UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

පෝදා  පින්කම්

 

අනුරාධපුර මහා විහාරය

අනුරාධපුර අටමස්ථානාධිපති සහ උතුරු මධ්‍යම දිසාවේ ප්‍රධාන සංඝනායක ආචාර්ය පල්ලේගම සිරිනිවාස නාහිමියන්ගේ අනුශාසනා පරිදි අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධි විහාරස්ථානයේ මහාවිහාර සන්නිපාත ශාලාවේ දී පැවැත්වෙන නවම් පුන් පොහොය වැඩ සටහන මෙසේ ය.

පුන් පෝ දින පෙරවරු, 06.00 – 06.30 ජයසිරි මහ බෝ සමිඳුන් අභියස දී ශීල සමාදානය, 06.30 – 07.00 බුද්ධ පූජාව, 08.00 – 08.30 මහාවිහාර සන්නිපාත ශාලාවේ දී “අපේ නායක හාමුදුරුවෝ” දහම් පොත අටමස්ථානාධිපති නාහිමියන්ට පිළිගැන්වීම, අටමස්ථානාධිපති නාහිමියන්ට උපහාර දැක්වීම සහ උපහාර තිළිණය ප්‍රදානය ආචාර්ය පල්ලේගම සිරිනිවාස නාහිමියන්ගේ අනුශාසනය, 8.30 – 9.15 ධර්ම දේශනය, 9.15 – 10.00 භාවනා මෙහෙයවීම රෝහිත විජයතිලක මහතා, 10.30 – 11.00 ජය සිරි මහා බෝ සමිඳුන් අභියසදී බුද්ධ පූජාව පස්වරු, 12.15 – 2.00 මහාවිහාර සන්නිපාත ශාලාවේ දී ධර්ම සාකච්ඡාව, මෙහෙයවීම රෝහිත විජයතිලක මහතා, 2.00 – 2.30 ශීල ආවර්ජනය, 2.30 – 3.30 භාවනා, මෙහෙයවීම රෝහිත විජයතිලක මහතා, 4.00 – 5.00 ජය සිරි මහ බෝ සමිඳුන් අභියස දී ධර්ම දේශනය, 5.15 – 6.00 මහාවිහාර සන්නිපාත ශාලාවේ දී, භාවනා මෙහෙයවීම රෝහිත විජයතිලක මහතා, 6.30 – 7.00 ජයසිරි මහ බෝ සමිඳුන් අභියස දී බෝධි පූජාව 7.30 – 8.30 මහාවිහාර සන්නිපාත ශාලාවේ දී ධර්ම දේශනය, 8.30 – 9.30 භාවනා මෙහෙයවීම රෝහිත විජයතිලක මහතා, 9.30 – 10.00 පිරිත් සජ්ඣායනය, පුන් පෝ දිනට පසු දින පෙ.ව. 5.00 – 5.30 මහාවිහාර සන්නිපාත ශාලාවේ දී භාවනා මෙහෙයවීම රෝහිත විජයතිලක මහතා, 6.00 ජය සිරි මහ බෝ සමිඳුන් අභියස දී සිල් පවාරණය.


කළුතර බෝධිය

කළුතර බෝධි භාරකාර මණ්ඩලය කළුතර බෝධි පරිශ්‍රයේ පවත්වනු ලබන නවම් පෝදා පින්කම් මාලාව මෙසේ ය.

පෝදා පෙරවරු, 6.00 – 7.00 සිල් සමාදන් කරවීම, තෙරුවන් වන්දනාව හා බුද්ධ පූජාව මෙහෙයවීම පනාපිටියේ විජිතනන්ද හිමි, 7.45 – 9.00 භාවනාව මෙහෙයවීම, පාදුක්කේ සද්ධාධජ හිමි, 9.15 – 11.15 ධර්ම සාකච්ඡාව, පණ්ඩිත ගම්පහ සිරි සීවලී හිමි, 11.15 ගවයින් නිදහස් කිරීමේ පින්කම හා අනුශාසනය, ශාස්ත්‍රපති පැලවත්තේ පඤ්ඤාතිස්ස හිමි, පස්වරු ධර්ම දේශනය අනුශාසක මහරගම පදුම හිමි, 3.00 – 6.00 ධර්ම දේශනය, නාගොඩ සද්ධාලෝක හිමි, 6.15 – 7.15 ධර්ම දේශනය ශාස්ත්‍රවේදී පරෙයිගම චන්ද්‍රාලෝක හිමි, 7.30 – 7.45 පානදුරේ අරියධම්ම ස්වාමීන් වහන්සේගේ බෝධි පූජාව (පටිගත කළ එකකි.) 8.00 – 9.00 ධර්මාචාර්ය කේ. පරණවිතාන මහතා, මෙහෙයවන නව අරහාදී පහන් පූජාව, 9.00 සිට රූපවාහිනිය තුළින් බෞද්ධ දර්ශන එළිදැක්වීම.


කතරගම කිරිවෙහෙර

කතරගම කිරිවෙහෙර රාජමහා විහාරස්ථානයේ දී නවම්පෝදා දවස පුරා පින්කම් රැසක් ඌව විශ්වවිද්‍යාලයේ කුලපති රුහුණු මාගම්පත්තුවේ ප්‍රධාන සංඝනායක කතරගම කිරිවෙහෙර රාජමහා විහාරාධිපති උපාධ්‍යාය ආචාර්ය අලුත්වැව සෝරත නාහිමියන්ගේ අනුශාසනා පරිදි සිදු කෙරේ.

එදින උදෑසන උපාසක උපාසිකාවන් අටසිල් සමාදන් කරවීම, මල් පහන් ගිලන්පස, කිරි ආහාර පූජාව, ශබ්ද පූජාව මධ්‍යයේ බෞද්ධ කොඩි 300 පැළඳවීමේ කප්රුක් පූජාව පැවැත්වේ.

භාවනා වැඩසටහන චෛත්‍ය මළුවේ පැවැත්වේ. උදේ ධර්ම දේශනාව ඌව විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය කිරිවෙහෙර රාජමහා විහාරවාසී පොලොන්නරුවේ වාචිස්සර හිමියන් විසින් අටවිසි බෝමලුවේ දී පැවැත්වේ. සවස කිරිවෙහෙර රාජමහා විහාරස්ථ මහාසේන සිල් සමිතියේ මල් පෙරහර කිරිවෙහෙර රාජමහා විහාරස්ථානයේ සිට අෂ්ඨඵල බෝධීන් වහන්සේ වෙතට ගොස් මල් පහන් පූජාකර බෝධීන් වහන්සේ සුවඳ පැණින් නෑවීමෙන් අනතුරුව බෝධිපූජාව පැවැත්වීම අෂ්ඨඵල බෝධි තේවාව භාර කිරිවෙහෙර රාජමහා විහාරවාසී මිද්දෙණියේ උදිත හිමියන් විසින් සිදුකර ශ්‍රී ලංකාවාසී සැමට සෙත් පැතීමද සිදු කෙරේ.

රාත්‍රී 7.00 ට කිරිවෙහෙර අටවිසි බෝමළුවේ දී අටවිසි බුදුවරුන් වෙනුවෙන් මල් පහන් පූජාකර බෝධි පූජාව පැවැත්වේ. කිරිවෙහෙර තුන්වන මලුව සමීපයේ පහන් දස දහසක ආලෝක පූජාව පැවැත්වෙන අතර සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනාව පසුදා පහන්වනතුරු විහාරස්ථ ධර්ම ශාලාවේ දී පැවැත්වේ.

කළුතර නීලගිරි මෝටර්ස් අධිපති අජිත් කරුණාතිලක, කතරගම බෞද්ධ සංගමය, ගිලාන උපස්ථාන බෞද්ධ සමිතිය, මහාසේන සිල් සමිතිය හා විහාරස්ථ දායක සභාව එම පින්කම් සංවිධානය කර ඇත. - ඊ.එච්. සෝමපාල, කතරගම විශේෂ


මහරගම සිරි වජිරඤාණ ධර්මායතනයේ වැඩිහිටි සීල සමාදාන වැඩසටහන

මහරගම සිරි වජිරඤාණ ධර්මායතනය වැඩිහිටි සීල සමාදාන වැඩසටහන නවම් පුර පසළොස්වක පෝය වැඩසටහන මෙසේ ය.

පෝදා පෙරවරු 6.00 – 7.00 සිල් සමාදන් කරවීම, අනුශාසනාව හා බුද්ධ පූජාව වැලිමඩ පසන්න මානස හිමි, 8.00 –9.00 භාවනාව, ශාස්ත්‍රපති පණ්ඩිත හක්මන සුමනසිරි හිමි, 9.00 – 10.00 ධර්ම දේශනාව කළුබෝවිල සමාධි විවේකාරාමාධිපති මහරගම පදුම හිමි, 10.00 – 11.00 අභිධර්ම කතාව, පියදාස මුතුගම මහතා, 11.00 – 11.15 බුද්ධ පූජාව, රත්නපුරේ ධම්මවිනීත හිමි, යාගලමුවේ මංගල හිමි, පස්වරු 12.30 – 12.35 විශේෂ නිවේදන හා පුණ්‍යානුමෝදනාව, 12.25 – 1.00 පිරිත් හා තෙරුවන් ගුණ ඇලහැර විජිතවංශ හිමි, 01.00 – 2.00 ධර්ම සාකච්ඡාව ගල්කිස්සේ සෝමානන්ද හිමි, 02.00 – 03.00 ධර්ම දේශනාව, පිළියන්දල වෑවල ධම්මදීපාරාමාධිපති හඟරාපිටියේ මෛත්‍රී හිමි, 3.00 – 3.30 විශේෂ අනුශාසනාව, රත්මලාන මල්ලිකාරාමාධිපති වැලිගම ඥානරතන මහනාහිමි, 4.00 – 5.00 ධර්ම දේශනාව, විනයාචාර්ය රන්වල ඥානාවාස හිමි, 5.00 – 6.00 ධම්ම පදය, ශාස්ත්‍රපති පණ්ඩිත පානදුරේ පසන්න හිමි, 6.00 – 6.30 බෝධි පූජාව සහ සිල් අලුත් කිරීම, මෙහෙයවීම, ශාස්ත්‍රපති පණ්ඩිත හක්මන සුමණසිරි හිමි.


බම්බලපිටිය සිරි වජිරාරාමය

නවම් පෝදා සීල සමාදානය පෙරවරු 06.00 – 7.15 සිල් සමාදන් කරවීම අනුශාසනාව සහ බුද්ධ පූජාව, සිරිවජිරාරාමාධිපති, රාජකීය පණ්ඩිත ත්‍රිකුණාමලේ ආනන්ද අනුනායක හිමි, 8.00 – 9.00 ධර්මානුශාසනාව, බලංගොඩ ජී. ආනන්ද විමලකීර්ති හිමි, 9.00 – 9.30 විශේෂ ධර්මානුශාසනාව වැලිගම ඤාණරතන මහ නාහිමි, 9.30 – 11.00 භාවනා, සිරි වජිරාරාමවාසී මීගොඩ සුඛිත හිමි, පස්වරු 12.30 – 01.30 සෙත්පිරිත් හා තෙරුවන් ගුණ සජ්ඣායනය, සිරිවජිරාරාම දහම් පාසල් ප්‍රධානාචාර්ය කඹුරුගමුවේ මහානාග හිමි, 1.30 – 3.00 ධර්ම සාකච්ඡාව, මෙත්තාරාමවාසී, උස්ගොඩ ධම්මගරු හිමි, 3.15 – 4.15 ධර්මානුශාසනාව, ධර්මායතනවාසී දියතලාවේ පියදස්සී හිමි, 4.15 – 5.15 ගිහි දේශනාව, ශ්‍රී ලංකා මහබැංකුවේ සුභසාධන අධ්‍යක්‍ෂ නන්ද කරුණාගොඩ මයා, 5.15 – 6.15 ධර්මානුශාසනාව, තලල්ලේ චන්දකීර්ති හිමි, අටවිසි බුද්ධ පූජාව සහ බෝධි පූජාව, සිරි වජිරාරාම ස්වාමීන් වහන්සේලා.


බත්තරමුල්ල සිරි සුදස්සනාරාමය

බත්තරමුල්ල සිරි සුදස්සනාරාම සදහම් සෙනසුනේ පෝදා පින්කම් මාලාව මෙසේ ය.

පෝදා පෙරවරු 6.00 – 7.00 සීල සමාදානය හා අනුශාසනය ආචාර්ය මිරිස්සේ ධම්මික නාහිමි, 7.00 – 7.30 තෙරුවන් වන්දනාව, 8.15 – 9.30 භාවනාව, ආචාර්ය මිරිස්සේ ධම්මික නා හිමි, 9.45 – 10.45 ධර්මදේශනාව ආචාර්ය මිරිස්සේ ධම්මික නා හිමි, 10.45 – 11.45 තෙරුවන් වන්දනාව, පස්වරු 12.00 – 12.30 දහම් පොත් කියැවීම, 12.30 – 1.00 සූත්‍ර සජ්ඣායනාව, අලුත්වෙල ධම්මසති හිමි, ධම්මජෝති හිමි, 1.00 – 2.00 ධර්මදේශනාව, ශාස්ත්‍රපති මිදේරිපිටියේ තපස්සී නාහිමි, 2.00 – 3.30 ධර්ම සාකච්ඡාව පිටකන්දේ ආනන්ද විමලකීර්ති මා හිමි, 4.00 – 5.00 ධර්ම දේශනය දර්ශනපති නිරල්ගම බුද්ධවංස මා හිමි, 5.00 – 6.00 ධර්මදේශනය ශාස්ත්‍රපති තල්පත්වැව සද්ධාතිස්ස මා හිමි, මෙදින ආචාර්ය මිරිස්සේ ධම්මික නාහිමි විසින් රචිත, ප්‍රඥාප්‍රභා සංවිධානය විසින් ප්‍රකාශිත ධර්ම ග්‍රන්ථයක් ධර්මදානයක් ලෙස උපාසක උපාසිකාවන්ට පිළිගැන්වේ.


අනුරාධපුර බෞද්ධ මණ්ඩලයේ පිරිත් දෙසුම

අනුරාධපුර බෞද්ධ මණ්ඩලයේ පසු කල මිය ගිය සාමාජික සාමාජිකාවන්ට පින් අනුමෝදන් කිරීම සහ දැනට ජීවත්ව සිටින සාමාජිකත්වයට නිරෝගී සුව පැතීම රටට ජනතාවට අතිගරු ජනාධිපතිතුමන්ට, ආරක්‍ෂක අංශවල සියලුම දෙනාට, සෙත් පැතීම අරමුණු කොට වාර්ෂිකව පවත්වනු ලබන සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනය, මෙවරත් මෙම නවම් මස 6 වෙනි දින රාත්‍රි පැවැත්වේ. පොතානේ ධම්මනන්ද හිමිපාණන්ගේ මූලිකත්වයෙන් සිදු කරන එම පිරිත් දේශනයෙන් පසු පුර පෝදින උදය සහ දවල් පනස් නමකට අධික මහා සංඝරත්නය වෙත පිරි නමන සංඝගත දක්‍ෂිණාවකි.


තලවතුගොඩ සංඝමිත්තාරාමය

තලවතුගොඩ, වැලිපාර, සංඝමිත්තාරාමයේ දී නවම් පුන් පොහෝ දින අලුයම 5.30 ට විශේෂයෙන් සැකසූ ක්ෂීරපායාස අටවිසි බුද්ධ පූජාවක් ද පෙරවරු 6.00 සිට පස්වරු 6.00 දක්වා සීල, භාවනා, ධර්ම දේශනා වැඩසටහන් ද පැවැත්වේ.


කැලණි තරුණ බෞද්ධ සමිතිය

\කැලණි තරුණ බෞද්ධ සමිතිය මෙහෙයවීමෙන් නවම් පෝදා දවස පුරා පින්කම් රැසක් පැවැත්වේ.

පෝදා පෙරවරු 6.30 සිල් සමාදන් කරවීම ගාල්ලේ කුමාර කාශ්‍යප හිමි, 7.00 බුද්ධ පූජාව, 8.15 භාවනා වැඩසටහන උපුල්වල ශාසන සුමන හිමි, 9.15 ධර්ම දේශනය, 10.30 බුද්ධ පූජාව, ප.ව. 1.00 ධර්ම දේශනය, 2.15 ධර්ම දේශනය, 4.00 ධර්ම දේශනය, 5.00 බෝධි පූජාව, ඇටම්පිටියේ සිරි සාරානන්ද හිමි, 6.00 සිල් පවාරණය.


හොරේතුඩුව

මොරටුව හොරේතුඩුව පුරාණ ශ්‍රී ගංගාරාම මහා විහාරයේ දී වැලිගම අනුරුද්ධ හිමියන්ගේ අනුශාසනා පරිදි නවම් පෝදා සීල සමාදාන වැඩසටහන් දවස පුරා පැවැත්වේ.


හොරණ

වසරක් පාසා හොරණ රජමහා විහාරස්ථානයේ පැවැත්වෙන නවම් පින්කම් මාලාව ජනවාරි 04 වන දින ඇරඹූ අතර එය පෙබරවාරි 08 දින දක්වා පැවැත්වේ. දම් දෙසුම්, සත්බුදු පූජා හා නව අරහාදී පහන් පූජාවන් ඇතුළත් මෙම පින්කම් මාලාවේ සංවිධාන කටයුතු මෙහෙයවනු ලබන්නේ විහාරස්ථ දායක සභාව සහ ශ්‍රී පුණ්‍යාර්ථ උපාසිකා සමිතිය මඟිනි. - දයාරත්න කුමාරසිංහ


මාතර තරුණ බෞද්ධ සමිතිය

පෝදා සීල සමාදන් කරවීම, දෙහිගස්පේ සිරිවිමල හිමි, සිල් ආවර්ජනාව, කාවින්ද සිරිවර්ධන මහතා, විදර්ශනා මාර්ගය, කම්මට්ඨානාචාරිනී, චන්ද්‍රා රණතුංග මාතාව, බුද්ධ වන්දනාව ශාස්ත්‍රපති පණ්ඩිත පැළෑණේ සුවිනීත හිමි රණවිරුවන්ට සෙත් පතා පිරිත් සජ්ඣායනාව ගම්මැදගම චන්ද්‍රජෝති හිමියන්ගේ අනුශාසනා පරිදි, ධර්ම සාකච්ඡාව ධර්මාචාර්ය බන්දුල උදයකුමාර මහතා, විශේෂ ධර්මදේශනාව බඹරැන්දේ වජිරනන්ද හිමි, සිල් පවාරණය ශාස්ත්‍රවේදී රොටුඹ සෝමරතන හිමි.


කුප්පියාවත්තේ ජයශේඛාරාරාමය

කොළඹ 10 කුප්පියාවත්ත ජයශේඛරාරාම මහාවිහාරස්ථානයේ නවම් මස පුර පසළොස්වක පොහොය දා, ශීල, භාවනා, ධර්මදේශනා මාලාවක් , ත්‍රිපිටකාචාර්ය, තලල්ලේ සිරිමහින්ද නාහිමියන්ගේ ප්‍රධාන අනුශාසකත්වයෙන් හා උපාසක උපාසිකා සමිතියේ පූර්ණ සංවිධායකත්වයෙන් දවස පුරා පැවැත්වේ.


බොරැල්ලේ ගෝතමී විහාරය

කොළඹ බොරැල්ලේ ශ්‍රී ගෝතමී විහාරස්ථානයේ මාසිකව සිදුකරනු ලබන සීල සමාදාන නවම් පොහොය නිමිති කරගෙන දවස පුරා පැවැත්වීමට විහාරාරක්‍ෂක දායක සභාව සහ ආචාර්ය මහිලා සමිතිය කටයුතු යොදා ඇත.

 

නවම් පුර පසළොස්වක පෝය

නවම් පුර පසළොස්වක පෝය පෙබරවාරි 07 වන දා අඟහරුවාදා පූර්ව භාග 04.48 ට ලබයි.
8 වන දා බදාදා පූර්ව භාග 03.23 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම පෙබරවාරි 07 වන දා අඟහරුවාදාය.

මීළඟ පෝය
පෙබරවාරි 14 වන දා අඟහරුවාදා ය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

පෙබරවාරි 07

Second Quarterඅව අටවක

පෙබරවාරි 14

New Moonඅමාවක

පෙබරවාරි 21

First Quarterපුර අටවක

පෙබරවාරි 29


2012 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]