  
			56 වන කොටසබණ්ඩාර මඩුගල්ලේ 
			
			 
			242. මලිත්තියා දුච්චරිතං - මච්ඡේරං දදතො මලං 
			මලා වේ පාපකා ධම්මා අස්මිං ලෝකේ පරම්හි ච 
			 
			චරිතයේ ඇති කිලුට, උතුම් ළඳ, පිරිහෙලයි. මසුරුකම දානයට, මහා බාධා කරයි. 
			නිරන්තරයෙන් නැඟෙන පාපයේ සිතිවිල්ල, මෙලෝ පරලෝ දෙකේ, සැප නසා දුක වවයි. 
			හිතවතුනි, පාපයේ අයහපත් විපාකය දිවා රෑ දෙකේ දීම ඔබ වෙතම ඇදී එයි.  
			 
			243. තතො මලා මලතරං - අවිජ්ජා පරමං මලං 
			එතං මලං පහනත්වාන – නිම්මලා හොථ භික්ඛවො 
			 
			“අවිදු” බව ලෝකයේ, දරුණු මල වන්නේ ය. එයින් බැහැර වූ විට ඔබ නිමල වන්නේ 
			ය. හිතවතුනි, අවිදු බව, සෙමින් අඩු කිරීමෙන්, උතුම් වූ නිවන වෙත ඔබ 
			ළඟා වන්නේ ය. 
			 
			244. සුජීවං අහිරීකෙන – කාක සුරෙන ධංසිනා 
			පක්ඛන්දිනා පගබ්භෙන - සංකිලිට්ඨෙන ජීවිතං 
			 
			පවට කිසි බියක් නැති, අනුන් සතු දේ බුදින අසංවර තැනැත්තෝ, අයුතු ලෙස 
			සැප ලබති. 
			හිතවතුනි, තුන් දොරින්, අසංවර තැනැත්තෝ, මහා පව් කඳු සමඟ භව භෝග සැප 
			ලබති. 
			 
			245. හිරිමතා ච දුජ්ජීවං - නිච්චං සුචි ගවේසිනා 
			අලිනේනප්පගබේභේන - සුද්ධාජීවෙන පස්සතා 
			 
			හිරි ඔතප් නිති රකින තුන් දොසින් සුසංවර, තැනැත්තෝ නිසැකවම සැනසුම්ව 
			දිවි ගෙවති. 
			හිතවතුනි, අයුතු ලෙස, සැප ලබන තැනැත්තෝ, මෙලොව පරලොව දෙකේ, හදවතින් 
			දුක් විඳිති. 
			 
			මතු සම්බන්ධයි 
			 
			   |