UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

67 වන කොටස

පකිණ්ණක වග්ගය

290. මත්තා සුඛපරිච්චාගා - පස්සේ චෙ විපුලං සුඛං
චඡේමත්තාසුඛං ධීරො - සම්ඵස්සං විපුලං සුඛං

මේ ලොවේ නැණවත්තු, මහ නිවන් සුව පතා, ඉතා සුළු කම් සුවය වහා අත්හැර දමති.
හිතවතුනි, ඉතා සුළු කැපකිරීමක් නිසා, උතුම් වූ සම්පතක් ඔබට හිමිවන්නේ ය.

291. පර දුක්ඛූපදානෙන – අත්තනො සුඛ’මිච්ඡති
වෙරසංසග්ගසංසට්ඨො - වෙරා සොන පරිමුච්චති

අනුන් වෙත දුක් දෙමින්, සැප විඳින්නට සිතන සිතන, තැනැත්තා වෛරයේ ගොදුරක් ම වන්නේ ය.
හිතවතුනි, අනුන්ගේ සැප පිණිස වෙහෙසෙන්න.
එවිට ඔබ පතන සැප නිසැකවම ලැබෙනු ඇත.

292. යං හි කිච්චං තදපවිදධං - අකිච්චං පන කයිරති
උන්නළානං පමත්තානං - තෙසං වඩ්ඩන්ති ආසවා

දැහැමි ලෙස නොහැසිරෙන, නොකළ යුතු දේ කරන තැනැත්තා තුළ නිතර, අකුසල් වැඩෙන්නේ ය.
හිතවතුනි, ජීවිතේ දියුණුවක් ලබන්නට තුන් දොරින් සංවරව දවස ගත කළ යුතු ය.

293. යෙසඤ්ච සුසමාරද්ධා - නිච්චං කායගතාසති
අකිච්චං තෙන සෙවන්ති – කිච්චේ සාතච්චකාරිනො
සතානං සම්පජානානං - අත්ථං ගච්ඡන්ති ආසවා

කායානුපස්සනා, භාවනා කරන්නා, ටිකෙන් ටික නිවන් සුව වෙතට ළං වන්නේ ය.
හිතවතුනි, මනා ලෙස කය මෙහෙයවන්නාට තමාගේ අරමුණට ළඟා විය හැක්කේ ය.

ඉල් අව අටවක පෝය

ඉල් අව අටවක පෝය
නොවැම්බර් 18 වන දා සිකුරාදා පූර්ව භාග 09.17 ට ලබයි.
19 වන දා සෙනසුරාදා පූර්ව භාග 07.59 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම නොවැම්බර් 18 වන දා සිකුරාදා ය.

මීළඟ පෝය නොවැම්බර් 24 වනදා බ්‍රහස්පතින්දාය.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

නොවැම්බර් 18

New Moonඅමාවක

නොවැම්බර් 24

First Quarterපුර අටවක

දෙසැම්බර් 02

Full Moonපසෙලාස්වක

දෙසැම්බර් 10


2011 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]