UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය - බොදු පුවත් (ඡායාරූප)

බොදු පුවත් (ඡායාරූප)
 

පිඬුසිඟා වැඩම කළ භික්‍ෂූන් වහන්සේ එකසිය පණස් (150) නමකට දානය පිළිගැන්වීම පසුගියදා අනුරාධපුරයේ දී සිදු කැරිණි. එම පුණ්‍යෙීත්සවය, ශ්‍රී ලංකා රාමඤ්ඤ මහ නිකායේ අනුනායක අනුරාධපුර සාරානන්ද මහ පිරිවෙන් විහාරාධිපති ගිරාඹේ ආනන්ද සහ ශ්‍රී ලංකා රාමඤ්ඤ මහනිකායේ නියෝජ්‍ය අධිකරණ ලේඛකාධිකාරී, පූර්වාරාමාධිපති පොතානේ ධම්මානන්ද යන නාහිමිවරුන්ගේ අනුශාසනා පරිදි සාරිපුත්‍රාරාමාධිපති හල්මිල්ලෑවේ සද්ධාතිස්ස හිමියන්ගේ අධීක්‍ෂණය තුළින් ඇතුල්නුවර සමස්ත බෞද්ධයින්ගේ අයිතීන් සුරැකීමේ සංගමයේ සභාපති ගාමිණි චන්ද්‍රසිරි, ලේකම් උපාලි දිසානායක යන මහත්වරු ප්‍රධාන සාමාජික සාමාජිකාවන් විසින් සංවිධානය කරන ලදී. පූර්වාරාම විහාරස්ථානයට වැඩම කළ භික්‍ෂූන් වහන්සේ ඇතුල් නුවර සංඝමිත්තා මාවත ඔස්සේ වැඩම කර මහමෙවුනා උයනේ මහාපාලි දාන ශාලා පරිශ්‍රය වෙතට වැඩම කරවන ලදී. අනතුරුව භික්‍ෂූන් වහන්සේලා වෙත දානය පිළිගන්වන ලදී. මහ සඟරුවන පිඬු සිඟා වැඩම කළ අවස්ථාව.
සටහන හා ඡායාරූප - වෝල්ටර් දයාරත්න අනුරාධපුර දිසා විශේෂ

 

වප් මස පුර අටවක පෝය

වප් මස පුර අටවක පෝය ඔක්තෝබර් 03 වන දා සඳුදා අපරභාග 09.09 ට ලබයි. 4 වන දා අඟහරුවාදා අපරභාග 08.44 දක්වා පෝය පවතී. සිල් සමාදන් වීම ඔක්තෝබර් 04 වන දා අඟහරුවාදා ය.

මීළඟ පෝය ඔක්තෝබර් 11 වන දා අඟහරුවාදාය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

ඔක්තෝබර් 04

Full Moonපසෙලාස්වක

ඔක්තෝබර් 11

Second Quarterඅව අටවක

ඔක්තෝබර් 20

New Moonඅමාවක

ඔක්තෝබර් 26


2011 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]