UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

නිකිණි පෝදා පින්කම්

රන්මුතුගල ශ්‍රී පුණ්‍යාලංකාර පුරාණ විහාරය

රන්මුතුගල ශ්‍රී පුණ්‍යාලංකාර විහාරයේදී පැවැත්වෙන නිකිණි පුරපසළොස්වක පොහොය වැඩ සටහන මෙසේය.

පෝදා පෙරවරු 6.00 සිල් සමාදන් කරවීම. අනුශාසනාව පණ්ඩිත ගිරාකඩුවේ නා හිමි.8.00 – 9.00 ධර්ම දේශනාව, තලපත්කන්දේ සිරිනන්ද හිමි 9.30 – 10.30 භාවනාව, තෙළඟපාත ගවේෂී හිමි, 10.30 – 11.15 අටවිසි බුද්ධ පූජාව, කැලණියේ සුධම්ම හිමි, පස්වරු 1.00 – 3.00 විශාඛා කුළඟන සමිතියේ රැස්වීම, 3.00 –4.00 ධර්ම දේශනාව, කන්දේගම නාරද හිමි, 4.00 – 05.00 ධර්ම සාකච්ඡාව, මෙහෙයවීම, ඇස්වන්තේ රේවත හිමි, 5.00 – 6.00 අනුශාසනාව, කැලණියේ සුධම්ම හිමි.


ගොඩගේවත්ත

නුවරඑළියේ සුභාෂිනී මෙහෙණින් වහන්සේ මෙහෙයවන ශීල භාවනා වැඩ සටහනක් නිකිණි පුර පසළොස්වක් පොහෝ දින අනුරාධපුර සංඝමිත්තා පෙදෙසේ ගොඩගේවත්ත උපේක්‍ෂාරාමයේ දී පැවැත්වේ. ) මෙදින ශීල සමාදානයේ යෙදෙන සැදැහැවතුන්ට දානය පිරිනැමීම හා විශේෂයෙන් බුදුසරණ පුවත්පත බෙදාහැරීමද සිදුකෙරේ.


කලල්ගොඩ

පන්නිපිටිය කලල්ගොඩ සිරි ගුණසේකර ධර්මායතනයේදී පැවැත්වෙන නිකිණි පෝදින වැඩසටහන මෙසේය.

පෝදා පෙරවරු 6.30 උපෝසථ ශීලය සම්බුද්ධ පූජාව සහ කෙටි අනුශාසනාව, මෙහෙයවීම සිරි ගුණසේකර ධර්මායතනාධිපති ශාස්ත්‍රවේදි ලේනබටුවේ මිත්තාලෝක නාහිමි, 8.15 ධර්ම දේශනය, අකුරටියේ අමරවංශ හිමි, 9.30 භාවනාව, මෙහෙයවීම බියගම සුසීල හිමි, 10.30 ධම්ම පදය රන්සෑගොඩ සුමිත්ත හිමි, 11.45 දවල් සම්බුද්ධ පූජාව, රම්මලේ අරියවිසුද්ධි හිමි පස්වරු 12.45 සිල් ආවර්ජනය කිරීම, 1.00 පිරිත් සහ තෙරුවන් ගුණ, 1.30 ධර්ම දේශනය ශාස්ත්‍රපති කහවත්තේ ඤාණසීහ හිමි, 3.30 ධර්ම දේශනය, කොහොලංකල කෝවිද හිමි, 5.00 විශඛා කුළඟන සමිතියේ විශේෂ නිවේදන හා පුණ්‍යානුමෝදනා 7.00 ආශිර්වාදත්මක බෝධිපූජාව සහ බුද්ධ වන්දනාව, ලේනබටුවේ මිත්තාලෝක නාහිමි ප්‍රධාන මහා සංඝරත්නය.


රත්මලාන

රත්මලාන කඳවල පාරේ ශ්‍රී පුණ්‍යවර්ධනාරාමයේදී නිකිණි පොහොය දින දවස පුරා ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහලේ විශේෂඥ වෛද්‍ය චම්පා වැලිකල ජයසුන්දර මහත්මියගේ ප්‍රධාන මෙහෙයවීමෙන් ශීල සමාදානය පැවැත්වේ.

පෙරවරු 6.00 – 6.30 ශීල සමාදානය, 6.30 –7.00 බුද්ධ පූජාව, 8.00 – 10.30 පටිච්ච සමුප්පාදය, 10.30 – 11.00 බුදුගුණ භාවනාව, 11.00 – 11.15 දවල් බුද්ධ පූජාව පස්වරු 12.45 – 1.15 ආසිවිසෝපම සූත්‍රය, 1.15 –3.00 ආර්ය අෂ්ඨාංගික මාර්ගය (සතිපට්ඨාන සූත්‍රය) ධාතු මනසිකාර භාවනා අදාළව 3.30 – 4.00 ආනාපාන සති භාවනාව, 4.00 – 4.30 ආයතනය ඔස්සේ විදර්ශනා භාවනාව, 4.30 – 4.45 සාරාංශය, 4.45 –5.00 බුදුගුණ කවියෙන් , 5.15 – 5.30 පුන්‍යනුමෝදනාව සහ සිල් අලුත් කිරීම /පවාරණය වැඩසටහන් නිමාව . 7.00 –8.00 බෝධි පූජාව.


මහරගම සිරි වජිරඤාණ ධර්මායතනයේ වැඩිහිටි සීල සමාදාන වැඩ සටහන

මහරගම සිරි වජිරඤාණ ධර්මායතනයේදී නිකිණි පෝදා පැවැත්වෙන වැඩිහිටි සීල සමාදාන වැඩසටහන මෙසේය. පෝදා පෙරවරු 06.00 –07.00 සිල් සමාදන් කරවීම හා බුද්ධ පූජාව පැවැත්වීම බිබිලේ ඥාණසන්න හිමි.08.00 –09.00 භාවනාව -ශාස්ත්‍රපති පණ්ඩිත හක්මණ සුමණසිරි හිමි ,09.00-10.00 ධර්ම දේශනාව, ශාස්ත්‍රපති පණ්ඩිත බෙරළිහෙළ වජිරජෝති හිමි, 10.00-11.00 අභිධර්ම කතාව - පියදාස මුතුගම මහතා ,11.00 –11.15 බුද්ධ පූජාව පදවියේ මෙත්තාරාම හිමි , බංගලිදේශයේ සුමනවංස හිමි පස්වරු 12.30 12.35 විශේෂ නිවේදන හා පුණ්‍යානුමෝදනාව , 12.35-01.00 පිරිත් හා තෙරුවන් ගුණ කුමාර තැන්නේ චන්දානන්ද හිමි බියගම කමල ධම්ම හිමි. 01.00 –02.00 ධර්ම දේශනාව - මහනුවර අනිවත්ත පාරමිතා ධර්මායතනාධිපති ශාස්ත්‍රවේදී පණ්ඩිත බටපොල මේධානන්ද හිමි , 03.00 – 03.30 විශේෂ අනුශාසනාව - රත්මලාන මල්ලිකාරාමාධිපති අතිපූජ්‍ය වැලිගම ඥානරතන මහ නා හිමි, 04.00 –05.00 ධර්ම දේශනාව - දෙහිවල නැදිමාල පියරතනාරාමාධිපති ශාස්ත්‍රපති බලංගොඩ ධම්මානන්ද නාහිමි, 05.00 – 06.00 ධම්ම පදය ශාස්ත්‍රපති පණ්ඩිත පානදුරේ පසන්න හිමි 06.00 –06.30 බෝධිපූජාව සහ සිල් අලුත් කිරීම, මෙහෙයවීම ශාස්ත්‍රපති පණ්ඩිත හක්මන සුමණසිරි හිමි.


කැලණි තරුණ බෞද්ධ සමිතිය

කැලණි තරුණ බෞද්ධ සමිතිය මගින් පවත්වනු ලබන නිකිණි පෝදා පින්කම් මාලාවේ වැඩසටහන මෙසේය.

පෝදා පෙරවරු 6.30 සිල් සමාදන් කරවීම ගාල්ලේ කුමාර කාශ්‍යප හිමි, 7.00 බුද්ධ පූජාව, 8.15 භාවනා වැඩසටහන කැලණියේ අමිතසිරි හිමි, 9.15 ධර්මදේශනය දොඹගොඩ සාරානන්ද හිමි, 10.30 බුද්ධ පූජාව , මාකොළ පඤ්ඤාජෝති හිමි, පස්වරු දහම් දෙසුම 2.15 ධර්ම දේශනය, 4.00 ධර්ම දේශනය, 5.00 බෝධි පූජාව ඇටම්පිටියේ සිරි සාරානන්ද හිමි, 6.00 සිල් පවාරණය.


කුප්පියාවත්තේ ජයශේඛරාරාමය

කොළඹ 10, කුප්පියාවත්ත ජයශේඛරාරාම මහා විහාරස්ථානයේදී නිකිණි පුර පොහොයදා ශීල, භාවනා, ධර්ම දේශනා මාලාවක්, සල්පිට් හේවාගම දෙකෝරලයේ ප්‍රධාන අධිකරණ සංඝනායක ත්‍රිපිටකාචාර්ය තලල්ලේ සිරි මහින්ද නාහිමියන්ගේ ප්‍රධාන අනුශාසකත්වයෙන් හා විහාරස්ථ උපාසක උපාසිකා සමිතියේ පූර්ණ සංවිධායකත්වයෙන් දවස පුරා පැවැත්වේ. එදින පෙරවරු 6.00 –06.30 උපෝසථ ශීලය හා කෙටි අනුශාසනාව විහාරාධිකාරි රජවත්තේ වප්ප හිමි. 7.00 –7.30 සම්බුද්ධ පූජාව හා තෙරුවන් වන්දනාව, මෙහෙයවීම තලල්ලේ සිරි මහින්ද නාහිමි. 8.00 – 9.00 භාවනා වැඩසටහන මෙහෙයවීම රජවත්තේ වප්ප හිමි. 09.15 – 10.15 ධර්ම දේශනාව ගල්මඩුවේ විමලබුද්ධි හිමි. 10.30 –11.00 සම්බුද්ධ පූජාව, තලල්ලේ සිරි මහින්ද නාහිමි. 12.30 – 12.45 සෙත් පිරිත් සජ්ඣායනාව විමලදාස පෙරේරා උපාසක මහතාගේ ප්‍රධානත්වයෙන් 01.00 – 2.00 විහාරස්ථ උපාසක උපාසිකා සමිතියේ මාසික රැස්වීම තලල්ලේ සිරි මහින්ද නාහිමිගේ ප්‍රධාන අනුශාසකත්වයෙන් 2.15 – 3.00 භාවනා වැඩසටහන තලල්ලේ සිරි මහින්ද නාහිමි. 03.15 – 04.15 දක්වා ධර්ම දේශනය පදියපැලැල්ලේ ප්‍රඤ්ඤාජෝති හිමි. 4.30 – 5.30 ධර්ම දේශනාව බෙලිදෙණියේ සිරිනන්ද හිමි. 06.00 සිල් පවාරණය, තලල්ලේ සිරි මහින්ද නාහිමි. 7.00 – 7.45 මල්පහන්, ගිලන්පස සහිත සම්බුද්ධ පූජාව හා අටවිසි බුද්ධ පූජාව .8.00 – 9.00 රාත්‍රි ධර්ම දේශනාව


බොරැල්ලේ ගෝතමී විහාරය

බොරැල්ල ශ්‍රී ගෝතමී විහාරස්ථානයේදී නිකිණි පෝදා පැවැත්වෙන පින්කම් මාලාව මෙසේ ය.

පෝදා උදෑසන 6 ට සීල සමාදානය මෙහෙයවීම හා අනුශාසනාව කටුගහ පියදස්සී හිමි . 6.30 සම්බුද්ධ පූජාව 8.15 භාවනා වැඩසටහන මෙහෙයවීම ආටිගල අමිතදේව හිමි 9.45 බුදුසරණ පුවත්පත බෙදාදීම හසිත දියබලන ගේ සහ හා තිලංක දියබලනගේ විසිනි. 10 දහම් දෙසුම ශාස්ත්‍රපති මාමඬලේ විමල හිමි 11 . සම්බුද්ධ පූජාව පස්වරු 1.30 දහම් දෙසුම පණ්ඩිත අම්බුළුගල සුමංගල හිමි. 3 දහම් දෙසුම වහුමුවේ විජයවංස නාහිමි. 4.30 භාවනාව මෙහෙයවීම ආටිගල අමිතදේව හිමි. 6 අටවිසි බුද්ධ පූජාව ඤාණික්කුලමේ ධම්මපාල හිමි.


‍බත්තරමුල්ලේ සිරි සුදස්සනාරාම සදහම් සෙනසුන

බත්තරමුල්ල සිරිසුදස්සනාරාම සදහම් සෙනසුනේදී නිකිණි පෝදා පැවැත්වෙන පින්කම් මාලාව මෙසේය. පෝදා උදෑසන 6.00 – 7.00 සීල සමාදානය සහ අනුශාසනය, ආචාර්ය මිරිස්සේ ධම්මික නාහිමි, 7.00 – 7.30 තෙරුවන් වන්දනාව, 8.00 – 9.00 භාවනාව ආචාර්ය මිරිස්සේ ධම්මික නාහිමි, 9.45 – 10.45 ධර්මදේශනය , ආචාර්ය මිරිස්සේ ධම්මික නාහිමි, 11.00 – 11.15 තෙරුවන් වන්දනාව පස්වරු 12.30 – 1.00 සූත්‍ර සජ්ඣායනාව , අළුත්වෙල ධම්මසති හිමි, ධම්මජෝති හිමි, 1.00 – 2.00 ධර්මදේශනය, මීගොඩ සුඛිත හිමි, 2.00 – 3.30 ධර්ම සාකච්ඡාව , ෂේන් බ්ලොක් මහතා, 4.00 –5.00 ධර්මදේශනය, අළුත්වෙල ධම්මසති හිමි , 5.00 – 6.00 ධර්මදේශනය ශාස්ත්‍රපති තල්පත්වැව සද්ධාතිස්ස මාහිමි, ආචාර්ය මිරිස්සේ ධම්මික ස්වාමින් වහන්සේ විසින් රචිත, ප්‍රඥා ප්‍රභා සංවිධානය මඟින් ප්‍රකාශයට පත්කරන ධර්ම ග්‍රන්ථයක් මෙදිනද ධර්මදානයක් ලෙස උපාසක උපාසිකාවන්ට පරිත්‍යාග කෙරේ.


හුණුපිටිය ශ්‍රී විජයසුන්දරාරාම පුරාණ විහාරය

වත්තල හුණුපිටිය ශ්‍රී විජය සුන්දරාරාම පුරාණ විහාරස්ථානයේදී නිකිණි පෝදා පෙරවරු 6.00 සිට පසුදා අලුයම 6.00 දක්වා දාන, සීල, භාවනා , ධර්මදේශනා ඇතුළු පින්කම් රැසක් පැවැත්වේ. පෙරවරු 6.00 සිල් සමාදන් කරවීම 7.30 අනුශාසනාව විහාරාධිපති වලවෙල හේමානන්ද මාහිමි, 8.30 ධර්ම දේශනාව ගාල්ලේ සුධම්මචාරි සිල් මාතාව. 9.30 ධර්ම දේශනාව අළුගම සමිතඥාන හිමි. 10.15 භාවනාව මෙහෙයවීම වෑගල්ලේ රාහුල හිමි. පස්වරු 1.00 ධර්ම දේශනාව බුත්කන්දේ රතනජෝති හිමි. 2.00 ධර්ම දේශනාව අම්බලන්ගොඩ නන්ද හිමි. 3.00 පිරිත් දේශනාව . 4.00 ජාතක කථා දේශනය හුණුවල පියදස්සි හිමි. 6.00 අටවිසි බුද්ධ පූජාව රාත්‍රි 7.00 ධර්ම දේශනාව කහනාවිට සමිත ධම්ම හිමි රාත්‍රි 8.00 සිට රාත්‍රි 12.00 දක්වා ත්‍රිපිටකය ඇසුරින් ධර්ම සාකච්ඡාව පැවැත්වේ. එම පින්කම විහාරස්ථදායක සභාව, කාන්තා සමිතිය, දහම් පාසල, වෘත්තීය පුහුණු මධ්‍යස්ථානය මගින් සංවිධානය කර ඇත.


තලවතුගොඩ සංඝමිත්තාරාමය

තලවතුගොඩ, වැලිපාර, සංඝමිත්තාරාමයේ දී නිකිණි පුන් පොහෝ දින අළුයම 5. 30 ට විශේෂයෙන් සැකසූ ක්ෂීරපායාස අටවිසි බුද්ධ පූජාවක් පැවැත්වෙන අතර පෝදා පෙරවරු 6. 00 සිට පස්වරු 6. 00 දක්වා සීල භාවනා, ධර්ම දේශනා වැඩසටහන් පැවැත්වේ.

පෙරවරු 8. 00 – 9. 15 ඕපනායක නිරාශා දසසිල් මාතාව විසින් මෙහෙයවන භාවනා වැඩසටහනක් ද 9. 30 – 11. 00 රත්නපුරේ ආනන්දි දසසිල් මාතාව විසින් මෙහෙයවන භාවනා වැඩසටහනක් ද 11.00 දවල් බුද්ධ පූජාවෙන් අනතුරුව පස්වරු 12. 30 – 1. 00 ධම්මචක්කපවත්වන සූත්‍ර සජ්ඣායනය ද 1. 00 – 2. 15 වෛද්‍ය සම්පත් නානායක්කාර මහතා විසින් මෙහෙයවන ධර්ම සාකච්ඡාව හා භාවනා වැඩසටහනක් ද 2. 30 – 3. 30 මීගොඩ උත්තරා දසසිල් මාතාව විසින් මෙහෙයවන භාවනා වැඩසටහනක් ද 3. 30 – 4.30 කෑගල්ලේ විමංසා දසසිල් මාතාව විසින් මෙහෙයවන භාවනා වැඩසටහනක් ද තුන් සූත්‍ර දේශනය අවසානයේ සිල් පවාරණය සිදුකෙරේ.

සවස 6. 00 ට මල්, පහන්, ගිලන්පස අටවිසි බුද්ධ පූජාවක් මොරවක ශාන්ත හිමියන් විසින් පවත්වනු ලැබේ.


හොරේතුඩුව

මොරටුව හොරේතුඩුව පුරාණ ශ්‍රී ගංගාරාම මහා විහාරස්ථානයේදී විහාරාධිපති වැලිගම අනුරුද්ධ නාහිමියන්ගේ අනුශාසනා පරිදි විශේෂ සීල සමාදාන වැඩසටහනක් සහ පින්කමක් නිකිණි පෝදා දවස පුරා සිදු කැරේ.


සීල සමාදාන වැඩසටහන

පෝදා පෙරවරු 06.00 - සිල් සමාදන් කරවීම, බුද්ධ වන්දනාව සහ උදෑසන බුද්ධ පූජාව, විහාරාධිපති වැලිගම අනුරුද්ධ හිමි, 08.00 ධර්ම දේශනාව, කොරළවැල්ලේ වාලුකාරාම මහා විහාරාධිපති නැහින්නේ අරියඤාණ හිමි, 10.00 භාවනා වැඩසටහන මෙහෙයවීම හිරණ ප්‍රජාපති ආශ්‍රමයේ අධිපතිනි මහියංගණයේ විශාකා සිල් මාතාව 11.00 දවල් සම්බුද්ධ පූජාව, පස්වරු 01.00 සාමූහික පිරිත් දේශනාව 02.00 විශේෂ ගිහි දෙසුම අත්තිඩියේ නිහාල් පෙරේරා මහතා 03.30 භාවනා වැඩසටහන පලාතොට අමිතානන්දි මෙහෙණින් වහන්සේ 05.00 තෙරුවන් නැමදීම, බෝධි පූජාව සහ සිල් පවාරණය

එම බෝධි පූජා පින්කමේ ප්‍රධාන අරමුණ රට බේරාගත් අතිගරු ජනාධිපතිතුමා ප්‍රධාන ත්‍රිවිධ හමුදාවට සෙත් ප්‍රාර්ථනා කිරීමත්, රට වෙනුවෙන් දිවි පූජා කළ සියලුම ශ්‍රී ලාංකිකයන්ට පින් පැමිණවීමත්ය.


කතරගම කිරිවෙහෙරේ පින්කම්

කතරගම කිරිවෙහෙර රාජමහා විහාරස්ථානයේ නිකිණි පෝදා දවසපුරා පින්කම් රැසක් ඌව විශ්ව විද්‍යාලයේ කුලපති රුහුණු මාගම් පත්තුවේ ප්‍රධාන සංඝනායක කතරගම කිරිවෙහෙර රාජමහා විහාරාධිපති උපාධ්‍යාය ආචාර්ය අලුත්වැව සෝරත නාහිමියන්ගේ් අනුශාසනා පරිදි සිදුකෙරේ.

එදින උදෑසන උපාසක උපාසිකාවන් අටසිල් සමාදන් කරවීම මල් පහන් ගිලන්පස කිරි ආහාර පූජාව ශබ්ද පූජාව මධ්‍යයේ කිරිවෙහෙර චෛත්‍යය වටා ෂඩ් වර්ණ සාටකයක් පැළඳවීමේ කප්රුක් පූජාව පැවැත්වේ.

භාවනා වැඩසහන චෛත්‍යය මලුවේ පැවැත්වේ.

උදේ ධර්ම දේශනාව රත්තපුර මල්වල ශ්‍රී ඤාණභාෂා මහා පිරිවෙන් ආචාර්ය උඩුගල කන්දේ අරියරතන නාහිමියන් විසින් දුටුගැමුණු ධර්ම ශාලාවේදී පැවැත්වේ.

කිරිවෙහෙර රාජමහා විහාරස්ථ මහසේන සිල් සමිතියේ මල් පෙරහර කිරිවෙහර රාජමහා විහාරස්ථානයේ සිට අෂ්ඨඵල බෝධීන් වහන්සේ වෙතට ගොස් මල් පහන් පූජා කර බෝධීන් වහන්සේ සුවඳ පැණින් නහවා බෝධිපූජාව පැවැත්වීම අෂ්ඨඵල බෝධී තේවාව භාර කිරිවෙහෙර රාජමහා විහාරවාසී පූජ්‍ය මිද්දෙණියේ උදිත හිමියන් විසින් සිදුකර ශ්‍රී ලංකාවාසී සැමට සෙත් පැතීම සිදුකෙරේ. කිරිවෙහෙර චෛත්‍යය අටවිසි බෝ මලුවේ අටවිසි බුදුවරුන් වෙනුවෙන් බෝධි පූජාව රාත්‍රී 7.00 ට පැවැත් වේ.

කිරිවෙහෙර 3 වන මලුවේ සමීපයේ පහන් දස දහසක අලෝක පූජාව පැවැත්වෙන අතර සර්ව රාත්‍රීක පරිත්‍රාණ ධර්ම දේශනාව පසුදා පහන්වනතුරු විහාරස්ථ ධර්ම ශාලවේදී පැවැත්වේ.

කලුතර නීලගිරි මෝටර්ස් අධිපති අජිත් කරුණාතිලක කතරගම බෞද්ධ සංගමය, ගිලාන උපස්ථාන බෞද්ධ සමිතිය, මහාසේන සිල් සමිතිය හා විහාරස්ථ දායක සභාව එම පින්කම් කටයුතු සංවිධානය කර ඇත. ඊ.එච්. සෝමපාල, කතරගම විශේෂ


ජය සිරි මහ බෝ සමිඳුන් සෙවණේ දී දවස පුරා පින්කම්

නිකිණි පුන් පොහෝ දින පෙරවරු 6.00 සිට පසු දින පෙරවරු 6.00 තෙක් අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධි විහාරස්ථානයේ මහාවිහාර සන්නිපාත ශාලාවේ දී මහා විහාර පොහොය වැඩසටහන පැවැත් වේ.

පුන් පොහෝ දිනවල අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධි විහාරස්ථානටයට පෙහෙවස් සමාදන් වීමට පැමිණෙන සැදැහැවතුන් සඳහා අනුරාධපුර අටමස්ථානාධිපති සහ උතුරු මධ්‍යම දිසාවේ ප්‍රධාන සංඝනායක ආචාර්ය පල්ලේගම සිරිනිවාස නාහිමියන්ගේ අනුශාසනා පරිදි ජය සිරි මහ බෝ සමිඳුන් සෙවණේ දී පැවැත්වෙන විධිමත් පුන් පොහොය වැඩසටහන් මාලාවේ 32 වැනි පුන් පොහොය වැඩසටහන මෙය වේ.

නිකිණි පුන් පොහෝ දින පෙරවරු 8.00 ට මහා විහාර සන්නිපාත ශාලාවේදී අනුරාධපුර අටමස්ථානාධිපති සහ උතුරු මධ්‍යම දිසාවේ ප්‍රධාන සංඝනායක ආචාර්ය පල්ලේගම සිරිනිවාස නාහිමියන්ගේ අනුශාසනය පැවැත් වේ.

2600 සම්බුද්ධත්ව ජයන්ති වර්ෂය නිමිත්තෙන් වෙසක් පුන් පොහෝ දින ඇරැඹුණු සම්බුද්ධත්ව ජයන්ති පදවීතිහාර පූජාව සිවුවැනි වරටත් නිකිණි පුන් පොහෝ දින පස්වරු 5.15 ට අනුරාධපුර ජය සිරි මහා බෝ සමිඳුන් අබියස දී පැවැත් වේ.

නිකිණි පුන් පොහොය වැඩසටහනට ධර්ම දේශනා, භාවනා, ධර්ම සාකච්ඡා, බුද්ධ පූජාව සහ බෝධි පූජා ද ඇතුළත් වේ.

පුන් පොහොය වැඩසටහනට සහභාගි වී පෙහෙවස් සමාදන් වන පින්වතුනට උපෝසථ ශීලය රැකීමට අවශ්‍ය දානමානාදී පහසුකම් අටමස්ථානාධිපති නාහිමිපාණන් වහන්සේගේ අනුශාසනා පරිදි දානපතියන් විසින් සලසා දෙනු ලැබේ.

සම්බුද්ධත්ව ජයන්ති වර්ෂය නිමිත්තෙන් නිකිණි පුන් පොහොය දිනට පසු දින ආනුරාධපුර ජය ශ්‍රී මහා බෝධි විහාරස්ථානයේ දී විශේෂ භාවනා වැඩසටහනක් පැවැත්වීමට ද කටයුතු යොදා ඇත. අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධි විහාරස්ථානයේ මහාවිහාර සන්නිපාත ශාලාවේදී එදින පෙරවරු 8.00 සිට පෙරවරු 10.00 තෙක් පුරා පැය දෙකක් මෙම භාවනා වැඩසටහන පැවැත් වේ. භාවනා වැඩසටහන මෙහෙයවනු ලබන්නේ රෝහිත විජයතිලක මහතා විසිනි.


පොත්ගුල් විහාරය

මහනුවර කීර්ති ශ්‍රී පොත්ගුල් විහාරයේ නිකිණි පුර පසළොස්වක පෝදා ආගමික වැඩසටහන විහාරාධිපති ශාස්ත්‍රපති යටිනුවර සුමන නාහිමියන් විසින් උදේ 07.00 ට පෙහෙවස් සමාදන්වන උපාසක උපාසිකා පිරිස අටසිල්හි පිහිටුවීමෙන් ආරම්භ කෙරේ. දිවුලන්කඩවල, සීලානන්ද හිමියන් මෙහෙයවන භාවනා ධර්මදේශනාවක් ද, විදර්ශනා භාවනා, කාව්‍යමය ධර්මදේශනාවක් ද පිරිත් දේශනාවක්, ධර්ම සාකච්ඡාවක්ද එම වැඩසටහනට ඇතුළත් වේ.


කළුතර බෝධිය

කළුතර බෝධි පරිශ්‍රයේදී කළුතර බෝධි භාරකාර මණ්ඩලයේ මෙහෙයවීමෙන් නිකිණි පෝදා දවස පුරා ආගමික වතාවත් සිදු කැරේ.

පෝදා පෙරවරු 6.30 – 7.30 සිල් සමාදන් කරවීම හා තෙරුවන් වන්දනාව හා බුද්ධ පූජාව මෙහෙයවීම ගැටඅරළුවේ විපුලධම්ම හිමි. 8 –9.45 භාවනා වැඩසටහන මෙහෙයවීම පාදුක්කේ සද්ධාධජ හිමි. 10 -11.15 දහම් දෙසුම පිටිගල සිරිධම්ම හිමි. 11.15 අභයදාන පින්කම හා අනුශාසනය පලාතොට පඤ්ඤානන්ද හිමි. පස්වරු 1 –2 දහම් දෙසුම මාලිම්බඩ පඤ්ඤාසාර හිමි. 2.30 – 4 දහම් දෙසුම බොරලැස්ගමුවේ සතිමන්ත හිමි. 4.15 – 6 දේශනය මංකඩවල සුදස්සන හිමි, 6.15 – 6.45 පටිගතකළ බෝධි පූජාව පානදුරේ අරියධම්ම හිමි. 7-8 කේ.පරණවිතාන මහතා මෙහෙයවන නව අරහාදී පහන් පූජාව.


මහරගම සිරි වජිරඤාණ ධර්මායතනයේ තරුණ සීල වැඩ සටහන

මහරගම සිරි වජිරඤාණ ධර්මායතනයේ තරුණ සීල සමාදාන නිකිණි පෝදා වැඩසටහන මෙසේය. පෝදා පෙරවරු 6.00 –7.00 - සිල් සමාදන් කරවීම, අනුශාසනාව හා බුද්ධ පූජාව, ශාස්ත්‍රපති පණ්ඩිත හක්මන සුමනසිරි මාහිමි, 8.00 –9.00 භාවනාව, වැලිමඩ පසන්නමානස හිමි, 9.00 –10.00 ධර්ම දේශනාව ශාස්ත්‍රපති පනාමුරේ චන්දිම හිමි, 10.00 –11.15 පරෝපකාර සංග්‍රහය , ධර්ම දේශනාව හා බුද්ධ පූජාව ශාස්ත්‍රපති පණ්ඩිත මහඔය අනුරුද්ධ හිමි පස්වරු 12.25 – 12.30 විශේෂ නිවේදන හා පුණ්‍යානුමෝදනා , 12.30 –1.00 පිරිත් හා තෙරුවන් ගුණ කුමාරතැන්නේ චන්දානන්ද හිමි, 1.00- 2.00 ධර්ම සාකච්ඡාව – ශාස්ත්‍රපති පණ්ඩිත පානදුරේ පසන්න හිමි, 2.00 – 3.00 වෙසෙසි දෙසුම ආචාර්ය ප්‍රණීත් අබේසුන්දර මහතා 3.00 –4.00 ධර්ම දේශනාව ශාස්ත්‍රපති ඇත්කඳවක සද්ධාජීව හිමි, 4.15 – 5.00 ධම්මපදය, ගල්කිස්සේ සෝමානන්ද හිමි, 5.00 – 6.00 ධර්ම දේශනාව දියතලාවේ පියදස්සි හිමි, 6.00 – 6.30 බෝධි පූජාව මෙහෙයවීම ශාස්ත්‍රපති පණ්ඩිත හක්මන සුමනසිරි මාහිමි.


කොටුගොඩැල්ල පුරාණ විහාරය

මහනුවර, කොටුගොඩැල්ල පුරාණ විහාරයේ දී නිකිණි පෝදා ආගමික වැඩසටහන උදේ 06.00 සිට සවස 07.00 දක්වා පැවැත්වේ. විහාරාධිකාරී මාතලේ ශ්‍රී ගුණරතන පිරිවෙන් නියෝජ්‍ය පරිවෙනාධිපති ශාස්ත්‍රපති කෝන්වැවේ සුනන්ද හිමියන්ගේ මූලිකත්වයෙන් පෝදා වැඩසටහන ක්‍රියාත්මක කෙරේ.


කටුකැලියාව

අනුරාධපුර කටුකැලියාව මෛත්‍රී විහාරයේදී සැම මාස පෝය දිනයකම පිලැස්සේ විමලධජ හිමියන් විසින් භාවනා පන්තියක් පැවැත්වේ. උදේ 6 සිට සවස 4.30 දක්වා එම පින්කම පැවැත්වේ.


බම්බලපිටියේ වජිරාරාමය

බම්බලපිටියේ වජිරාරාමයේදි නිකිණි පෝදා වජිරාරාමාධිපති ත්‍රිකුණාමලේ ආනන්ද අනු නා හිමියන්ගේ අනුශාසනා පරිදි දවස පුරා පින්කම් මාලාවක් පැවැත්වේ.

පෝදා පෙරවරු 6-7.15 සීල සමාදානය අනුශාසනාව හා බුද්ධ වන්දනාව මෙහෙයවීම ත්‍රිකුණාමලේ ආනන්ද අනු නා හිමි 8 –9 දහම් දෙසුම බටපොළ මේධානන්ද හිමි. 9 –9.30 විශේෂ දහම් දෙසුම අග්ගමහා පණ්ඩිත අතිපූජ්‍ය වැලිගම ඤාණරතන මහ නාහිමි. 9.30 – 11 භාවනාව සහ අනුශාසනාව ගම්පහ පාසාදික හිමි. 11 බුද්ධ පූජාව මෙහෙයවීම පැරකුම්පුර විශාරද හිමි. පස්වරු 12.30 –1.15 සෙත් පිරිත් හා තෙරුවන් ගුණ සජ්ඣායනය කඹුරුගමුවේ මහානාග හිමි. 1.15 – 2.45 ධර්ම සාකච්ඡාව මෙහෙයවීම උග්ගොඩ ධම්මගරු හිමි. 3.15 – 4.15 දහම් දෙසුම දියතලාවේ පියදස්සි හිමි. 4.15 –5.15 ගිහි දෙසුම ආචාර්ය පී‍්‍රති කුලතුංග මහතා 5.15 –6.15 දහම් දෙසුම දර්ශනපති මඩිහේ සුගතසිරි හිමි. 6.15 – 6.30 අටවිසි බුද්ධ පූජාව.


වැල්ලවත්තේ ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය

වැල්ලවත්තේ ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථාන විහාරයේ නිකිණි පුර පසළොස්වක පොහෝ දින දවස පුරා පැවැත්වෙන ශීල සමාදානය මහරගම මහින්ද නාහිමියන්ගේ අනුශාසකත්වයෙන් පැවැත්වේ.

පෝදා පෙරවරු 06.00 – 07.00 ශීල සමාදානය අනුශාසනාව හා භාවනාව මෙහෙයවීම ගෞරව ශාස්ත්‍රපති මහරගම මහින්ද නාහිමි 07.00 – 08.00 උදේ බුද්ධ පූජාව 08.00 – 09.00 ධර්ම දේශනාව දෙහිවල හත්බෝධිය විහාරවාසී පයාගල නිමල හිමි 09.00 – 10.00 කොළඹ අරලියගහ මන්දිරයේ සිට විකාශනය වන ධර්මානුශාසනාව, 10 – 11.00 ආරාධිත දේශනය අර්ජුන වික්‍රමාරච්චි මහතා 11.00 – 12.00 දවල් බුද්ධ පූජාව. පස්වරු 12.00 – 1.00 පිරිත් දේශනාව, 1.00 – 2.30 භාවනා මෙහෙය වීම ගාමිණී පි‍්‍රයන්ත මහතා 03.00 – 04.00 ධර්ම දේශනාව බම්බලපිටිය වජිරාරාම වාසී මීගොඩ සුඛිත හිමි, 04.00 – 05.00 ධර්ම දේශනාව ශාස්ත්‍රපති කිරම ප්‍රේමානන්ද හිමි, 05.30 – 06.00 ගිලන්පස බුද්ධ පූජාව සහ සිල් පවාරණය ගෞරව ශාස්ත්‍රපති මහරගම මහින්ද නාහිමි.


උක්ගල්බොඩ

වස්සාන සමයට සමගාමීව පහන් පූජාවක් සමග විශේෂ බුද්ධ වන්දනා පින්කමක් නිකිණි පොහෝ දින සවස 4.00 ට ගම්පහ උක්ගල්බොඩ ධම්මාරාම යෝගාශ්‍රමයේදී පැවැත්වේ. නවගත්තේගම සුගතවංශ හිමියන්ගේ අනුශාසනා පරිදි වැඩසටහන මෙහෙයවන්නේ මහරගම ශ්‍රී වජිරඤාණ ධර්මායතනවාසි මකුළේමඩ සිරිනන්ද හිමියන් විසිනි.

 

නිකිණි පුර පසළොස්වක පෝය

නිකිණි පුර පසළොස්වක පෝය අගෝස්තු 12 වන දා සිකුරාදා අපර භාග 11.49 ට ලබයි.
14 වන දා ඉරිදා පූර්ව භාග 00.31 දක්වා පෝය පවතී.
සිල් සමාදන් වීම
අගෝස්තු 13 වන දා
සෙනසුරාදාය.

මීළඟ පෝය
අගෝස්තු 21 වන දා ඉරිදා ය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

අගෝස්තු 13

Second Quarterඅව අටවක

අගෝස්තු 21

New Moonඅමාවක

අගෝස්තු 28

First Quarterපුර අටවක

සැප්: 04


2011 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]