UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

උග්ගොඩ ධම්මින්ද හිමියන්ගේ ජන්ම සමරුවට පින්කම්

පිළියන්දල, මාකන්දන, වැලිකොටුවවත්ත, ශ්‍රී සංකල්ප විහාරාධිපති, කැස්බෑව ශාසනාරක්‍ෂක බල මණ්ඩලයේ නියෝජ්‍යය ලේඛකාධිකාරී උග්ගොඩ ධම්මින්ද හිමියන්ගේ ජන්ම දිනය නිමිත්තෙන් උන්වහන්සේට ආශීර්වාද කිරීමේ පින්කම් මාලාවක් ජනවාරි 6 – 10 දක්වා එම විහාරස්ථානයේ දී පැවැත්වීමට සංකල්ප දායක සභාව, සංකල්ප අන්‍යෝන්‍යාධාර සමිතිය, සංකල්ප දහම් පාසල, සංකල්ප කුළඟන සමිතිය, සංකල්ප ස.ණ.ස සමිතිය, සංකල්ප ක්‍රීඩා සමාජය, සංකල්ප යෞවන සමාජය, සංකල්ප ග්‍රාම සංවර්ධන සමිතිය යන සමිති සංවිධාන කටයුතු කර ඇත. 06 වනදා පෙරවරු 10 ට අභිනව බුද්ධ ප්‍රතිමා වහන්සේගේ දෙවන අදියරේ වැඩ ආරම්භ කිරීම මෙදින රාත්‍රී 7 ට අටවිසි ගිලන්පස බුද්ධ පූජාව ජනවාරි 7 සත් සති පූජාව, පුර පසළොස්වක පෝදා දවස පුරා සිල්වැඩසටහන එම සිල්වැඩ සටහනට ධර්ම දේශනා, භාවනා වැඩසටහන් ඇතුළත් වේ. එදින රාත්‍රී 7 ට විශේෂ තෙසැත්තෑ ඥාන පූජාව පැවැත්වේ. ජනවාරි 9 උදේ කිරි අම්මාවරුන් සඳහා දානමය පින්කමද පෙරවරු 9 ට මහරගම පිළිකා රෝහල සඳහා ලේ පරිත්‍යාග කිරීමද මෙදින රාත්‍රී 7 ට අබතෙල් පහන් දහසක් දැල්වීමේ මහා පහන් පූජාව සහ අටවිසි පූජාව මෙහෙයවීම දීගල පියදස්සී හිමියන් විසිනි. ජනවාරි 10 ආශීර්වාද බෝධි පූජා පින්කම සිදු කැරේ.

දුරුතු පුර අටවක

දුරුතු පුර අටවක පෝය 2011 දෙසැම්බර් 31 වනදා සෙනසුරාදා අපරභාග 10.40 ට ලබයි
2012 ජනවාරි 02 වනදා සඳුදා පූර්ව භාග 01.01 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම ජනවාරි 01 වනදා ඉරිදාය.

මීළඟ පෝය
ජනවාරි 08 වනදා ඉරිදාය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

ජනවාරි 01

Full Moonපසෙලාස්වක

ජනවාරි 08

Second Quarterඅව අටවක

ජනවාරි 16

New Moonඅමාවක

ජනවාරි 22


2012 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]