UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

පිහිට පතයි

පිලියන්දල කුඩමාදුව පාරේ අංක 106 / 4 දරන නිවසේ පදිංචි දැනට මාලිගාවත්ත වකුගඩු රුධිර පෙරන රෝහලෙන් ප්‍රතිකාර ලබන කේ. ඒ. එස්. ප්‍රේමරත්න මහතාගේ වකුගඩු දෙකම අක්‍රිය වී ඇති නිසා “ඒ” පොසිටිව් හෝ “බී” පොසිටිව් වර්ගයේ වකුගඩුවක් ඉතා ඉක්මනින් බද්ධ කළයුතු බවට වෛද්‍යවරුන් නිර්දේශ කර ඇත.

එම වර්ගවල වකුගඩුවක් දීමට කැමති පරිත්‍යාගශීලියකු සිටීනම් 0779948784 හෝ 0776718913 දුරකතන අංකවලට දැනුම් දෙන්නැයි ඉල්ලීමක් කෙරේ.


හැටන්, එම්. ආර්. ටවුන් හි පදිංචි 37 හැවිරිදි දෙදරු මවක වන නිලන්ති ගීතානි නිර්මලා මහත්මිය ගේ වකුගඩු දෙකම අක්‍රිය වෙමින් පවතින නිසා ඉතා ඉක්මනින්ම වකුගඩුවක් බද්ධ කළ යුතු බවට කොළඹ, ජාතික රෝහලේ වෛද්‍යවරු පවසති. මේ සඳහා බී නෙගටිව් හෝ ඕ පොසිටිව් හෝ ඕ නෙගටිව් රුධිර ගනයට අයත් වකුගඩුවක් පරිත්‍යාග කිරීමට කැමති පින්වතෙකු සිටී නම් 0775110970 යන දුරකථන අංකයට දැනුම් දෙන ලෙස ඥාතීහු ඉල්ලා සිටිති.

සැත්කම හා ඖෂධ සඳහා මුදල් ආධාර සම්පත් බැංකුව, හැටන් 108053059930 දරන එල්. ඒ. ජයන්ත මහතා නමින් ඇති ගිණුමට බැර කරන ලෙස ද ඉල්ලීමක් කැරේ.


අක්මා බද්ධයකට පිහිට පතයි

අවිස්සාවේල්ල, මාදොල පදිංචි වයස අවු. 43 ක් පමණ වන කේ.ආර්. විජේතිලක මයාට ඉතා ඉක්මනින් අක්මාවෙහි කොටසක් බද්ධ කිරීමට අවශ්‍යව ඇති බව උතුරු කොළඹ ශික්ෂණ (රාගම) රෝහලේ විශේෂඥ වෛද්‍ය රුවන් විජේසූරිය මහතා වෛද්‍ය පරීක්‍ෂණයකින් නිගමනය කර ඇතැයි කියති.

මේ සදහා ඕ පොසිටිව් /නෙගටිව් වර්ගයේ ශරීරයේ බර කිලෝග්‍රෑම් 55 –60 පමණ වන අයකුගේ අක්මාවක කොටසක් ලබා ගැනීමට අවශ්‍යව ඇත. ඒ සඳහා කැමති අයකු වේ නම්, පහත සඳහන් දුරකථන අංකයට අමතන ලෙස ඉල්ලීමක් කැරේ. දුරකථන අංක – 0719 572052/0775 144445 වේ.

ඉල් අව අටවක පෝය

ඉල් අව අටවක පෝය
නොවැම්බර් 18 වන දා සිකුරාදා පූර්ව භාග 09.17 ට ලබයි.
19 වන දා සෙනසුරාදා පූර්ව භාග 07.59 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම නොවැම්බර් 18 වන දා සිකුරාදා ය.

මීළඟ පෝය නොවැම්බර් 24 වනදා බ්‍රහස්පතින්දාය.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

නොවැම්බර් 18

New Moonඅමාවක

නොවැම්බර් 24

First Quarterපුර අටවක

දෙසැම්බර් 02

Full Moonපසෙලාස්වක

දෙසැම්බර් 10


2011 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]