UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

පැවිදි නම –
දිවියාගහ යසස්සී නා හිමි

වැඩ වසන පන්සල –
ගල්කිස්ස වටරප්පල පාර බෞද්ධායතනය.

උපන් දිනය –
1935 වර්ෂයේ ජනවාරි මස 02 වන දින

පියා -
මාතර දිවියාගහ ඩී.එන්. රත්නායක මහතා

මව -
ඒ.එල්.සී. ප්‍රැන්සිනා මාතාව.

සහෝදර සහෝදරියන් -
සහෝදරයෙක් සහ සහෝදරියන් තිදෙනෙක් පමණි.

මූලික අධ්‍යාපනය –
මාතර දිවියාගහ බටහිර විද්‍යාලය, කඹුරුපිටිය ඊරියගම රජයේ විද්‍යාලය.

පැවිදිවීම –
1947 වර්ෂයේ ඔක්තෝබර් මස 08 වන දින
 

ආචාර්යන් වහන්සේලා -
මාතර පොල්හේනේ පුරාණ විහාරාධිපති ගනේගම අත්තදස්සී නා හිමි. මාතර දීයගහ ශ්‍රී බෝධිරුක්ඛාරාම පුරාණ විහාරාධිපති දිවියාගහ විපුලතිස්ස මා හිමි.

උසස් අධ්‍යාපනය –
1948 වර්ෂයේ දී මාතර ශ්‍රී සුදර්ශී පිරිවෙන. 1955 වර්ෂයේ දී කොළඹ මාලිගාකන්දේ විද්‍යෝදය පිරිවෙන. 1959 වර්ෂයේ දී විද්‍යෝදය විශ්වවිද්‍යාලයට ඇතුළත්ව 1961 වර්ෂයේ දී සාමාන්‍ය ශාස්ත්‍රවේදී උපාධිය ලබා ගැනීම.

1980 වර්ෂයේ දී අධ්‍යාපනය පිළිබඳව අධ්‍යාපන ඩිප්ලෝමා පශ්චාත් උපාධිය ලබා ගැනීම. බෞද්ධ දර්ශනය පිළිබඳව ශාස්ත්‍රපති උපාධිය ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් ලබා ගැනීම.

උපසම්පදා දිනය –
1955 වර්ෂයේ මල්වතු මහා විහාර පාර්ශ්වයේ මංගල උපෝෂථාගාරයේ දී.

පැවිදි දිවියේ වැදගත් සිදුවීම් –
ගල්කිස්ස වටරප්පල පාර බෞද්ධායතන නිර්මාතෘ හා විහාරාධිපති වීම.

පළ කළ කෘති –
“ලංකාව හා ආසියාතික රාජ්‍යයෝ” ඉතිහාස පොත 1966 “බෞද්ධ සංස්කෘතික ලේඛන සංග්‍රහය” “දිවිමග එළිය කරන දම් දෙසුම්” “ආර්ථික ජීවිතයකට ධම්ම පදයෙන්”

සම්මාන උපාධි ආදිය -
සද්ධර්ම කීර්ති ශ්‍රී ත්‍රිපිටකාචාර්ය ගෞරව නාමය මල්වතු මහා විහාර පාර්ශ්වයෙන් ලැබීම විද්‍යෝදය පිරිවෙන මඟින් “ශ්‍රී සුමංගල විද්‍යාවතංශ” ගෞරව නාමය ලබාදීම.

විදේශ ධර්ම දූත සේවය –
ඉන්දියාව, ජපානය, රුසියාව, තායිවානය, තායිලන්තය, සිංගප්පූරුව, මැලේසියාව, ඉන්දුනීසියාව, ඉතාලිය, ජර්මනිය, ප්‍රංශය යන රටවල ඉන්දියාවේ සාරානාත්හි පැවැත් වූ ‘බුද්ධ පුර්ණිමා’ වැඩසටහනේ ධර්ම දේශනා පැවැත්වීම.

තනතුරු -
කොළඹ නව කෝරළයේ ප්‍රධාන අධිකරණ සංඝනායක

වෙනත් –
1976 වර්ෂයේ දී අධ්‍යාපන අමාත්‍යාංශයේ දෙවන ශ්‍රේණියේ විශේෂ තනතුරු දැරීම.
1988 වර්ෂයේ දී ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ තුන්වන ශ්‍රේණියේ විදුහල්පති තනතුර දැරීම.
1962 වර්ෂයේ දී මාතර ශ්‍රී සුදර්ශී පිරිවෙනේ ආචාර්යවරයෙකු ලෙස කටයුතු කිරීම.
මාතර කෝංගල මහා විද්‍යාලයේ ආචාර්යවරයකු වීම.
පාළටුව මහා විද්‍යාලයේ ආචාර්යවරයකු වීම.
1963 වර්ෂයේ දී මාතර වැලිවේරිය ශ්‍රී පුෂ්පාරාම පිරිවෙන ආරම්භ කිරීම හා එහි ආචාර්යවරයකු ලෙස කටයුතු කිරීම.
1968 වර්ෂයේ දී කඩුවෙල බෝමිරිය මහා විද්‍යාලයේ ආචාර්යවරයකු ලෙස කටයුතු කිරීම.
1970 වර්ෂයේ දී කොළඹ ආනන්ද විද්‍යාලයේ ආචාර්යවරයකු වීම.
1991 වර්ෂයේ දී අධ්‍යාපන අමාත්‍යාංශයේ ගුරු පුහුණු අභ්‍යාස විද්‍යාලයේ විදුහල්පති වශයෙන් වසර 5 ක් සේවය කිරීම.
ශ්‍රී ලංකා බෞද්ධ මහා සම්මේලනයේ ප්‍රධාන ලේකම් වශයෙන් හා සභාපති වශයෙන් කටයුතු කිරීම.
විනයානුකූල සිවුර මැසීම ආරම්භ කිරීම සඳහා මූලිකව කටයුතු කිරීම.
භික්‍ෂු පිරිවෙන්වල අධ්‍යාපන කටයුතු වැඩිදියුණු කිරීම. 1976 වර්ෂයේ දී ප්‍රථම වතාවට උපාධිධාරී භික්‍ෂූන් වහන්සේලා 762 කට ගුරුපත්වීම් ලබාදීමට මූලිකව කටයුතු කිරීම.
සර්ව පාක්‍ෂික සමුළුවේ නියෝජිතවරයකු වශයෙන් සේවය කිරීම.
මොංගෝලියාව මුල් කොට ‘ආසියානු බෞද්ධ සාම සම්මේලනය සංවිධානය’ ගොඩනැඟීමට කටයුතු කිරීම. 1982 වර්ෂයේ දී යුනෙස්කෝ නියෝජිතයන් ලෝක සම්මේලනයේ නියෝජිතයන් ඇතුළු මොංගෝලියානු සාම සම්මේලනයේ දී ලෝක සාමය වෙනුවෙන් කළ සේවය සඳහා රන්පදක්කමකින් පිදීම.
වටරප්පල පොදු සහන සේවා සමිතියේ අනුශාසක වශයෙන් කටයුතු කිරීම.
බෞද්ධ ආයතන ප්‍රජා සේවා පදනමේ අනුශාසක වශයෙන් කටයුතු කිරීම.
මාතර පොල්හේන පුරාණ විහාරස්ථානයේ අනුශාසක වශයෙන් කටයුතු කිරීම.
බෞද්ධ ආයතන සංවර්ධන සංගමය අනුශාසක
“සීල සංවිධානය” අනුශාසක ප්‍රබුද්ධ ශිෂ්‍ය සංගමයේ අනුශාසක යොවුන් ශක්ති පදනමේ අනුශාසක.
1992 වර්ෂයේ දී බෞද්ධ ආයතන ධර්ම විද්‍යාලය ආරම්භ කිරීම. වර්තමානය වන විට සිංහල සහ ඉංගී‍්‍රසි මාධ්‍යයන්ගෙන් දහසක් පමණ සිසුන් දහම් අධ්‍යාපනය ලබන ලංකාවේ ඇති උසස්ම දහම් පාසල වීම.

ඉල් මස පුර අටවක පෝය

ඉල් මස පුර අටවක පෝය නොවැම්බර් 02 වන දා බදාදා පූර්ව භාග 10.00 ට ලබයි. 03 වන දා බ්‍රහස්පතින්දා පූර්ව භාග 10.35 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම නොවැම්බර් 2 වන දා බදාදා ය.

මීළඟ පෝය
නොවැම්බර් 10 වන දා බ්‍රහස්පතින්දා ය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

නොවැම්බර් 02

Full Moonපසෙලාස්වක

නොවැම්බර් 10

Second Quarterඅව අටවක

නොවැම්බර් 18

New Moonඅමාවක

නොවැම්බර් 24


2011 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]