UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය - බොදු පුවත් (ඡායාරූප)

බොදු පුවත් (ඡායාරූප)
 

සම්බුද්ධත්ව ජයන්තිය නිමිති කරගෙන කිරුළපන රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ බෝධීන් වහන්සේ අභියස ඉදිකළ බෝධි ප්‍රාකාරය සහිත බුදු මැදුරේ බුදු පිළිම වහන්සේ තැන්පත් කිරීම හා ප්‍රථම මල්පහන් පූජාව ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ලක්‍ෂමන් යාපා අබේවර්ධන මහතාගේ් ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි. ඇමතිවරයා ප්‍රමුඛ ජනමාධ්‍ය හා ප්‍රවෘත්ති අමාත්‍යංශයේ ලේකම් ඩබ්ලිව්. බී.ගනේගල රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්‍ෂ ජනරාල් මහාචාර්ය ආරියරත්න ඇතුගල යන මහත්වරු මල් වට්ටි පූජා කිරීමෙන් ප්‍රථම මල් පූජාව සිදුකරන ලදී. එම අවස්ථාවට සංවර්ධන මාධ්‍ය මධ්‍යස්ථානයේ අධ්‍යක්‍ෂක ආරිය රූබසිංහ මහතා ද සහභාගි විය. ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ නිලධාරින් හා සේවක සේවිකාවන්ගේ දායකත්වයෙන් රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්‍ෂ ජනරාල් මහාචාර්ය ආරියරත්න ඇතුගල මහතාගේ උපදේශකත්වයෙන් බෝධි ප්‍රාකාරය හා බුදුමැදුර ඉදිකරන ලදී. දෙපාර්තමේන්තුවේ සේවකයන්ගේ සුබසාධක සංගමයේ අනුග්‍රහයෙන් බුදුපිළිම වහන්සේ මිලදීගෙන පොල්හේන්ගොඩ ඇලන් මැතිණියාරාමයේ සිට අලංකාර පෙරහරකින් වැඩම කරවන ලදී. මහා සංඝයා වහන්සේගේ පිරිත් සඣායනය මධ්‍යයේ බුද්ධ ප්‍රතිමා වහන්සේ තැන්පත් කළ අතර, ඉක්බිතිව උඩුවේ ධම්මාලෝක හිමියෝ ධර්මදේශනයක්ද පැවැත්වූහ. දහවල් සපිරිකර සංඝගත දක්‍ෂිණාවක් ද පිරිනමන ලදී.

 

නිකිණි පුර පසළොස්වක පෝය

නිකිණි පුර පසළොස්වක පෝය අගෝස්තු 12 වන දා සිකුරාදා අපර භාග 11.49 ට ලබයි.
14 වන දා ඉරිදා පූර්ව භාග 00.31 දක්වා පෝය පවතී.
සිල් සමාදන් වීම
අගෝස්තු 13 වන දා
සෙනසුරාදාය.

මීළඟ පෝය
අගෝස්තු 21 වන දා ඉරිදා ය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

අගෝස්තු 13

Second Quarterඅව අටවක

අගෝස්තු 21

New Moonඅමාවක

අගෝස්තු 28

First Quarterපුර අටවක

සැප්: 04


2011 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]