UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

පැවිදි නම :-
සබරගමු විශ්ව විද්‍යාලයේ කුලපති විද්‍යාලංකාර ධර්ම
විද්‍යාලයාධිපති මහාචාර්ය කුඹුරුගමුවේ වජිර හිමි

වැඩ වසන පන්සල :-
කැලණිය විද්‍යාලංකාර පිරිවෙන

උපන් දිනය :-
1931 මැයි මස 02 වන දින

පියා :-
සී.එම්. අතුකෝරල මහතා

මව :–
එස්.ඒ. හීන් එතනා මාතාව

සහෝදර සහෝදරියන් :-
සහෝදරයන් පස් දෙනෙක් සහ සහෝදරියන් තුන් දෙනෙක් පමණි.

ගිහිකල නම :–
බන්දුල අතුකෝරල

මූලික අධ්‍යාපනය :-
කුඹුරුගමුවේ හල්වින්න විද්‍යාලය

උසස් අධ්‍යාපනය :–
1946 විද්‍යාලංකාර පිරිවෙනට ඇතුළත් වී පිරිවෙන්
අවසාන විභාගය දක්වාම අධ්‍යාපනය හැදෑරීම

1959 කැලණිය විද්‍යාලංකාර විශ්ව විද්‍යාලයට ඇතුළත්
වීම 1964 දී විශේෂ ශාස්ත්‍රවේදී උපාධිය ලබාගැනීම .

බෞද්ධ සංස්කෘතිය පිළිබඳව විශේෂ පාඨමාලාවක්
හදාරා උසස් පංති සාමාර්ථයක් ලබා ගැනීම

1974 පේරාදෙණිය විශ්ව විද්‍යාලයෙන් පශ්චාත් උපාධිය
ලබා ගැනීම (දළදා ඉතිහාසය හා සංස්කෘතිය පිළිබඳව
පර්යේෂණ කටයුතුවල යෙදීම. එම පර්යේෂණ
ග්‍රන්ථයට වසරේ සම්පාදිත උසස්ම කෘතිය ලෙස
හොඳම සාහිත්‍ය කෘතියට පිරිනමන රාජ්‍ය සම්මානය හිමිවීම (1984)

පැවිදිවීම :–
1943 ඔක්තෝබර් මස 10 වන දින

උපාධ්‍යායන් වහන්සේ :-
ඇකුල්ගම ශ්‍රී සංඝරක්‍ෂිත රේවතාභිධාන පහළ
දොළොස්පත්තුවේ ප්‍රධාන සංඝනායක නා හිමිපාණන් වහන්සේ.

ආචාර්යන් වහන්සේ :-
තඹගමුවේ රතනපාල නාහිමිපාණන් වහන්සේ

උපසම්පදා දිනය :–
1953 ජුනි මස 20 වන දින මහනුවර මල්වතු මහා
විහාර උපෝෂථාගාරයේදී

පළකළ කෘති :-

දළදා ඉතිහාසය සහ සංස්කෘතිය
1989 දළදා ඉතිහාසය භාරතීය පසුබිම
1990 පිරිවෙන් අධ්‍යාපනයේ පරමාර්ථ
1991 ධර්ම දේශකයකු ඉදිරියේ ඇති අභියෝගහා විශාල වශයෙන් පුවත් පත් සඟරාවලට ශාස්ත්‍රීය ලිපි සැපයීම

විදේශ ධර්ම දූත සේවය :–

ඉන්දියාව, නේපාලය, තායිලන්තය, සිංගප්පූරුව,
මැලේසියාව, ජපානය, ඇමරිකාව, කැනඩාව,
එංගලන්තය,ප්‍රංශය, ජර්මනිය, ස්විට්සර්ලන්තය,
ලාඕසය, චීනය, කොරියාව, රුසියාව යනාදී රටවල

තනතුරු ආදිය :-

කැලණිය විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්යවරයකු
ලෙස පත්වීම

කැලණිය විශ්ව විද්‍යාලයේ ශිෂ්‍ය උපදේශකවරයකු වශයෙන් කටයුතු කිරීම
ශිෂ්‍ය නිවාස පාලකවරයා වශයෙන් කටයුතු කිරීම

කැලණිය විශ්ව විද්‍යාලයේ ආචාර්යවරුන්ගේ
සංගමයේ ලේකම්වරයා වශයෙන් සේවය කිරීම

කැලණිය විශ්ව විද්‍යාලයේ ආදි විද්‍යාර්ථින්ගේ සංගමයේ
ප්‍රථම සභාපතිවරයා ලෙස දීර්ඝ කාලයක් සේවය කිරීම

1993 දී කැලණිය විශ්ව විද්‍යාලයේ ශ්‍රී ලංකා බෞද්ධ හා
පාලි විශ්ව විද්‍යාලයේ උප කුලපතිවරයකු ලෙස පත්වීම

විශ්ව විද්‍යාලයට නව පාඨමාලා හඳුන්වා දෙමින් සනාථන
සභා පීඨ සභා ආදි විශ්ව විද්‍යාලයේ අනිවාර්යය
අංගෝපාංගයන්ගෙන් සමන්විතව අනෙකුත් ජාතික
විශ්ව විද්‍යාලය තත්වයේ ආයතනයක් හැටියට
සංවර්ධනයට පත් කරමින් බෞද්ධ හා පාලි විශ්ව
විද්‍යාලයේ ශාඛා කොරියාව, මැලේසියාව, සිංගප්පූරුව
ආදි රටවල ඇති කිරීමෙන් ජාත්‍යන්තර වශයෙනුත්
විශ්ව විද්‍යාලය සංවර්ධනය වීම

කැලණිය විශ්ව විද්‍යාලයේ බෞද්ධ හා පාලි අධ්‍යයන
අංශයේ මහාචාර්යවරයකු වශයෙන් සේවය කොට
විශ්‍රාම ගොස් නැවත සබරගමුව විශ්ව විද්‍යාලයේ
කුලපතිවරයා වශයෙන් පත්වීම

ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ කාරක සභාවේ
සාමාජිකයකු ලෙසද මූලික අධ්‍යාපන ආයතනයේ පාලක
සභාවේත් කැලණිය විශ්ව විද්‍යාලයේ පාලක සභාවේත්
සාමාජිකයකු ලෙස කටයුතු කර තිබීම.

ජනාධිපති උපදේශකවරයකු වශයෙන්ද, ජනමාධ්‍ය
උපදේශකවරයකු වශයෙන්ද, ලෝක සංඝ
සම්මේලනයේ සාමාජිකයෙකු ලෙසද, ජනවාර්ගික
ගැටලුව පිළිබඳව ජනාධිපති උපදේශන සභාවේ
සාමාජිකයකු ලෙස කටයුතු කර ඇත.

සියලු ආගම් හා ජාතීන් අතර සමගිය ඇතිකිරීම මූලික
කරගෙන සර්ව ආගමික සංවිධාන ඇතිකිරීම සඳහා
පුරෝගාමිත්වය දැරීම

භික්ෂුණී උපසම්පදාව ඇතිකිරීමට මූලිකව කටයුතු කිරීම

ඇසළ අමාවක පෝය

ඇසළ අමාවක පෝය ජූලි 30 වන දා සෙනසුරාදා පූර්ව භාග 02.03 ට ලබයි.
31 වන දා ඉරිදා පූර්ව භාග 00.08 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජූලි 30 වන දා සෙනසුරාදා ය.

මීළඟ පෝය
අගෝස්තු 06 වන දා සෙනසුරාදා ය.


පොහෝ දින දර්ශනය

New Moonඅමාවක

ජූලි 30

First Quarterපුර අටවක

අගෝස්තු 06

Full Moonපසෙලාස්වක

අගෝස්තු 13

Second Quarterඅව අටවක

අගෝස්තු 21

2011 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]