UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

පිහිට පතයි

අවුරුදු 32 ක් වයසැති දෙදරු මවකට “ ඒ පොසිටිව්” වර්ගයේ වකුගඩුවක් ඉතා ඉක්මනින් අවශ්‍ය වී ඇතැයි ද ඒ සඳහා දායක වන මෙන්ද පරිත්‍යාගශීලින්ගෙන් ඉල්ලීමක් කැරේ. නො. 98/6 පීරිස් පාර, කළුබෝවිල, දෙහිවල යන ලිපිනයෙන් හෝ 0714018638 දුරකතන අංකයෙන් විස්තර විමසිය හැකිවේ. 2011 .09.27 බුදුසරණ පුවත්පතේ “පිහිට පතයි” යනුවෙන් පළ වූ පුවතේ එහි දුරකතන අංකය 0714018636 වශයෙන් සඳහන් වූයේ ප්‍රමාද දෝෂයකිනි.එම දුරකථන අංකය 0714018638 වශයෙන් නිවැරැදි විය යුතුවේ.


පිළියන්දල ගෝණමඩිත්තපාර එකමුතු උයන නො. 34 හි එච්.එච්. නිහාල් රූපසිංහ මහතා විශ්‍රාමික යුදහමුදා සෙබළෙක් බවද දීර්ඝ කාලයක් තිස්සේ වකුගඩු රෝගයකින් පෙළෙන අතර, ඔහුට වකුගඩුවක් බද්ධ කළ යුතු බවට ජාතික රෝහලේ විශේෂඥ වෛද්‍ය කණ්ඩායමක් විසින් නිර්දේශ කර ඇතැයි ද කියති. එබැවින් ඔහුට “ඕ පොසිටිව්” වර්ගයේ වකුගඩුවක් පිරිනැමීමට කැමැති පරිත්‍යාගශීලියකු වෙතොත් දුරකථන අංකය 011 5711805 හා 071 5811488 වෙත දන්වන්නැයි ඉල්ලීමක් කැරේ.


පාසල් වියේ පසුවන එක්දරු මවක වන 41 වියැති අම්බලන්ගොඩ මහවීදියේ අංක 360 ලිපිනයෙහි පදිංචි එම්.ධනේෂිකා පත්මාංගනී මහත්මිය දරුණු වකුගඩු රෝගයකින් පෙළෙන බැවින් ‘බී’ හෝ ‘ඕ’ ලේ වර්ගයේ වකුගඩුවක් ඉතා ඉක්මනින් බද්ධ කළ යුතු බව මැද කොළඹ මහාරෝග්‍ය ශාලාවේ වකුගඩු රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දොස්තර එස්.එම්. සෙනෙවිරත්න මහත්මිය නිර්දේශ කර ඇතැයි කියති. ඒ සඳහා වකුගඩුවක් ලබාදීමට කැමති අයෙකු වෙතොත් 0776893610 / 0912259405 යන දුරකථන අංක වලට හෝ ඉහත ලිපිනයට ඉතා ඉක්මනින් දැනුම් දෙන මෙන් ඉල්ලීමක් කැරේ.

වප් මස පුර අටවක පෝය

වප් මස පුර අටවක පෝය ඔක්තෝබර් 03 වන දා සඳුදා අපරභාග 09.09 ට ලබයි. 4 වන දා අඟහරුවාදා අපරභාග 08.44 දක්වා පෝය පවතී. සිල් සමාදන් වීම ඔක්තෝබර් 04 වන දා අඟහරුවාදා ය.

මීළඟ පෝය ඔක්තෝබර් 11 වන දා අඟහරුවාදාය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

ඔක්තෝබර් 04

Full Moonපසෙලාස්වක

ඔක්තෝබර් 11

Second Quarterඅව අටවක

ඔක්තෝබර් 20

New Moonඅමාවක

ඔක්තෝබර් 26


2011 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]