UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

ගරු සරු ඇතිව වාසය කරමු

ප්‍රත්‍යාවේක්‍ෂා කිරීම

තමන්ටත් අනුකම්පාවෙන් දෙවියන් මිනිසුන් සියලු දෙනාට අනුකම්පාවෙන් අපි විසින් ඇති කර ගත යුතු සුවිශේෂ ම වූ ධර්මය මොකක්ද? ශාස්තෘන්වහන්සේ කෙරේ ගෞරවය. අන්න ඒ ගෞරවය යම් කෙනෙක් ඇති කර ගත්තොත්, එයාට ධර්මය කෙරේ ගෞරවය ඇති වෙනවා.

එහෙනම් අපිට ශාස්තෘ ගෞරවය තියෙනවද නැද්ද? කියල මැන ගන්ට මිම්මක් තියෙනව. මේ ඉගෙන ගන්නා වූ ධර්මය අප තුළ තියෙනවද බලන්න. බලන්න මා ඇසුරු කරන්නෙ සීල, සමාධි, ප්‍රඥා වලින් හීන අය ද කියල. අන්න එහෙම නම් තමා ගැන තමා ම නිගමනයකට එන්ට මගේ ශාස්තෘ ගෞරවය මදි. එහෙම ගෞරවයක් තිබුණ නම් මම ඒ ලාමක තෘප්තියකට යන්නෙනෑ කියල.

බලන්න තමාට සම අයගෙ ඇසුරෙද ඉන්නෙ. සම අයගෙ ඇසුරෙ ඉන්නවා නම් ඒක මැන ගන්නෙ කොහොමද? තමාගෙ කතා කිරීම් වලින්. ඒ කතා බහ වලින් සතුටට පත්වෙනවා. මත ගැටුම් එන්නෙ නෑ. අමනාපකම් එන්නෙ නෑ. ආන්න එතකොට තේරුම් ගන්ට අපි ඇසුරු කරන්නෙ සමාන අය කියල. සම අය ඇසුරෙ ඉන්නවා කියල. ඒක ධර්මතාවයක්. ඒ අය කතාවෙන් පි‍්‍රය මනාපයි. ඒ කතාව සංසිදීමට උපකාර වෙනවා. ඊළඟට බලන්න අපි උසස් අය ඇසුරු කරනවාද? කියන කාරණාව. ඒකත් තේරුම් ගන්ට. ඒක කොහොමද? තේරුම් ගන්නෙ. අපේ සිත කැමැතියි නම් උසස් අය ගරු බුහුමන් කරල ඇසුරු කරන්නට, සත්කාර කරමින් ඇසුරු කරන්ට කැමැතියි නම් ආන්න එතකොට එයා ශාස්තෘ ගෞරවයෙන් යුක්තයි.

අපේ සිත කැමැති නැත්නම් එහෙම ඇසුරු කරන්ට, අපි කැමැති වෙන්නෙ තමාට ගෞරවයක් ලබන්ටය. එතකොට කැමැති වෙන්නෙ නෑ ගරුසරු ඇතිව ඇසුරු කරන්ට. එතකොට එයාගෙ ශාස්තෘ ගෞරවය නැතිවෙලා. ආන්න ඒ විදියටයි මැනගන්නෙ. ඒ විදියට අපි ගැන අපි ම මැන ගත්තොත් , ඒක තමයි ධර්මය ජීවිතයට ගළපලා බලන විදිහ.

එතකොට අපිට තේරෙනවා අපි ධර්මය පුරුදු කරනවද නැද්ද කියන එක. මේක ප්‍රත්‍යවේක්‍ෂා කරන විදිහක්. එතකොට අපේ ජීවිතය පිරිහෙන්නෙ නැති විදිහට හදා ගන්ට පුළුවන්.

එහෙම නැත්නම් අපිට ලැබුණ මේ මහා ලාභය අහිමි වෙලා යනව. අපට මේ ලාභය අහිමි වුණොත් එහෙම අපි ඒක අන් අයටත් අහිමි කරන අය බවට පත් වෙනවා .

ඒකයි තියෙන භයානකම අනතුර, ඒ නිසා අපි කවුරුත් සතුටු වෙන්ට ඕනෑ. ඒ භාග්‍යවතුන් වහ්නසේ දෙවියන් මිනිසුන්ට අනුකම්පාවෙන් , යහපත පිණිස සැපත පිණිස මහාකරුණාවෙන් පිහිටුවා වදාළ මේ ශාසනය, අද වෙනකොටත් අපට යහපත ඇති කර ගැනීම පිණිස තාමත් ජීවමානයි කියල.

එහෙනම් තමන්ටත් අනුකම්පාවෙන් දෙවියන් මිනිසුන් සියලු දෙනාට අනුකම්පාවෙන් අපි විසින් ඇති කර ගත යුතු සුවිශේෂ ම වූ ධර්මය මොකක්ද? ශාස්තෘන්වහන්සේ කෙරේ ගෞරවය. අන්න ඒ ගෞරවය යම් කෙනෙක් ඇති කර ගත්තොත්, එයාට ධර්මය කෙරේ ගෞරවය ඇති වෙනවා. ශාස්තෘන්වහන්සේ කෙරේ ගෞරවය ඇති කර ගන්ට පුළුවන්කම තිබෙන්නේ ඒ ඇසූ ධර්මය අදහා ගැනීමෙන්. ඒ ධර්මය අනුව කටයුතු කිරීමෙන් ශාස්තෘ ගෞරවය පිහිටනව. ඒ ධර්මය පිළිපදිනව නම් එතන ශාස්තෘ ගෞරවය තියෙනව.

අන්න ඒ විදියට කල්පනා කරල මේ ධර්මය අපේ ජීවිතයට ගළපා ගන්ට බලන්න. එතකොට අපිකාටත් පුළුවන් කමක් තියෙයි ධර්ම ශ්‍රවණය, ධර්ම සාකච්ඡා සමථ විදර්ශනා, කියන මේ ධර්මයන් පුරුදු කරමින් අපේ ජීවිතය සාර්ථක කර ගන්න සියලු දෙනාටම මේ ජීවිතය අවාසනාවන්ත නොවී අතිශයින්ම වාසනාවන්ත වීම පිණිස මේ ධර්ම කාරණා උපකාර කරගැනීමට සිත් පිහිටන්න කියල අපි ආශිර්වාද කරමු.

දුරුතු පුර අටවක

දුරුතු පුර අටවක පෝය 2011 දෙසැම්බර් 31 වනදා සෙනසුරාදා අපරභාග 10.40 ට ලබයි
2012 ජනවාරි 02 වනදා සඳුදා පූර්ව භාග 01.01 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම ජනවාරි 01 වනදා ඉරිදාය.

මීළඟ පෝය
ජනවාරි 08 වනදා ඉරිදාය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

ජනවාරි 01

Full Moonපසෙලාස්වක

ජනවාරි 08

Second Quarterඅව අටවක

ජනවාරි 16

New Moonඅමාවක

ජනවාරි 22


2012 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]