පුරාම විසිරී යන පරිදි හා ආශිර්වාදය ලබා ගැනීමට හැකි පරිදි මෙම විද්‍යුත් දාගැබ නිර්මාණය කෙරේ.

මෙහි ප්‍රථම චෛත්‍යය පසුගිය 21 වැනිදා රුවන්වැලි සෑය අභියසදී පිරිත් බල ගැන්වුණා. එය ජනාධිපතිතුමාට පිළිගැන්වීමට නියමිත අතර ඉන්පසු අවශ්‍ය අයට ඒවා ලබා ගැනීමට පුළුවනි. ග්‍රහ අපල, දෝෂ ආදිය ඇතැයි සිතනු ලබන අයට මෙමඟින් ශක්තිය බලය ලබා ගැනීමට පුළුවන්. බවද උන්වහන්සේ පැවසූහ.

 

නිකිණි පුර පසළොස්වක පෝය

නිකිණි පුර පසළොස්වක පෝය අගෝස්තු 01 වන දා බදාදා පූර්ව භාග 11.02 ට ලබයි.
02 වනදා බ්‍රහස්පතින්දා පූර්ව භාග 09.01 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම අගෝස්තු 01 වන දා බදාදාය.

මීළඟ පෝය
අගෝස්තු 09 වන දා බ්‍රහස්පතින්දා ය
.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

අගෝස්තු 01

Second Quarterඅව අටවක

අගෝස්තු 09

New Moonඅමාවක

අගෝස්තු 17

First Quarterපුර අටවක

අගෝස්තු 24


2012 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]