UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ශ්‍රී රෝහණ පාර්ශ්වයේ 27 වැනි උපසම්පදා උළෙල


සියම් මහා නිකායේ ශ්‍රී රෝහණ පාර්ශ්වයේ 27 වැනි උපසම්පදා පුණ්‍ය මහෝත්සවය මැයි මස 11, 12, හා 13 යන දිනයන්හිදී මාතර කොටුවේගොඩ රන්දූපත ශ්‍රී රෝහණ උපෝසථාගාර මහා විහාරයේ දී ශ්‍රී රෝහණ පාර්ශ්වයේ අභිනව මහානායක රාජකීය පණ්ඩිත මහෝපාධ්‍යාය ගොම්බද්දල ශ්‍රී නන්දාරාම ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරේ.

ඉතිරිය»

ධර්ම දේශනාව:

රාහුල තෙරණුවෝ නිවන් දුටු සේක

සම්බුද්ධ ශාසනයේත් සම්බුද්ධ චරිතාපදානයේත් උදාර සිදුවීම් රැසක් සිදුවුණු පූජනීය දිනයක් ලෙස නවම් පොහෝ දිනය සැලකිය හැකිය. සැරියුත් මුගලන් දෙදෙනා වහන්සේ සම්බුදු සසුනෙහි අගසව් තනතුරු ලබන ලද්දේත් ප්‍රථම සංඝ සන්නිපාතය සිදු වූයේත්, සම්බුදුරජුන් විසින් මහා සංඝරත්නයට ඕවාද ප්‍රාතිමෝක්‍ෂය දේශනා කිරීමත් විශාලා මහනුවර චාපාල චේතියේදී බුදුන් වහන්සේ ආයු සංස්කාරය අත්හැරීමත් සිදු වූයේ මේ අසිරිමත් නවම් පෝදාය.

ඉතිරිය»

රටට ගෞරවයක් ගෙන දෙන සංස්කෘතික උළෙලක් කොළඹ නවම් මහා පෙරහර

කොළඹ හුණුපිටියේ ගංගාරාමය දීර්ඝ ඉතිහාසයකට හිමිකම් කියන පෞරාණික විහාරස්ථානයකි.මේ රටේ යුග පුරුෂයකු ලෙස වැඩ සිටි ශාස්ත්‍රීය හා ආගමික පුනරුදයක් ඇති කළ හික්කඩුවේ ශ්‍රී සුමංගල නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ ශිෂ්‍ය පරම්පරාව, ශිෂ්‍ය උරුමය පවතින එකම විහාරස්ථානය කොළඹ හුණුපිටියේ ගංගාරාමය යි.

ඉතිරිය»

සෙන්පති හෙන්රි ස්ටීල් ඕල්කොට් ගුණානුස්මරණ උත්සවය

කොළඹ පරම විඥානාර්ථ බෞද්ධ සමිතියේ නිර්මාතෘ, බෞද්ධ අධ්‍යාපනයේ පුරෝගාමී වූ සෙන්පති හෙන්රි ස්ටීල් ඕල්කට් මැතිතුමාගේ 105 වන ගුණානුස්මරණ උත්සවය පෙබරවාරි මස 17 වෙනි දිනට යෙදී ඇත.

ඉතිරිය»

බුදුපුත් හරසර මව්පිය කැපකරු දායක ක්‍රමයෙන් ඉගෙනුම ලබන හාමුදුරුවරුන්ට සහාය දෙනවා - මහරගම මහින්ද හිමි

පුරපුරෙන් පරපුරට කිසිදා නොවෙනස් වන උතුම් චීවරය ඇඟ දරා ගත් දා සිට ඒ කුඩා සාමණේරයන් වහන්සේ පවා තමන් වහන්සේ වෙත සිව් පසයෙන් උපස්ථාන කරනු ලබන දායක කාරකාදීන්ගේ අධ්‍යාත්මික සුවය පතා සිදු කරනු ලබන්නේ නිහඩ මෙහෙවරකි. උන්වහන්සේට ඒ උදාර වූ ආගමික සාමාජික ශාසනික හා ධර්ම ශාස්ත්‍රීය මෙහෙවර ඉටු කිරීමට නම් උන්වහන්සේ ද දැනුමින් පෝෂණය විය යුතු ය. දුෂ්කර ප්‍රදේශවල වැඩවසමින් පිරිවෙන් අධ්‍යාපනය ලබන සාමණේර ස්වාමීන් වහන්සේලාගේ අධ්‍යාපන කටයුතු සඳහා අත හිත දෙන “බුදුපුත් හරසර මව්පිය දායක කැපකරු ක්‍රමයක් ආරම්භ කර ඇත.

ඉතිරිය»

අගසවු තනතුරු පිරිනැමූ උත්සවශ්‍රීය යි ප්‍රථම මහා සංඝ සන්නිපාතය යි රජගහනුවර වේළුවනාරාමයේදී සිතුවම - සරත් නන්ද කුමාර

 

නවම් පුර පසළොස්වක පෝය

නවම් පුර පසළොස්වක පෝය පෙබරවාරි 07 වන දා අඟහරුවාදා පූර්ව භාග 04.48 ට ලබයි.
8 වන දා බදාදා පූර්ව භාග 03.23 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම පෙබරවාරි 07 වන දා අඟහරුවාදාය.

මීළඟ පෝය
පෙබරවාරි 14 වන දා අඟහරුවාදා ය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

පෙබරවාරි 07

Second Quarterඅව අටවක

පෙබරවාරි 14

New Moonඅමාවක

පෙබරවාරි 21

First Quarterපුර අටවක

පෙබරවාරි 29


2012 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස

ඹර්ම දේශනා
වෙහෙර විහාර
සදහම් දැනුම


 

 

 


ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»


 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]