UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

ගිරි භණ්ඩ පූජාවක්

ශ්‍රී ලංකාවේ ආදිතම මහා සැදැහැවත් උතුමන් විසින් මහත් ශ්‍රද්ධාවෙන් පවත්වාගෙන ආ ගිරි භාණ්ඩ මහා පූජාව (පර්වතයක් මෙන් පූජා භාණ්ඩ එක තැන ගොඩ ගසා) පහත සඳහන් අයුරින් පැවැත් වේ. හොමතාගම රාජමහා විහාරයේ දී ඔක්තෝබර් 16 වන දා පෙරවරු 11 ට පැවැත්වේ.

ඉතිරිය»

බෞද්ධ ජීවන පිළිවෙත

ආගමක් හෝ ජීවන මාර්ගයක් හුදෙක් එයින් ප්‍රකාශ කැරෙන සත්‍යයෙන් හෝ සිද්ධාන්තයන්ගෙන් පමණක් විවරණය කරනු නො ලැබේ. එහි අදාළත්වය තීරණය කරනු ලබන්නේ එය අනුගමනය කරන්නන්ගේ ජීවිතයේ සිදුවන ධනාත්මක වෙනස අනුව යි. මෙයට අදාළ පරීක්ෂණයට අනුව අව්‍යාජ සතුටක් හෝ තෘප්තියක් ලද හැකි පරිදි බුදුදහම ජයග්‍රහණයක් වාර්තා කර ඇත. බුදුදහම කවර තරමේ පුළුල් වපසරියක ව්‍යාප්ත වුවත්, එහි කරුණාන්විත බලපෑම කෙතරම් විනිවිද ගියත්, ඒ හැම විටම, හැම අතින් අපේ ජීවිතය විශිෂ්ටත්වයට පත් කරන්නට හැකි වූ අතර, එය අපේ ජීවිතයට සතුටත්, අවබෝධයත් ලබාදී ඇත. බුදුදහම මානව සංහතියට වඩා යහපත් වඩා පරිපූර්ණවූත් ජීවන මාර්ගයකට අදාළ පරමාදර්ශ හඳුන්වා දෙමින් එහිලා දිරි ගන්වා ඇත.

ඉතිරිය»

ධර්ම දේශනාව:

දුකින් නිදහස්වීම

ඉහත සඳහන් කරනු ලැබුවේ සංයුත්ත නිකායෙහි අභිසමය සංයුත්තයේ සඳහන් උපාදාන සූත්‍ර දේශනාවේ ධර්ම කොට්ඨාශයකුයි.භාග්‍යවතුන් වහන්සේ විසින් භික්‍ෂූන් වහන්සේලා ආමන්ත්‍රණය කරන ලදහ. මහණෙනි, උපාදානයන්ට හේතු වූ ධර්මයන් විෂයෙහි ආස්වාද අනුව බලමින් වෙසෙන්නහුගේ තෘෂ්ණාව බෙහෙවින්ම වැඩෙයි. තෘෂ්ණාව නිසා උපාදානය හෙවත් “ අල්ලා ගැනීම “ වෙයි. ඒ උපාදානය නිසා භවය වෙයි. භවය නිසා ජාතිය හෙවත් ඉපදීම සිදුවෙයි. ඉපදීම නිසා ජරා මරණ සෝක පරිදේව, දුක් දොම්නස්, සිත්තැවුල් හටගනිත්. මෙසේ මෙයම සියලු දුක් හටගැනීම වෙයි.

ඉතිරිය»

අසිරිමත් වප් පොහොය

පන්සලින් බැහැරැව ධර්ම දේශනා කටයුතු ආදියට වැඩ දින හතක් ඇතුළත වස් වැසූ ස්ථානයට යළි වැඩම කළ යුතුයි. මෙයට සත්තාහකරණයෙන් වැඩීම ලෙස හඳුන්වනු ලැබේ. යම්කිසි නොවැළැක්විය හැකි උවදුරක් හෝ ගිලන්වීමක් හෝ සිදු වූ විටෙක සත්තාහකරණයෙන් නැතිව වුවද වැඩම කළ හැක. මේ කාලයේ පිණ්ඩපාතයෙන් යැපීම ඇවතක් බැවින් වැඩ වාසය කරන ස්ථානයට වුවමනා පරිදි දානය ලබා ගැනීමට ක්‍රමයක් සකස් කර ගත යුතුව ඇත. මේ නිසා ගවමඩු, ගල් ගුහා, ගස් බෙණ, සොහොන් පිට්ටනි ආදිය මිනිස් වාසයෙන් තොරස්ථාන වස් විසීම සඳහා තෝරා නොගත යුතු බව පෙන්වා දී ඇත.

ඉතිරිය»

භික්ෂූන් වහන්සේට කඨිනය ඇතිරීම අනුදැන වදාළ වගයි
සිතුවම සරත් නන්ද කුමාර

වප් පුර පසළොස්වක පෝය

වප් පුර පසළොස්වක පෝය ඔක්තෝබර් මස 11 වන දා අඟහරුවාදා පූර්ව භාග 05.11 ට ලබයි.
12 වන දා බදාදා පූර්ව භාග 07.37 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ඔක්තෝබර් 11 වන දා අඟහරුවාදා ය.

 මීළඟ පෝය
ඔක්තෝබර් 20 වන දා බ්‍රහස්පතින්දා ය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

ඔක්තෝබර් 11

Second Quarterඅව අටවක

ඔක්තෝබර් 20

New Moonඅමාවක

ඔක්තෝබර් 26

First Quarterපුර අටවක

නොවැම්බර් 02


2011 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස

ඹර්ම දේශනා
වෙහෙර විහාර
සදහම් දැනුම


 

 

 


ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»


 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]