UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

අංක 35,
ඩී. ආර්. විජයවර්ධන මාවත,
ලේක්හවුස් - කොළඹ.

දුරකතන‍‍:
94-11-2429598, 94-11-2429429

ෆැක්ස්:
94-11-2429329, 94-11-2449069

ඊමේල්:
[email protected]

බක් අව අටවක 2012.04.13

තෙරුවන් සරණින් සුබ අලුත් අවුරුද්දක්

ක් මහේ දී සොබා සිරියෙන් පිරි ගස් වැල් මල් ඵල දරා කෙත්වතු සරුසාරවී අටු කොටු පුරවන සමයයි. බක් මහේ උදාවන සිංහල හා හින්දු අලුත් අවුරුද්ද මනසට එක් කරනුයේ සැබෑ මිහිරියාවකි.

හැම ගත සිත හෙළ සිරිතට මුල්තැන දෙන සංස්කෘතික මහ උළෙලකි.

හැම නිවහනකම පිරිසුදුකම මුලට යොදා එක්කරනුයේ නැවුම් බවකි. කටු මැටි නිවස පවා අලුතෙන් ගොම මැටි අතුරා අලුත් අවුරුදු දා සුබ මොහොත එළඹෙන තෙක් බලා සිටියි.

වෙනත් දවසක නිවසට, ගමට පළාතට නොයන තැනැත්තා පවා මව්පිය වැඩිහිටි ආදීන්ට තෑගි බෝග රැගෙන සුපුරුදු මතකය අවදි කරමින් දෝ මහ යුතුකමක් ඉටු කිරීමට අතීත නිවහනට ගොඩවදින්නේ මහඟු ලෙන්ගතුකම සිතැතිවය.

අන් කවරදාටත් වඩා සෙනෙහෙබර හැඟුමෙන් දයාබර මව්පියවරු ආදරණීය දරුවන් වැඩිහිටියන් ඤාතීන් හිතවතුන් ඒකරාශිවන්නේ අපේ මුතුන් මිත්තන් අතීතයෙන් අපට උරුම කර දුන් උරුමයක් මතු පරපුරට ද දායාද කිරීමට ය. උදාවන පුණ්‍ය කාලයේ දී තෙල් මල් රැගෙන පන්සලේ විහාර මන්දිරයට, බෝමළුවට, සෑ මළුවට පවුලේ ලොකු කුඩා සියලු දෙනා සමගි දාමයෙන් ඒකරාශිවී පළමුව බුදුරදුන් පුදා අලුත් අවුරුද්දේ තෙරුවන් සරණ පතා පුද පඬුරු ද පුදති.

කලෙකින් පසු හමුවන සුහදත්වය වර්ධනය කැරෙන අලුත් අවුරුද්දට ගම්බිම් බලා ගොස් ගතේ සිතේ විඩාව දුරු වී යන මොහොතේ හෙළ සිරිතට මුල්තැන දෙයි.

සුබ හෝරාවෙන් පිසූ කිරිබතෙන් ගෘහප්‍රධානියා අතින්ම කවා ගනිමින් සෙනේහයෙන් ආශීර්වාද ලබති. මව් පිය වැඩිහිටියන් වෙත බුලත් හුරුළු පුදා වැඳ ආසිරි ලබති. ළමා වියේ පසුවන පාසල් දරුවා පොත පතේ වැඩ අරඹමින් අලුත් අවුරුද්දේ පොතට පතට කාලය වැය කරන අදිටන ඇති කර ගනියි.

ඒ ඒ තරාතිරමට අනුව තම තමන්ගේ ක්‍රියාකාරකම්වල යෙදෙමින් අලුත් අවුරුද්දේ අලුතෙන් වැඩ අරඹති. යෙදෙන කාලවේලාවට අනුව තම තමන්ගේ ළඟ නෑ හිතවතුන් වෙත ගොස් සතුටෙන් සමාදානයෙන් කල් ගෙවති.

ගෙවී ගිය පසුගිය අවුරුද්දේ අතපසුවීමකින් හෝ සිදුවු අඩුපාඩු අලුත් අවුරුද්දේ යළි සිදු නොවීමට ඔවුනොවුන් වග බලා ගනිති.

අන් කවරදාටත් වඩා ලබැඳීයාවෙන් සබැඳියාවෙන් ඇති නැති හැම හැකි පමණින් එකම දිනක එකම වේලාවක රටම අවුරුදු සිරි ගන්වන සිංහල හා හින්දු අලුත් අවුරුද්ද ජීවිත කාලයටම අලුත් අවුරුද්දක් කර ගැනීමට උත්සුක විය යුතුය.

ගමේ පැරැන්නන් ගමට එන අලුත් අවුරුදු දා පෙර නොවූ විරූ සමගිය, සුහදතාවය වර්ධනය කරන සමයෙකි.

අපේ හෙළ සංස්කෘතියේ මහ පවුර වන් මව්පිය වැඩිහිටියන්ට සංග්‍රහ කිරීම, සැලකීම සුලභය. එය මේ අලුත් අවුරුදු දා මවට, පියාට, වැඩිහිටියාට සැලකීමෙන් වියපත් මව්පියන් හැකිතාක් සතුටට සැනසීමට පත් කළ හැකි නම් ඒ අතිජාත දරුවන්ගේ මහඟු ලක්‍ෂණයකි.

පැරැණි සිරිතට ගරු කිරීම මෙන්ම ඒවා කාලයෙන් කාලයට ආරක්ෂා කරමින් මතු පරපුරට ද දායාද කරදීම අද වෙසෙන අප සැමගේ යුතුකමය.

අගුණ දැක දොස් පවරනවාට වඩා එක් යහගුණයක් හෝ දැක එහි ගුණ සිතමින්, කියමින් කටයුතු කරන්නේ අපේ මව්පිය වැඩිහිටි පරපුර පෙරට වඩා සතුටෙන් සැනසුමෙන් දිවි ගෙවනු ඇත.

මව්පිය වැඩිහිටියන් ජීවත්ව සිටින කාලයේ ඔවුන් ගැන නොබලන, නොසොයන දරුවන් මව්පියන් සදහටම දෙනෙත් පියාගත් කල කැරෙන ගෞරව පමණක් කුමටද ?

එබැවින් අලුත් අවුරුදු දා ජීවිත කාලයට ම අමතක නොවන උදාර බොදු සිරිතක් අනුගමනය කිරීමට උනන්දු වෙමු.

එය මෙලොව පරලොව දෙලොවටම සෙත සදන මහඟ ª යුතුකමක් මෙන් ම මහ පින්කමක් ද වනු ඇත.

බත බුලතින් සංග්‍රහ කැරෙන අවුරුදු දා ලබන අලුත් අවුරුද්ද එළඹෙන තෙක් පමණක් නොව ජීවිතය පුරාවට යුතුකම හා වගකීම පැහැර නොහැරීමට කටයුතු කරමු.

එය මේ අලුත් අවුරුදු දා අලුත් ජීවිතයක් ඇරැඹීමට සුදුසුම අවුරුදු අදිටන ලෙස සැලකිය හැකිය.

තෙරුවන් සරණින් සුබ අලුත් අවුරුද්දක් වේවා.

 
බක් අව අටවක පෝය

බක් අව අටවක පෝය අප්‍රේල් 13 වැනිදා සිකුරාදා පූර්ව භාග 04.51 ට ලබයි.
14 වැනි සෙනසුරාදා පූර්වභාග 04.02 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම අප්‍රේල් 13 වැනිදා සිකුරාදා ය.

මීළඟ පෝය
අප්‍රේල් 20 වැනිදා සිකුරාදා ය.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

අප්‍රේල් 13

New Moonඅමාවක

අපේ‍්‍රල් 20

First Quarterපුර අටවක

අප්‍රේල් 29

Full Moonපසෙලාස්වක

මැයි 05


2012 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]